චීන පොහොර නැවට මුදල් ගෙවන්න සූදානම්.. එය ගෙවිය යුතුයි..- මහ බැංකු අධිපති

November 1, 2021 at 10:40 am | lanka C news
චීන පොහොර නැවට මුදල් ගෙවන්න සූදානම්.. එය ගෙවිය යුතුයි..- මහ බැංකු අධිපති

ආන්දෝලනයකට ලක්ව තිබෙන මෙරටට ගෙන්වා ඇති පොහොර තොගය ගෙන්වන ලද චීන සමාගමට විවෘත කර ඇති ණයවර ලිපිය සඳහා ලියකියවිලි සම්පූර්ණ නම් මුදල් ගෙවීම සිදුවන බව මහබැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

ජාත්‍යයන්තර වෙළෙඳ ගනුදෙනු ජාත්‍යන්තර ප්‍රමිතින් මත සිදුවන නිසා ඒ අනුව ලියකියවිලි අංගසම්පූර්ණ නම් ගනුදෙනුව සිදුවන බවද ඔහු පැවසීය.

ඒ අනුව කටයුතු කිරීමට මහජන බංකු සූදානම් බවද පැවසූ කබ්රාල් මහතා අදාල ගෙවීම් නොකළේය මහජන බැංකුවේ වරදක් නිසා නොව නීතියෙන් පනවන ලද තහනමක් නිසා බවත් මෙම ගැටුම සම්බන්ධයෙන් මහජන බැංකුවේ සම්බන්ධයක් නැති බවත් පැවසීය.

අදාල ණයවර ලිපියට ඇමරිකානු ඩොලර් මිලියන නවයක් ගෙවිය යුතුව ඇති බවත් ගැටලුව විසඳාගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා දිගටම සිදුවන බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

65,468 views

49 Comments to “චීන පොහොර නැවට මුදල් ගෙවන්න සූදානම්.. එය ගෙවිය යුතුයි..- මහ බැංකු අධිපති”

  1. Buddhist says:

    How much of Chinese commission came with the poisonous fertilizer?

  2. 0.069 min biyyo says:

    මුගෙ අම්මගෙ අප්පගෙ බුදලයෙන්ද ගෙවන්න කියන්නෙ දහජරාව ගෙනල්ල… රාජපක්ෂලාටම හරියන හොර තක්කඩියෙක් මූ.
    LC එකක් open කර බඩු ගෙන්වීමේදී එම භාණ්ඩ නැවුගත කළාටපසු එයට අදාළ Original Invoice, packing List,Insurance Policy,and Original B/L 1st and second third copy බැංකුවට Shipper විසින් Surrender කළයුතුයි ඒ ඔවුගේ ලැබිය යුතු මුදල් ඉල්ලුම් පාර්ශයෙන් ලබාගැනීම පිණිස.එයට පසු අනිවාර්යෙන්ම එම ගෙවීම ලංකාවේ මෙම L/C Open කල කුමණ බැංකුවක් හෝ වේවා ගෙවීම සිදුකළයුතුයි.නමුත් මෙතන තිබෙන්නේ ඒ ගෙවීම් පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි.විශේෂයෙන්ම මෙවැනි පොහෝර වැනි රටේ පරිහරණය කිරීමට,ගෙන්වීමට ප්‍රථම අනිවාර්යෙන්ම ඒ Supplier ගෙන් sample ගෙන්වා පරීක්ෂණය කළයුතුයි රටේ කෘෂිකර්මයට අදාළ විෂයභාර විද්වතුන්ගේ අවධාණයට,සහා අධීක්ෂණයට ලක්කිරීමට එයට පසු ඔවුන්ගෙන් ලැබෙන ඒ සහාතිකය මත එයින් කෝපියක් සමග ණයවර වලට ගෙන්වන අයාතනය මගින් condition ඇතුලත් කළයුතුයි මෙම LC ණයවරයට. නමුත් දැන් මෙතැනදී වෙලා තිබෙන්නේ ඒ කිසිම දෙයක් පිළිවලට අනුගමණය නෝකොට ගෙන්වීමට කටයුතු කිරීමයි.මෙය ජාතික අපරාධයකි

    • sam says:

      Methana thiyena anith prashne, api thama danne na kawda saha kage anakatada meh LC eka open kare kiyala. Eka bay yek, ekath justify karanna haduwa comment section eke.

  3. iceberg slim says:

    මචන් මට යුරෝපේ ට සල්ලී යවාගන්න බැරුව ඉන්නේ … මම මේ බැලුවේ ජහමන එකෙන් ඉම්පෝර්ට් LC එකක් open කරගත්තොත් වැඩේ කරගන්න පුළුවන් වෙනවා …. , මොනාහරි නොවටිනා ජහ ජරාවක් පටෝලා කොන්ටෙනර් එකක් ගෙන්න ගන්න නෙව තීන්නේ ,

    කොන්ටෙනරේ එන්නේ නැතුවත් වැඩේ කරතහැකි , මම දන්නා විදිහට , රුපියල් පිට රටකට transfer පාරක් දාගන්න

  4. Thadoriya says:

    Ow oba tuman latanam mokada. $$$ sakuwata wahtanawa nhe. Janatawa api tamai paw. Owa pariksa nokarana taramata oba tuman late hodai..

Main News