චීන පොහොර නැව ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන්නේ කෙසේදැයි සිතා ගන්න බෑ..- ආරක්‍ෂක ලේකම්

November 11, 2021 at 3:00 pm | lanka C news
චීන පොහොර නැව ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන්නේ කෙසේදැයි සිතා ගන්න බෑ..- ආරක්‍ෂක ලේකම්

චීන පොහොර නෞකාවක් මෙරටට පැමිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ කෙසේදැයි තමනට සිතාගත නොහැකි බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

අදාළ චීන නෞකාවේ ඇති පොහොර භාවිතයට නුසුදුසු බවට කරුණු වාර්තා කිරීම නිසා එම පොහොර මෙරටට භාරගැනීම රජය විසින් තහනම් කර ඇතැයිද ඔහු පැවසීය.

එම නරව දින කිහිපයකින් මෙරටින් පිටත්ව යනු ඇති බවද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.

37,141 views

26 Comments to “චීන පොහොර නැව ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන්නේ කෙසේදැයි සිතා ගන්න බෑ..- ආරක්‍ෂක ලේකම්”

  1. kadathulas says:

    අපිටත් හිතා ගන්න බැ ඔච්චර නුගත් කෙනෙක් කොහොමද ආරක්ෂක ලේකම් උනේ කියලා
    මෙයාල රට බේරගත්ත කියලා විස්වාස කරන උන් ඉන්නවද තවත් රටේ ?

Main News