චීන පොහොර සමාගම ලංකාවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරුවේ නඩු දමයි…

December 6, 2021 at 10:00 am | lanka C news
චීන පොහොර සමාගම ලංකාවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරුවේ නඩු දමයි…

ශ්‍රී ලංකාවට කාබනික පොහොර තොගයක් එවන ලද චීන සමාගම විසින් එම නෞකාව මේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඉවතට ගෙන ගොස් තිබේ.

ඔවුන් තමන්ගේ පොර තොගය ශ්‍රී ලංකාවේ භාර නොගැනීම හේතුවෙන් සිදු වූ අලාභය ඉල්ල ඉල්ලමින් සිංගප්පූරුවේ බේරුම්කරණයට පැමිණිලි කර ඇත.

ඩොලර් මිලියන 8ක වන්දි මුදලක් ඔවුන් ඉල්ලා ඇති අතර නැව් ගාස්තු හා නඩු ගාස්තුුද ශ‍්‍රී ලංකා රජයෙන් අයකර දෙන ලෙස ඉල්ලා ඇත.

එම කාබනික පොහොර තොගයේ අහිතකර ක්‍ෂුද‍්‍ර ජීවීන් සිටින බවට හෙලිවීමෙන් පසු ශ්‍රී ලංකාව එම පොහොර තොගය භාරගැනීම ප්‍රතික්ෂේප කරන ලදී.

30,225 views

12 Comments to “චීන පොහොර සමාගම ලංකාවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරුවේ නඩු දමයි…”

  1. Saleem says:

    යුරෝපයේ තිබෙන ප්‍රකට තෙවන පාර්ශවීය ස්වාධීන රසායනාගාරයකින් පරීක්ෂණ වාර්තාවක් ගත්ත නම් වැඩේ ඉවරයි. රට පාලනය කරන හැම එකෙක්ම හොරෙක් නිසා ඔය සරල දේ කරේ නෑ. මහ කාලකණ්නි දූෂිත රොත්තක් අතට පත් වෙලා මේ රට විදින දුකක්!

    • kalinma says:

      මේ යකා මට පේන්නෙ නැවේ තියෙන පොහොර තොගේ ඇතුලෙ ඉන්න බැක්ටීරියාවක්ද කොහෙද !!! අපි කවුරුවත් ඔය නැව නිසා දුක් විඳින්නෙ නෑ. අපේ නිළධාරීන් හරි ස්ථාවරේ හිටියා. ආණ්ඩුව ඒකට අත පෙව්වෙ නෑ. අදටත් හන්දියේ කඩේ එළවළු හාල් පොල් තියෙනවා. පොහොර නෑ කියලා කෑමොර දෙන සුළු කම්මැලි සෙට් එක කවදත් කෙටි ක්‍රමේට යන හොරු. කොහොමත් ගිය අවුරුදුවලත් මේ කාලෙට ගාන වැඩියි. ඒකට විසඳුමක් හොයාගන්න ඕනෙ. වෙන ජීවත්වෙන්න බැරි කරුමයක් මේ රටේ නෑ. තොපි වගේ ළිං මැඩි සෙට් එකකට විතරයි හිතේ අමාරුව.

    • Damian says:

      පාලකයෝ නොවේ මේ ගොං වලේ රට දැම්මේ බොරු ටෙස්ට් කර ඒවා ඇත්ත ලෙස පෙන්වා රට රැවටු නිරෝදයන පණ්ඩිත යන්.

  2. ජේවීපී කුක්කා says:

    මේ සිද්දිය නොවන්නට චීනය ලන්කාවෙ හොඳ මිතුරෙක්. නමුත් මේ ගූ නැවක් නිසා අනවශ්‍ය විරසකයක් හැදිලා. ලන්කාව චීනයට ලංවෙනවාට කැමති විශාල පිරිසක් ලන්කාවෙ ඉන්නවා. මේ අසූචි වෙනුවට රසායනික පොහොර චීනයෙන් ගෙන්නුවා නම් හොඳයි. ඇමරිකාව කිට්ටු කරගත් සෑම රටක්ම අද වනවිටත් විනාශ වී හමාරය.

  3. Ayotallah says:

    The Cheena has left Sri Lanka shores with their Poisonous consignment. We have to inform the arbitration panel that it is poisonous and if sprayed the soil will get contaminated for 100 years and we rejected the consignment on advice of Sri Lanka National Plant Quarantine Service. If any case we lose the case the penalty has to be paid by those who signed the deal and certainly not public funds

  4. නඩ්ඩා says:

    ලංකාවේ ශාඛ නිරෝධායන එකේ ඉන්න පිස්සන්ට ඕක ගෙවන්න කියාපිය !

  5. Sam says:

    This govenment is only good at covering and defending criminals and frauds, not even a name get released.
    We dont know
    Who opened the LC this shit
    Who dealt the nano nitrogen
    Who changed the LPG composition

    Zero accountability.

  6. සවාධීන says:

    නඩු දමන්න ඕන මෙය ආනයනය කල සමාගමට මිස ලංකාවෙ රජයට නෙවෙයි. රජය ආනයනය කලා නම් තමයි රජයට නඩු දාන්න ඕන. රජය ආනයනය කලා නම්, සාම්පල පරීක්ෂාන අනුමතිය වාර්තාව ඕන. අනුමත කල නිලධාරීන් ගේ වත්කමි වලින් ගෙවන්න, දේපල වෙන්දේසි කර ගෙවන්න. අසරණ මිනිසුන් ගේ ඇගේ චීන ගු පටවන්න එපා .

Main News