චීන රජයේ ඉහලම පිරිසක් මහින්ද-ගෝටා හමුවේ..
September 19, 2019 at 12:40 pm | lanka C news
චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන බල මණ්ඩල සභික චෙන් chen මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක කාර්යාලයේදී (18) පස්වරුවේ දී හමුවිය.
හම්බන්තොට වරාය මෙන් ම වරාය නගර ව්‍යාපෘතිය ගරු මහින්ද රාජපක්ෂ මහතා හා චීන ජනාධිපතිවරයා මුල් වී ආරම්භ කළ ශ්‍රී ලංකාවට මෙන් ම චීනයට ද ඉතා ඵලදායී ව්‍යාපෘතින් බව මෙහිදී චෙන් chen මහතා පැවසීය.
එමෙන් ම හම්බන්තොට වරාය දකුණු ආසියාවටම ඵලදායි ව්‍යාපෘතියක් බවත් එමගින් නව නාවික මුහුදු ගමන් මාර්ගයක් ප්‍රවර්ධනය කිරීමට හැකිවූ බව ද ඒ මහතා පැවසීය.
විධිමත් නීතිමය රාමුවක් තුළින් මෙම ව්‍යාපෘතින් කඩිනම් ක්‍රියත්මක වන බව චීන රජය බලාපොරොත්තුවන බව වැඩි දුරටත් පැවසීය .
එමෙන්ම නව තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබා දීම තුලින් මංමාවත් විදුලිය මෙන් ම පානීය ජල ප්‍රශ්න වලට විසඳුමක් සහ නව රැකියා උත්පාදනයට අත දීමට චීන රජය බලාපොරොත්තුවන බවද පැවසීය. ඉදිරියටත් ශ්‍රී ලංකාව සමග සුහදව මෙන්ම ඉතා මිත්රශීලීව කටයුතු කිරීමට චීන රජයේ අපේක්ෂාව බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය .
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තම පාලන කාලය තුළ ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමට චීන රජය ලබා දුන් ගැන මෙහිදී ස්තුති කළේය.
පසුගිය වසර හතර හමාරක කාලය තුළ තම රජය ආරම්භ කරන ලද සංවර්ධන ව්‍යාපෘතීන් අඩාල වූ බවත් ඉදිරියේදී පත්වන තම රජයක් තුළින් එම ව්‍යාපෘතීන් කඩිනම් සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බව මෙහිදී සඳහන් කළේය.
මෙහි දී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය ජීඑල් පීරිස් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චීන කොමියුනිස්ට් පක්ෂයක් සමග සුහදශීලීව මෙන්ම සහයෝගයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වන බව මෙහිදී පැවසීය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල,පවිත්‍රා වන්නිආරච්චි,ලොහාන් රත්වත්තේ,ෂෙහාන් සේමසිංහ,දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්ම මහත්මීන් හා ශ්‍රී ලංකාවේ චීන තානාදිපති (chen xueyuan) මහතාද එක්විය.
– MR Media Center
Oyagollo ekathuwela hadala thiyanna ayeth napunsaka UNP un path unu gaman vikunagena kanna hariyata kuddo gewal wala dewal horakan karala vikunannawa wage.
මොංගල් නමති නපුන්සක වීම ආඩම්බරකමක් ලෙස සලකන වසලයා ඇමරිකානු සි අයි ඒ ඒජන්තයෙකි මු තනිකරම මේ රට බටහිරට බිලිදීමට ක්‍රියාකරන ජඩයෙකි .මේ ජඩයාට සිංහල බෞදයන් හා කතෝලිකයන් කිසිසේත්ම රුස්සන්නේ නැත ඔහු ඇමරිකානු කුලී කාරයන් වන කොටි හා මුලධරමවාදී මුස්ලිමුන්ට ආදාර අනුබල දෙන්නේ එනිසයි
ලෝකයේ වැඩිම බෞද්ධයින් වෙසෙන රට
ලොව පුරා වැඩිම බෞද්ධයින් වාසය කරන රට ලෙස චීනය වාර්තා වන අතර live population වෙබ් අඩවියට අනුව මේ වන විට චීනයේ බෞද්ධයින් 249,984,513 ක් වෙසෙන අතර එය චීන ජනගහනයෙන් 25.2% ක් ලෙස සඳහන්.
පොල් ගස් නගින උන්ද බන්
නැහැ අර මිනිහෙක්ගේ ඉල ඇටෙන් ගැහැණියෙක් හැදුවේ නැතිනම් පස්වලින් මිනිහෙක් හදලා නහයට හුස්ම හැරියේ
;NE BAN UBA WAGE LIDE INNA MADIYO BAN”.
පරණ සෙට් එක
චීන රජයෙන් නෙළුම් කුළුණ වංචාව ගැන හොයන්න පත් කල ජනාධිපති කොමිසමේ කට්ටියක්ලු ඇවිල්ලා තියෙන්නේ මේ අයගෙන් කට උත්තර ගන්න.