චූදිතයාම තමන්ගේ නඩුව අසාගෙන තීන්දුවත් දෙයි.. පරීක්ෂණ, විමර්ෂණ කිසිත් නෑ..
September 27, 2016 at 10:00 am | lanka C news
කොලඹ දිස්ත්‍රික්කයේ ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත් කර ඒ සදහා ජනාධිපති කාර්යලයෙන් වාහනයක් ලබා දීම කිසිසේත්ම පොදු දේපල අවභාවිතයක් නොවන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි.
වාහනයක් ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අදාල ලිපිය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයට යොමු කර ඇත්තේ ජනාධිපති කාර්යාලයේ වාහන හිගයක් ඇති නිසා බවද පවසන මන්ත්‍රී වර්ණසිංහ මෙය කිසිසේත්ම නීති විරෝධී තත්වයක් නොවන බවද සදහන් කරයි.
කෙසේ වෙතත් මේ පිලිබද අදහස් පල කරමින් ඒකාබද්ද විපක්ෂයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ ගිය රජය සමයේ මේ හා සමානම චෝදනා එල්ල වූ විපක්ෂ දේශපාලඥයින් රිමාන්ඞ් කර තවත් අයට පරීක්ෂණ කරමින් පැවතෙද්දී වත්මන් ආණ්ඩුවේ දේශපාලඥයෙකුට එම චෝදනාවම එල්ල වූ විට පරීක්ෂණ ප්‍රශ්ණ කිරීම් කිසිත් නැතිව චූදිතයා විසින්ම නඩුව අසා තීන්දුවද දීම පුදුම සහගත බවයි.
වීරවංශ කළොත් තමයි අවභාවිතය…….
නඩුත් හාමුදුරුවන්ගෙ….. බඩුත් හාමුදුරුවන්ගෙ……
පුදුම නීතියක්නෙ!!
Mun balan indeddi pirihenawa. ohoma yan…
එහෙම කොහොමද? එහෙනම් විමලුත් වැරැද්දක් කරලා නැහැ කියලා FCID එක විමල්ගේ file එක වහන්න ඕනේ.
ඒවා හරියන්නේ නැහැ. නිශාන්තවත් FCID එක ප්‍රශ්න කරන්න ඕනේ. එක දවසට පැය 7ක් ගානේ. ඊට පස්සේ ඊළඟ දවසෙත් ආපහු පැය 7ක් ප්‍රශ්න කරන්න ඕනේ. එකම කාරණාවට විමල්ට එක නීතියකුත් නිශාන්ත වර්ණසිංහට වෙන නීතියකුත් වුනේ කොහොමද? විමල් වැරැද්ද පිළිගත්තේ නැහැ. හැබැයි නිශාන්ත වැරැද්ද පිලි අරන් තියෙනවා ප්‍රසිද්ධියේ. ඒ නිසා FCID එක අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. නිශාන්ත කොහොමද කියන්නේ ඒක මුදල් අවභාවිතයක් නෙමෙයි කියලා? විත්ති කාරයන්ට නඩු අහන්න බලය දුන්නේ කවදා ඉඳන්ද? FCID පොතේ හැටියට ඕක කෙලින්ම මුදල් විශුද්ධිකරණයක්. අපි ඔය පොතේ වැඩ ඕනේ තරම් කලින් දැකලා තියෙනව.
It was the government which formed the FCID. The law makers can’t be law breakers. There is unbelievable bias and injustice against Opposition MPP. Where is the justice in this country?
(Wimal, I want to give you a high five. Super! )
වර්ණ ගැන්වූ පලියට නරියකු සිංහයකු වන්නේ නැත.ලී පාට කල පමණින් කිසිවකු රණ කාමියකු වන්නෙත් නැත.රණ කාමියකු කිසි දිනක වක ගසන්නේද නැත.හෙළයේ උරුමය රකින්නට තියා තමන්ගේ උරුමයවත් රැක ගන්නට නොහැකි පච ඔස්තාර්ලාට දිට්ඨ ධම්ම වේදනීය කරුමය පඩිසන් දී ඇත.වෛරයේ හා ක්‍රෝධයේ බිජුවට වපුරා වස විස නැති අස්වැන්නක් බලාපොරොත්තු වූ සුභද්‍රලා ආගිය අතක් නැත.විශ්ව දහම හැමටම වඩා බලවත් බව නැවතත් ඔප්පු කර ඇත.
bhawithaya saha awabhawithaya yanu ekak nowa dekak……