චෙන්සෝ යන්ත්ර ලියාපදිංචිය පොලිසියෙන් අරඹයි.. බලපත්රයක් හා අංකයක්..
February 24, 2019 at 5:30 pm | lanka C news
රට තුල නිති විරෝධි ලෙස හා විශාල පරිසර හානියක් සිද කරමින් සිදු කරන ගස් කැපිම පාලනය කිරිම සදහා ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත චෙන්සෝ යන්ත්ර ලියාපදිංචි කිරිම මේ වන විට ආරම්භ කර ඇත.
සැම පොලිස් ස්ථානයක මගින්ම චෙන්සෝ යන්ත්ර මේ මස 28 වෙනි දින දක්වා ලියාපදිංචි කරන අතර පොලිසිය වෙත ඉදිරිපත් කරන චෙන්සෝ යන්ත්ර සම්පුර්ණයෙන්ම පරික්ෂා කර බලා එම චෙන්සෝ යන්ත්රයට පොලිසිය මගින් විශේෂ ස්ටිකරයක් අලවා එම චෙන්සෝ යන්ත්රය අයිතිකරුව පොලිසිය මගින් ලියාපදිංචි කර එම චෙන්සෝ යන්ත්රය ලග තබා ගැනිම සදහා පොලිසිය මගින් බලපත්රයක්ද නිකුත් කරනු ලබයි.
ගස් කපා ඉවත් කිරිමට නිතියානුකුලව අවසරය ලබා ගන්නා සැම කොන්ත්රාත්කරුවෙකු හෝ පුද්ගලයෙකු එම ගස් කපා ඉවත් කිරිමට භාවිතා කල යුත්තේ ලියාපදිංචි චෙන්සෝ යන්ත්රයක් පමණක් බව පොලිසිය පවසයි.
ලියාපදිංචි නොකරන ලද සියළුම චෙන්සෝ යන්ත්ර පොලිස් භාරයට ගැනිමට කටයුතු කිරිමටද නියමිතයි.
සැම පොලිස් බල ප්රදේශයකම චෙන්සෝ යන්ත්ර ලියාපදිංචි කිරිමෙන් අනතුරුව එම චෙන්සෝ යන්ත්ර අයිතිකරුවන් පිලිබදව නාම ලේකනයක් රජයේ වගකිය යුතු ආයතන කිහිපයකටම පොලිසිය මගින් ඉදිරිපත් කිරිමට නියමිතය.
– හැටන් රංජිත් රාජපක්ෂ
දුප්පතාගේ බඩට ගහන හිටන්ව පන්නමු.