චොකා මල්ලිට පාර්ලිමේන්තු සැසියට සහභාගී වීමට හෝ ඡන්දය දීමට අධිකරණයෙන් දන්වා නෑ..?

September 9, 2020 at 1:20 pm | lanka C news
චොකා මල්ලිට පාර්ලිමේන්තු සැසියට සහභාගී වීමට හෝ ඡන්දය දීමට අධිකරණයෙන් දන්වා නෑ..?

මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර සිටියදී මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සඳහා අභියාචනාධිකරණය විසින් අවසර දුන් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගි වීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මතුව තිබෙන බව විපක්‍ෂය පවසයි.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ අභියාචනාධිකරණය විසින් අවසර දී ඇත්තේ ප්‍රේමලාල් ජයසේකර මහතාට මන්ත්‍රීවරයෙක් ලෙස දිව්රුම් දීමට පමණක් බවයි.

නමුත් ඉදිරි පාර්ලිමේන්තු සැසිවාර වලට සහභාගී වීම සහ පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රිවරයෙක් ලෙස ඡන්දය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ කතානායක වරයා බව අදාල අභියාචනාධිකරණ තීන්දුවේම සදහන්ව ඇතැයිද ඔහු සඳහන් කළේය.

එනිසා කතානායකවරයා පාර්ලිමේන්තුවේ ගරුත්වය රැකෙන ලෙස තීන්දුවක් ගත යුතු බවද ඔහු කියා සිටියේය.

මීට පෙර මරණ දඬුවම හිමිවූ කිසිවකු පාර්ලිමේන්තුව නියෝජනය කරන්න නැති බවත් ඔවුන්ට පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ සැසිවාරයට සහභාගි වීමට අවස්ථාවක් ලැබී නැති බවත් පැවසූ ඔහු මෙය ඉතා නරක පූර්වාදර්ශයක් වනු ඇතැයිද කියා සිටියේය.

67,630 views

32 Comments to “චොකා මල්ලිට පාර්ලිමේන්තු සැසියට සහභාගී වීමට හෝ ඡන්දය දීමට අධිකරණයෙන් දන්වා නෑ..?”

  1. මිනීමරුවා says:

    අවුලක් නෑ 224 ක් මිනීමරුවො ඉන්න තැනට තව එකෙක් ආව කියල ප්‍රශ්නයක් වෙනවයෑ. ආ වැරදුනා තාම 222 යි. දෙන්නෙක් තාම පොරකනවා.

  2. Seppita horen kotan thatta orwin says:

    Mey theenduwa deepu eka ella mariya uthuii.

    • kkuruwita says:

      උසාවි තීන්දුව හරියට කියවගන්න. ඇපෑලක් ඉදිරිපත්කල ගමන් වරදකරු රිමාන්ඩ් බාරයට පත්වන නිසා ඔහු ඊට පසු යටත්වන්නේ එම තත්වයටයි. රිමාන්ඩ් සිරකරුවකු ලෙස සලකා ඔහුට දී ඇති තීන්දුව ඉතා පැහැදිලියි. මේ දෙස දේසපාලන ඇසකින් නොබැලිය යුතුයි. කතානයක එම තීන්දුව පැහැදිලිවම ප්‍රකාශ කලා.

  3. රට වෙනුවෙන් says:

    චොකා මල්ලියා වහාම කථානායක කරනු!

    සාහිත්‍යශූරී දන්ත වෛද්‍ය ගුණදාස අමරසේකර
    කැඳවුම්කරු,
    ජාතික මැන්ටල් එකමුතුව.

  4. අර්යාව says:

    හරිනව බැලුමකින්වත් රෑ ඉස්කෝලෙකට යවල ඉංග්‍රීසි ටිකක් උගන්නල ගන්නඕනෙ කථානායක ඉංග්‍රීසියෙන් කියවපු නඩු තීන්දුව තේරරුම්ගන්න. මොකද මූ වැස්සකටවත් ඉස්කෝලෙකට ගිය එකෙක්යැ.

  5. Rabok says:

    Ethakota Parliament enne polgaanada – gon wasso
    UNP Gon wassan athare pora wenna dangalana harako – upan buruwek unata kata wahagena hitiyoth buruwek kiyala kiyana ekkak naha

  6. sumith says:

    The government will be unpopular by doing such things

Main News