චොකා මල්ලි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස අද දිවුරයි..

September 8, 2020 at 8:45 am | lanka C news
චොකා මල්ලි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස අද දිවුරයි..

රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින ප්‍රේමලාල් ජයසේකරගේ හෙවත් චොකා මල්ලි අද දිනයේ පටන් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමට අවසර හිමිවෙයි.

අභියාචනාධිකරණය විසින් ඊයේ දිනයේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නිකුත් කළ නියෝගය මත අද ඔහු පාර්ලිමේන්තුවට කැඳවා ගැනීමට නියමිතය.

ඒ අනුව ඔහු අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙනු ඇත.

මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රේමලාල් ජයසේකර පසුගිය මහ මැතිවරණයේදී රත්නපුර දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවැනි තැනට පත්වෙමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

තමනට ලබා දුන් තීන්දුවට එරෙහිව ඔහු අභියාචනයක් ගොනු කර ඇත.

9,437 views

14 Comments to “චොකා මල්ලි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස අද දිවුරයි..”

  1. kamal says:

    රත්නපුරය වෙනුවෙන් ඔබ කල සෙවය අමිලයි. තවත් ඔය කල වගේම සෙවයක් කරන්න ශක්තිය ලැබේවා

    • උක්කුං පුතා says:

      ඔබ රත්නපුරේ නම්, මෙයා අර මනුස්සයට කළ සේවයම ඔබටත් ඉටු කිරීමට ඔහුට අවස්ථාව ලැබෙයි.

  2. wijebahu says:

    Rata rakina weeraya will bring K.Dumiya to parliament soon. this insane and shame. Idi amins Uganda was like this.

    • RED BULL says:

      විජේබාහුව පිස්සන් කොටුවෙන් පැනල ඇවිත්.

    • කෞටිල්‍ය says:

      ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ බහුතර කැමැත්ත අනුව රට පාලනයට. අධිකරණ තීන්දුවට ගරු කරලා පාර්ලිමේන්තුව කටයුතු කරන එකට උබ වගේ මාන්දමික ඩෑල් තප්පුලනවා බලලා අපි ආතල් එකක් ගන්නවා.

    • Dr. Sanjaya says:

      I work at the mental hospital as a doctor. I have come across schizophrenia patients like wijebahu. Mr. Wijebahu, please consult a doctor on your mental condition.

  3. kure says:

    DR. චොකා වැනි වියතුන් පාර්ලිමේන්තුවට වැඩිම මනාපයෙන් එවූ රත්නපුරේ බුද්ධිමත් ජනතාවට උපහාරය!

  4. Mtmmanvar says:

    Ihala Sita pahala dakwa minee maruwan parlimant ekata path Karamu. Denata wadi hariyak inneth minee maruwone. Sawbagye dekma.

  5. Neutral countryman says:

    😂😂😂😂😂😂😂😂😂😂

  6. Buuwa says:

    හෙළ ජාතික අභිමානේ………

  7. රාවණා says:

    චොකා මල්ලී වගේ සිල්වත් , ගුනවත් බුද්ධිමත් , කුරා කූබියෙකුවත් මරා නොමැති බවට පකිස්ලන්ත උසාවියෙන් තීන්දුව කර තිබියදී එයාට බාදා නොකල යුතුය

  8. හිච්චිමහත්තෙයා says:

    මෙයැයිට අඩු ගනනෙ අදිකරන ඉස්ටේටි මිනිස්ටර කොම වත් දුන්න නං!

  9. saman says:

    මෙතුමාට පුලුවන් නීති හදන්න උදවු කරන්න

Main News