චොකා මල්ලි පාර්ලිමේන්තු යන සතුට සමරයි.. මහ පාරේ කිරිබත් පිසගෙන කයි..

September 8, 2020 at 11:20 am | lanka C news
චොකා මල්ලි පාර්ලිමේන්තු යන සතුට සමරයි.. මහ පාරේ කිරිබත් පිසගෙන කයි..

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලිට පාර්ලිමේන්තු යාමේ යාමට අවසරය හිමි වීම හේතුවෙන් නිවිතිගල ප්‍රදේශයේ ජනතාවක් ප්‍රීතිය සමරමින් සිටියි.

ඊයේ දිනයේ අධිකරණ තීන්දුව ලැබුණු සැණින් ඔවුන් මාර්ගය පුරා රතිඤ්ඤා දල්වනු ලැබූහ.

අද දිනයේදී ද ඔවුන් මාර්ග අයිනේ කිරිබත් උයා කමින් තම ප්‍රීතිය පළ කළහ.

රත්නපුර මහාධිකරණය විසින් චොකා මල්ලි මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු කරමින් මරණ දඬුවම නියම කරනු ලැබීය.

නමුත් ඔහු එම තීන්දුව අභියාචනය කරන ලද අතර ඔහුට පාර්ලිමේන්තුව යෑම සඳහා අවසරය අධිකරණය විසින් ලබා දී ඇත.

28,595 views

18 Comments to “චොකා මල්ලි පාර්ලිමේන්තු යන සතුට සමරයි.. මහ පාරේ කිරිබත් පිසගෙන කයි..”

  1. 77 UNP says:

    මේ රූප රාමුවේ 10 දෙනයි. පින්තුරේ ගත්ත මිනිහා හිටපු 10 දෙනාම එක්කෝ පින්තුරේට දැම්මා, එහෙමත් නැතිනම් අනිත් උන් පින්තුරේට ඉන්න ලජ්ජා හිතිලා අයින්වුනා. කොහොම වුනත් ගොන්ජා, නිශාන්ත අබේසේකර සහ පද්මිණී රණවක කියන සෙට් එකේ වීඩියෝ බලපු අපිට මේ මිනීමැරුම් නඩුවේ තීන්දුව ගැනත් තියෙන්නේ යම් විචිකිච්චාවක්. නීති අංශවල යුතුකම මිනිස්සුන්ගේ හිත්වල තියන කුකුස ඉවත්කරණ එක. ඒ සමඟම වැරදි කරපු උන්ට සාධාරණ නීතියේ පරිදි අච්චුකරණ එක.

  2. ajith prasanna says:

    චන්දෙ දුන්න නොදුන්න එවුන් නෙමෙයි මුන්ට නොමිනේෂන් දුන්න එවුන්ව තමයි එලවන්න ඕනේ

  3. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    මෙවැනි අපරාධකරැවන්ට ඡන්දය දෙන මිනිස්සුන්ගෙ මොළේ මඤ්ඤං. මොහු දීර්ඝකාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ අයෙක්. මූලික අධ්‍යාපන සුදුසුකමිවත් නැති අයෙක්. මොහුගේ මුළු දේශපාලන දිවියම මැරකම්වලින් පිරී තිබුණු බව අමුතුවෙන් කිවයුතු නැහැ. අඩුම තරමින් පාර්ලිමේන්තුවෙි විවාදයකටවත් සහභාගිවී වැදගත් අදහසක් ඉදිරිපත් කළ අයෙක් නෙවෙයි.
    මෙවැනි හිස් පඹයන්, අපරාධකරැවන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගැනීමෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ කුමක්ද? දේශපාලන පක්ෂ මෙවැනි අයට නාමයෝජනා ලබාදෙන්නේ ඇයි? අධිකරණය මෙවැනි අපරාධකරැවන්ට ලිහිල් බවක් දක්වන්නේ ඇයි?
    මොහු නැවත සමාජගත වූවත් මෙම මැරවැඩ නවත්වන්නේ නැහැ.
    මියගිය අසරණ මිනිසුන්ගේ පවුල්වලට සාධාරණයක් ඉටුවන්නේ කවදාද?
    අධිකරණයට මෙිවා නොපෙනෙන්නේ ඇයි?
    කරපු අපරාධවලට මොහුට දිටිඨධමිම වෙිදනීය කර්මය පලදීම ස්ථිරයි.

  4. sira says:

    කිරිබත්ද කන්නේ ඇයි ගොම කෑවනම් හොදයි නේද මෝඩ හරක්

  5. Ronee says:

    මරණකරුගෙ පැත්තෙන් බලන විට මොනවා හිතෙයිද ?

  6. Sarath says:

    These people do not know anything. They are just like slaves. They do what someone says. So we should sympathise them. I am totally against what the prsent givernment did in the parliament.