චොකා මල්ලි 08 වැනිදා පාර්ලිමේන්තුවේ දිවුරයි..

August 29, 2020 at 11:20 am | lanka C news
චොකා මල්ලි 08 වැනිදා පාර්ලිමේන්තුවේ දිවුරයි..

මරණ දඬුවම නියම වී දැනට බන්ධනාගාර ගත කර සිටින රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට සහභාගී කරවන ලෙස කතානායක වරයා දැනුම් දී ඇත.

ඒ අනුව එළැඹෙන 08 වන දා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට ඔහු සහභාගී කරවන්නැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට තමා දැනුම්දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේය.

ඔහු පාර්ලිමේන්තුවට නො කැඳවීම රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට කරන අසාධාරණයක් බවද කතානායකවරයා සඳහන් කළේය.

ප්‍රේමලාල් ජයසේකර මහතා රත්නපුර මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර ඇති අතර මේ වන විට ඔහු වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටී.

අදාල තීන්දුවට එරෙහිව ඔහු විසික් අභියාචනයක්ද ඉදිරිපත් කර ඇත.

17,919 views

18 Comments to “චොකා මල්ලි 08 වැනිදා පාර්ලිමේන්තුවේ දිවුරයි..”

  1. සමන් says:

    මේ මොන විකාර නීතියක්ද! මිනීමරුවන්ට පුලුවන් වෙන්නෙ කොහොමද අනිත් මිනිසුන් වෙනුවෙන් නීති හදන්න පාර්ලිමේන්තු එන්න? තීන්දුව ලැබුන ගමන් චන්දෙට ඉදිරිපත් වීම තහනම් වෙන්න නීතියක් තියෙන්න ඕන. රාජ්‍ය නිලධාරියෙක්ට නඩුවක් වැටුනොත් රස්සාවත් නැතිවෙනව. දේශපාලුවන්ට එහෙම නැහැ. මේක මහ අසාධාරනයක්නෙ. මුන්(සියලු දේශපාලුවො) නීති හදාගෙන තියෙන්නෙ උන්ගෙ වැරදි වලට සමාව ලැබෙන විදියටනෙ. ඒ නිසා මුන් බය නැහැ වැරදි කරන්න. හිරේ ගියත් සැප, පාර්ලිමේන්තු දාට යසට එලියෙ, නියමිත කාලය ඉන්නෙත් නැහැ, කරපු ලොකු වැරදි වලට නෙමේ පුන්චි වැරදි වලට තමා ඇතුලට යන්නෙත්, ඒ ගියත් ඉක්මනින් එලියෙ. කාටත් එක නීතියක් කියල මුන් හැමදාම මිනිසුන්ව රවටනව.

  2. ඊබ්‍රහීම් සහෝදරයා says:

    71, 89 මිනීමරුවෝ ත්‍රස්ථවාදීන් පාස්කු ප්‍රහාරකයෝ ඔය ඕන තරම් පාර්ලිමේන්තු ගියේ

  3. Supun Wijekoon says:

    Minisunta karana lokuma sadaranaya horu minimaruwo thrasthawadiyo kolu karayo ponnayo pimpiyo parliment 1n iwath wenna neethi awashyai. Anika pitaratawala aduma BC degree1k wath illiya yuthui. 8 pass o/l wibaga karayone appa inne.

  4. Sirimal says:

    Murderers in parliament. What a deformed legal system and more sad the other 224 donkeys are affirming the carrying out of murder.

  5. Rabok says:

    How the hell it is possible a convicted murderer sworn in as a MP – Parliament is the place where laws are produced – Do not insult the Parliament
    Katahakara Socialist haraka — who the fu.. are you to question Neethipathi

Main News