චොකා මල්ලීට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලෙස දිවුරන්න හැකියි..- පාර්ලිමේන්තු මහ ලේකම්

August 10, 2020 at 12:40 pm | lanka C news
චොකා මල්ලීට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලෙස දිවුරන්න හැකියි..- පාර්ලිමේන්තු මහ ලේකම්

මරණ දඬුවම නියම වී බන්ධනාගාරයේ රඳවා සිටින ‍පේ‍්‍රමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දිය හැකි බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කරයි.

මේ වනවිට ප්‍රේමලාල් ජයසේකර මහතාගේ නම මැතිවරණ කොමිසම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ගැසට් කර තිබේ.

ඔහු රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් දෙවැනියට වැඩිම මනාප ලබාගෙන ජයග‍්‍රහණය කර ඇත.

2015 වසරේ දී සිදු වූ ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු කරමින් රත්නපුර මහාධිකරණ විසින් ඔහුට මරණ දඬුවම නියම කර තිබේ.

කෙසේ නමුත් ඔහුට පාර්ලිමේන්තු සැසිවාර වලට ලබාගැනීම සඳහා අධිකරණයෙන් අවසර ලබා ගත යුතුව තිබේ.

427 views

10 Comments to “චොකා මල්ලීට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලෙස දිවුරන්න හැකියි..- පාර්ලිමේන්තු මහ ලේකම්”

  1. Truth says:

    Selecting such a people to parliament reflects the intelligent level of SLPP voters…God, be merciful to Sri Lanka!!

    • SL says:

      පොළොන්නරු බුද්ධිමත් ජනතාවට මෙවුව එක !

      • SL says:

        වැරදුනා රත්නපුර බුද්ධිමත් ජනතාවට මෙවුව එක ! ඒකට උල්පන්දම් දුන්න වට්ටකෙටත් මෙව්වා එක.

      • ඊබ්‍රහිම් ගේ බුරියානි says:

        මරන දඬුවම නියම වෙච්ච එකෙක්ට පාර්ලිමේන්තු එන්න දුන්නොත් ඒක අරුම පුදුම අධිකරනයක් වෙයි. 😀

    • kamal says:

      ඇත්ත නේන්නම් අපේ ඉන්ටෙර්ලිජන් ලෙවල් එක අඩුනේ, මේ කියන ඉන්ටෙර්ලිජන් පොරවල් 2015 යවපු සෙට් එක නේ නියම බුලේට් ටික, ටොප් ඉන්ටෙර්ලිජන්, අනේද කියන්නේ තමන්ගේ ඇහේ පොල් පරාලේ පෙන්නේ නැහැ . බම්බු ඉන්ටෙර්ලිජන්

  2. Truth says:

    ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි අධිකරණයේ ස්වාදිපත්‍යය කොහොමද කියල.
    (පක්ෂ බේදයෙන් තොරයි)

  3. Sakunthala says:

    හිරේ ඉඳන්ම රට පාලනය කල හැකිනේද​

  4. Boo says:

    රන්ජන් වගේ හිස් කලගෙඩි පාර්ලිමේන්තුවට එවපු නිසා ගම්පහ ඉන්න හරක් ගැන කලින් දැන් සිටියා. ඒත් මෙච්චර මෝඩ හරක් රත්නපුරේත් ඉන්න බව දැනගත්තෙ මේ චන්දෙන් තමයි. කවුරැ කොහොම නොමිනේෂන් දුන්නත් තමන්ගෙ චන්දෙ දෙන එකාගෙ වගකීම තමයි ඒක හරියට පාවිච්චි කරන එක. තමන්ගෙ දුවෙක්ව දෙන්න පුලුවන්ද මේ වගේ එකෙකුට කියලවත් හිතන්න තිබුනා මේ වගේ එකෙකුට චන්දෙ දෙන්න ඉස්සෙල්ලා.

  5. B. anthony says:

    මිනී මරුවන්, බුකීකාරයන් , අරක්කු කසිප්පු නිපදවන්නන්, මාල කඩන්නන් පොකට් ගහන්නන්, ස්ත්‍රී දූෂකයන්, මහජන මුදල් දේපල ගසා කන්නන් අතුලු දූෂිතයන් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවද හලෝ!

  6. Love nature says:

    ඇත්ත ජය ගනී

Main News