චොකා මල්ලීට පාර්ලිමේන්තු එන්න දෙන්නැයි කතානායක බන්ධනාගාරයට දන්වයි..

August 28, 2020 at 10:40 am | lanka C news

මරණ දඩුවම නියම කර දැනට බන්ධනාගාරයේ රඳවා සිටින චොකා මල්ලි හෙවත් ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ දෙන ලෙස කතානායකවරයා විසින් දැනුම් දී ඇත.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් බන්ධනාගාර දැනුම් දී ඇත්තේ ඒ සදහා ඇති හැකියාව සොයා බලන ලෙසයි.

මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරන ලද චොකා මල්ලි පැවැති මහ මැතිවරණයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ජයගෙන පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇත.

අදාල දඬුවමට එරෙහිව ඔහු විසින් මේ වන විට අභියාචනයක් ගොනු කර තිබේ.

13,288 views

5 Comments to “චොකා මල්ලීට පාර්ලිමේන්තු එන්න දෙන්නැයි කතානායක බන්ධනාගාරයට දන්වයි..”

  1. sand man says:

    oya tiyenne neethiyata atha pevima … mu awai kiyala wedak tiyenawa yay …. sure ekatama muta amathi pattamakuth dei

  2. john the baptice says:

    LTTE මිනීමරු ත්‍රස්තවාදී පිල්ලෙයාන් පාර්ලිමේන්තුවට පැමිණෙන විට චොකා මල්ලිත් ආවම මොකද ?අහෝ මෙවැනි පුද්ගලයින්ද අද රටේ මන්ත්‍රී වරු ..රටට අබසරණයි

  3. සබරගමු නිළමෙි says:

    චොකා මාර සෙල්ලං දාපු එකෙක්. මැරයින්ට මිනිස්සු කැමතියි. නැත්තං මිනී මැරැමක එල්ලුං ගස් ගිය එකාට මෙචිචර මනාප දෙයිද? මීට පෙරනමි මරණ දඬුවම නියම උන එවුං පාර්ලිමේන්තුවට ගෙනත් නෑ. චොකාට උනේ කෙහෙල්ගහට කෙටුව කොටිටෝරැවට උන වැඩෙි වගේ එකක්. බලේ තිබිබට මොළේ නෑ.

  4. Kata Nayaka says:

    Convivted murderer has no right even to vote in any election since such persons are barred in terms of section 89 and 91(1)(a). Then how the Speaker instruct the Prison Commissioner to allow him to attend the Parliament.
    I don’t know the law?

Main News