චෝදනා බොරු මා නිදොස්.. – SPC ලොක්කාත් තමන්ගේ නඩුව අසාගෙන තීන්දුව දීගනී..

March 5, 2017 at 7:06 am | lanka C news
චෝදනා බොරු මා නිදොස්.. – SPC ලොක්කාත් තමන්ගේ නඩුව අසාගෙන තීන්දුව දීගනී..

ඖෂධ සමාගම්වල අධ්‍යක්ෂධූරවල මගේ පවුලේ ඥාතීන් සිටින බවට ඒකාබද්ධ විපක්ෂය නගන චෝදනා SPCකළමණාකාර අධ්‍යක්ෂවරයා ප්‍රතික්ෂේප කරයි.

රුසියාවෙන් ආනයනය කරන ලද පියයුරු පිළිකා ඖෂධය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය චෝදනා එල්ල කළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙි කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි මහතා ඒ පිළිබදව අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.

“රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙි කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන මම ව්‍යාපාරිකයෙක්. මගේ පවුලේ අය වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා මම ආශ්‍රය කරන්නේ 2014 වසරේ සිටයි. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැතිවරණ ව්‍යාපාරයට මම සක්‍රිය ලෙස දායක වුනා. දර්ගා නගරයේ පදිංචිකරුවෙකු වන මම පසුගිය රජයෙන් බැට කෑ පුද්ගලයෙක්. එම නිසා නව රජය බිහි කිරීමට කැපවී කටයුතු කළා. මතභේදයට තුඩු දී ඇති රුසියානු ඖෂධය ලංකාවට ගෙනඒමට මාගේ කිසිදු සම්බන්ධයක් නැහැ. පිළිකා ඖෂධ ආනයනය කරන ඔමෙක්ස් සමාගමෙි මෙවන් විඡේසිංහ නම් පුද්ගලයෙකු මා හමුවීමට සංස්ථාවට පැමිණ සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. මම ෙමි පිළිබද සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම් දුන් පසු ඔහුට නඩුවක් ඇති බවත්, නිදොස් කොට නිදහස් වී පැමිණෙන්නේ නම් අවස්ථාව ලබාදීමට සුදානම් බව ප්‍රකාශ කළා. මෙම පුද්ගලයා මගේ මිතුරෙකු හරහා දැනුම් දුන්නා සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවීමට වෙිලාවක් ලබාදෙන්නේ නම් රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබාදෙන බව. මම එය ප්‍රතික්ෂේප කළා. ඉන් පසු ඔහු ප්‍රකාශ කළා ඉදිරියේ දී ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න සිදුවෙයි කියලා. ඒ අනුව තමයි මට ඒකාබද්ධ විපක්ෂය හරහා චෝදනා එල්ල කරන්නේ.

ඒකාබද්ධ විපක්ෂය මගේ නම සදහන් කරමින් ඖෂධ සමාගම්වල ඥාතීන් අධ්‍යක්ෂ ධූර වල සිටින බවට චෝදනා කළා. මම වගකීමෙන් කියන්න කැමැතියි මගේ කිසිදු ඥාතියෙකු හෝ මම ඖෂධ සමාගම්වල අධ්‍යක්ෂ ධූර දරන්නේ නැති බව. එහෙම අධ්‍යක්ෂධූරයක් දරනවා නම් ඔප්පු කර පෙන්වන ලෙස ඒකාබද්ධ විපක්ෂයට මම අභියෝග කරනවා. ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරන පුද්ගලයින් දෙදෙනා ගැන මම දන්නේ නැහැ. මොහොමඩි වූ පලියට ඔවුන් ඥාතින් වෙන්නෙත් නැහැ. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැතිවරණ ව්‍යාපාරයට මම සක්‍රීයව දායක වුනා. මට අවශ්‍ය වුයේ අමාත්‍යවරයා කළුතර දිස්ත්‍රීක්කයේ ප්‍රථමයා කිරීමටයි. සෞඛ්‍ය අමාත්‍යවරයා ශල්‍යකර්මයකට භාජනය කිරීම සදහා සංගප්පූරුවට ගිය අවස්ථාවෙි දී මම එහි ගිය බව ඇත්ත. ලගින් ආශ්‍රය කරන පුද්ගලයෙකුට කරදරයක් වූ පසු උදවු නොකරන පුද්ගලයින් ගුණමකුවන් බව මම ප්‍රකාශ කරනවා. එම නිසා මම සෞඛ්‍ය අමාත්‍යවරයා සහ පවුලේ පිරිස් සමග සිංගප්පූරුෙව සිටි බව ඇත්ත.ටොප් 09 චෝදනාව පුස් වෙඩිල්ලක්. මෙම පියයුරු පිළිකා ඖෂධය වාර්ෂිකව 5000-7000 ක් ප්‍රමාණයක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍යයයි. නව ඖෂධය ආනයනය කිරීමෙන් රුපියල් මිලියන 1000 ක මුදලක් රජයට ඉතිරි කර ගැනීමට හැකි වී තිඛෙනවා. ඒකාබද්ධ විපක්ෂය කියන්නේ එම මුදල බහුජාතික සමාගම්වලට දෙන්න කියල ද, මුදල් ඉතිරි කරපු එක ප්‍රශ්නයක් ද, ඉතිරි කළ මුදල්වලින් සෞඛ්‍ය අමාත්‍යවරයා ස්ටෙන්ස්, අක්ෂි කාච රෝගීන්ට ලබාදෙනවා. මම අල්ලස් කොමිසමෙන් සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙින්තුවෙන් ඉල්ලා සිටිනවා කඩිනමින් මෙම පැමිණිල්ල විභාග කරන්න කියලා. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිස මගේ කිර්ති නාමයට හානි කිරීම හා චරිත ඝාතනය කිරිමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද බලාපොරොත්තු වෙනවා.”

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

12 views

One Comment to “චෝදනා බොරු මා නිදොස්.. – SPC ලොක්කාත් තමන්ගේ නඩුව අසාගෙන තීන්දුව දීගනී..”

  1. ඉරාන් says:

    “මැතිවරණ ව්‍යාපාරයට සක්‍රීයව දායක උනා”
    ~යහමින් සල්ලි විසිකරා කියල කෙලින්ම කියන්න අපට කොළ කඩාපාන්නැතුව..අපි නොදන්න සක්‍රීය දායකත්වය..

Main News