චෝදනා සනාථයි.. චම්පිකට සිර දඬුවම් ස්ථිරයි.. උද්දච්චකම අතහැර සමාව ඉල්ලුවොත් අධිකරණයෙන් සහනයක් දෙයි..- එජාප ලොක්කෝ කියති..

December 20, 2019 at 2:10 pm | lanka C news
චෝදනා සනාථයි.. චම්පිකට සිර දඬුවම් ස්ථිරයි.. උද්දච්චකම අතහැර සමාව ඉල්ලුවොත් අධිකරණයෙන් සහනයක් දෙයි..- එජාප ලොක්කෝ කියති..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් සිදුකර ඇති පරීක්ෂණවල ප්‍රගතිය මත ඔහුට සිර දඬුවම් ලැබීම කිසිසේත් වැළැක්විය නොහැකි මට්ටමට පැමිණ ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් විසින් සිය සමාජ ජාල ගිණුම් වල හුවමාරු කර ගනිමින් සිටිති.

චම්පික රණවක හිටපු ඇමතිවරයා අදාල සිදුවීමේදී මේ ආකාරයෙන් කටයුතු කරන ලෙස පොළඹවා ඇත්තේ එවකට ජනාධිපති උපදේශකයකු වූ ශිරාල් ලක්තිලක මහතා විසින් යැයි ද එම වාර්තාවන්හි දැක්වෙයි.

බොහෝ දුරටත් මෙම නඩුව අවසන් වනු ඇත්තේ චම්පික රණවකට වසර ගණනාවක සිරදඩුවම් හිමි වීමෙන් බවත් ඉන්පසුව ජාතික හෙළ උරුමය නම් දේශපාලන ව්‍යාපාරය සහමුලින් ම වැළලී යනු ඇති බවත් ඔවුන් විසින් හුවමාරු කරගන්නා වැඩසටහන් වල දැක්වෙයි.

මේ අතර ඇතැම් එජාප ප‍්‍රබල ක‍්‍රියාකාරීන් විසින් සිය සමාජ ජාල ගිණුම් වල සඳහන් කරමින් ඇත්තේ හිටපු ඇමති චම්පික රණවක දැන් කළ යුතුව ඇත්තේ සිදුවූ වරද පිළිගෙන සමාව ඉල්ලා ඉල්ලීම මගින් අධිකරණයෙන් සහනයක් බලාපොරොත්තු වීම පමණක් බවයි.

එසේ වුවහොත් ඔහුට තවත් වසර ගණනාවක් දේශපාලනයේ ඉදිරි ගමනක් ඇති බවත් එසේ නැතිව තවදුරටත් උද්ධච්ච ආකාරයෙන් හැසිරුණහොත් සිදුවනු ඇත්තේ වසර ගණනාවක සිරබත් කමින් දේශපාලන අනාගතය අවසන් කර ගැනීමටත් එම සටහන්වල දැක්වෙයි.

303 views

24 Comments to “චෝදනා සනාථයි.. චම්පිකට සිර දඬුවම් ස්ථිරයි.. උද්දච්චකම අතහැර සමාව ඉල්ලුවොත් අධිකරණයෙන් සහනයක් දෙයි..- එජාප ලොක්කෝ කියති..”

  1. Love nature says:

    මමයි උගතා මමයි ජගතා
    උදම් ඇනුවත් මානයෙන්..⁣
    අනුන් පහලට හෙලා ඉහලට
    තමන් යන්නට වෙර දරන්..
    ලෝබයෙන් ද්වේශයෙන් ගිනි ගත්
    හිතට නිවනක් නැති ලෙසින්
    කොයිබටද මා යන්නෙ සිතුවද
    ඉච්ච නොවනා ලොව ඉඳන්..
    විඳත් සක්විති සැපත් මොන ලෙස
    ලොවේ සාරය මෙය සිතන්
    හැකිය හැම විට දිවිය බිඳුමට
    මදුරු තුඩ උව වින කරන්..
    මකුළු දැලකත් සවිය නැති
    ජීවිතේ දෛවය ලියන්
    කුමට රඟ දෙනවාද පහනට
    ලංව තුටු වෙන මැසි ලෙසින්…..

  2. ඕක්ලොහොමා says:

    වැරදි වැඩේ කරලා, උසාවියට බොරු කරලා පරම පර බල්ලා පච රණවකයා අත් දෙක උස්සන්නේ වීරයෙක් හැටියට. අරහේ අර හොඳ කොල්ලාව අබ්බගාතයෙක් කරලා.

  3. ChamPakaya says:

    Meya stage waladi kaiwaru gahuwa ” Mahindala hire damme nathnam ape amathikam walin wedak naha kiyala” . Dan ‘ ditta dhamma vedaneeya karmaya partisan deela’.
    Dan Mahinda hinawenawa athi ‘ Champika hire giye nathnam, mage agamathikamen wedak naha kiyala, Dan Saneepada’ kiyala.

  4. අගුණූකොලේ කිරි මහත්තයා says:

    පූජ්‍ය ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ ගරු කල යුතු විද්වත් තෙරනමකි. නමුත් ඔබ වහන්සේ මේ වගේ අවස්ථාවක විශාල අපරාධයක් කල චම්පික වැනි අය වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි? මතකද ඇඔිලිපිටිය පොලීසිය ගෙදරකට පැනලා තරුණයකු මරපු වෙලාවේ සෝභිත හාමුදුරුවෝ ඒකට වගකිව යුතු පොලිස් නිලධාරියාට ආරමයට එන්න කියලා ප්‍රසිද්ධියේම පිරිත් නූල් බැන්දා. මට මතක විදිහට 2016 දි විතර.ඔබ වහන්සේ මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්න එපා ඉතා ගෞරවයෙන් ආයාචනය කරනවා.

  5. John the Baptist says:

    මේ මෝඩ ඇමතියා කැමරාවක් ලඟින් ගියත් විදුලි වේගයෙන් අත්දෙක උස්සන්නෙ මේ රටේ මිනිස්සු මිනිහාව වීරයෙක්  විදිහට පිලිගනියි කියල වෙන්ඩ ඇති.
    කාලෙකට පෙර එස්. බී ත් ඔය වැඩේ කලා.

    නමුත් ලංකාවේ මිනිස්සු ඕවාට රැවටෙන්ඩ තරම් මෝඩ නැතිබව මිනිහා ඇර හැමෝම දන්නවා.

Main News