ඡන්දයක් තිවුවොත් ආණ්ඩුවට ඇපත් නෑ.. අලූත් පක්‍ෂය උඩින්ම දිනනවා.. ඡන්දය කල් දාන්නේ ඒකයි – නිර්මාල්

December 4, 2016 at 10:00 am | lanka C news
ඡන්දයක් තිවුවොත් ආණ්ඩුවට ඇපත් නෑ.. අලූත් පක්‍ෂය උඩින්ම දිනනවා.. ඡන්දය කල් දාන්නේ ඒකයි – නිර්මාල්

ඉදිරි මැතිවරණය ආණ්ඩුවට හිතකර නොවන බවත් පළාත් පාලන මැතිවරණය ඉක්මණින් නොපවත්වන්නත් හේතුව එය බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි .

‘දේශය’ පුවත්පත සමග සංවාදයකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත .

මේ ආණ්ඩුවට දැන් දකුණේ ජනප්‍රියතාවයක් නෑ . විශේෂයෙන්ම මහජනායට ක්ෂණිකව බලපාන දේවල් සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරවලට මුහුණ දීමට තරම් ආණ්ඩුව ශක්තිමත් නෑ . ගිය අවුරුද්දේ අයවැයේත් විවිධ දේවල් වෙනස් කිරීමට සිදු වූණේ එකයි . මහ ජනායට ක්ෂණිකව බලපෑමක් නැති අධ්‍යාපනය ,එට්කා ගිවිසුම වැනිදේ සම්බන්ධයෙන් ආණ්ඩුවට මීට පෙර නෙවෙයි .ආණ්ඩුවේ මරමස්ථාන පාලනය කරන්නේ අගමැතිවරයායි . වැදගත් අමාත්‍යාංශ මෙහෙය වන්නේත් ආණ්ඩුවේ මුලික ප්‍රතිපත්ති තීන්දු ගන්නෙත් අගමැතිවරයා . ඒ නිසා ඒ විරෝධය එල්ල වෙන්නේ අගමැතිවරයාගේ පැත්තට . ඒක වළක්වන්න පුළුවන් දෙයක් නෙමේ .

ආණ්ඩුව අපකීර්තියට පත් වීමේ වාසිය තිබෙන්නේ නව පක්ෂයට .මම ඒ පක්ෂයට කැමති නෑ . නමුත් අවාසනාවකට වගේ ඒකේ වාසිය වැඩිපුරම තියෙන්නේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට.

කොහොමත් ආණ්ඩුවට ඉදිරි මැතිවරණය ඒ තරම්ව හිතකර වෙන්නේ නෑ . පළාත් පාලන මැතිවරණය ඉක්මණින් නොපවත්වන්නත් හේතුව ඒක . එක්සත් ජාතික පක්ෂයට නම් කොහොමත් ජනවාරි 08 න් පසු ලබා ගත් බලපෑම් සහගතභාවය ඉදිරි මැතිවරණයකදී පවත්වාගෙන යන්නට හැකි වේවි යැයි මම හිතන්නේ නෑ . ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දෙකඩ වීමක් වෙන බව නම් ඉතාම පැහැදිලියි . ඒ දෙකඩ වීමේදී වැඩි කොටස අලුත් පක්ෂයට යාවි .
නමුත් ජාතික මට්ටමේ මැතිවරණයකදී ජාතික මට්ටමින් විශාල ජයග්‍රහණයක් ලබා ගන්නා කාටවත් හැකි වේවි යැයි මම හිතන්නේ නෑ . ඒක ඉදිරියේදී ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක සාධකයක් වේවි .

– lankanewsalert

21 views
Main News