ඡන්දයට කැදවා ඇති ප‍්‍රාදේශීය සභා 93න් ගිය මැතිවරණය ප්‍රථිපලය අනුව ශ‍්‍රීලනිප සන්ධානය 78ක් දිනලා.. මෙවර ශ‍්‍රීලනිපය ගෙදර ගියත් තෝ නසී-මග හිටියත් තෝ නසී.. ගියවර පුංචි ඡන්දයේ ප‍්‍රතිඵල මෙන්න..

November 26, 2017 at 10:28 pm | lanka C news
ඡන්දයට කැදවා ඇති ප‍්‍රාදේශීය සභා 93න් ගිය මැතිවරණය ප්‍රථිපලය අනුව ශ‍්‍රීලනිප සන්ධානය 78ක් දිනලා.. මෙවර ශ‍්‍රීලනිපය ගෙදර ගියත් තෝ නසී-මග හිටියත් තෝ නසී.. ගියවර පුංචි ඡන්දයේ ප‍්‍රතිඵල මෙන්න..

දැනට මැතිවරණය සදහා නාම යෝජනා කැදවීමට තීරණය වී ඇති පලාත් පාලන 93 අවසාන වරට පැවති පලාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රථිපලය හා සසදා බලද්දී එක්සත් ජනතා නිදහස් සංධානය අති විශිෂ්ට ජයක් හිමිකර ගෙන තිබිනි. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සංධාන 78, දෙමළ සංධානය 6.පිල්ලෙයාන් 3,අතාවුල්ලා 2,මුස්ලිම් කොන්ග්‍රසය 2 සහ එක්සත් ජාතික පක්ෂය 2 වශයෙනි.

මෙවරත් බොහෝ දුරට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් සංධානය කණ්ඩායම මෙම සියලු පලාත් පාලන ආයතනයන් සඳහා තරග වදිනු ඇති බවට විශ්වාස කල හැකිය. එමෙන්ම සංධානය විසින් පසුගිය මැතිවරණයේ දි ජයග්‍රහණය කොට රැකගත් පලාත් පාලන 78 හෝ ඊට වඩා ජයග්‍රහණය කිරිම එම සංධානයේ අභිප්‍රාය බව සංධාන ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කොට ඇත.

දෙමළ සංධාන මේ වනවිටත් දෙකඩ වී ඇති හෙයින් බොහෝදුරට ඔහුනට පසුගිය මැතිවරණයේ හිමි වූ ආයතනයන් 6 යේ කොටසක් අහිමි වීමේ අවදානමක් ඇත,

එමෙන් මඩකළපුව දිස්ත්‍රික්කය සඳහා මෙවරත් පිල්ලෙයාන් පිල ශ්‍රීලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සමඟ සංධාන ගතව ඇත. ඒ අනුව පසුගිය මැතිවරණයේ දි ජයග්‍රහණය කල පලාත් පාලන 3 මෙවරත් රැකගැනීමට අපේක්ෂිත ය.

අම්පාර දිස්ත්‍රික්ය නියෝජනය කරන ආතවුල්ලා හිටපු අමාත්‍යවරයාගේ පක්ෂයත් මුස්ලිම් කොන්ග්‍රසයත් පසුගිය මැතිවරණයේ දි ආයතනයන් 2 බැගින් දිනාගෙන තිබු අතර මෙවරත් ඔහුන් එය රැකගැනීමට උත්සහ දරනු ඇත.

එමෙන්ම යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය පසුගිය මැතිවරණයේ දී ඉහත පලාත් පාලන 93 න් 2 පමණක් දිනාගෙන තිබනි. මෙවරත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එම පක්ෂය තරග වැදිමට බොහෝ දුරට ඉඩ ඇත,

එමෙන්ම බේරුවල නගර සභාවේ ඡන්දය මෙවර පැවත්වීමට නියමිතව ඇත. ඒ අනුව අමාත්‍ය රාජිත සේනාරත්න පැවසු පරිදි එහිදි යහපාලන ආණ්ඩුවේ හවුල්කාර ප්‍රධාන පක්ෂ දෙක එකතු වී එක් කණ්ඩායමක් ඉදිරිපත් කිරිමටත් ඉඩකඩක් ද පවති.

කෙසේ වෙතත් එජාප අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ පලාත් පාලන 2 කට වඩා වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කිරිමට බොහෝ දුරට ඉඩ කඩ ඇත.

එහෙත් මෙවර විශේෂත්වය වනුයේ වසරක් පමණ වයසැති නව පක්ෂයක් ලෙස ශ්‍රීලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) මෙම පලාත් පාලන 93 සඳහාම තරග වැදිමයි. එමෙන්ම කුලුදුල් පක්ෂයක් ලෙස විශාල ජයග්‍රහණයක් අත් කරගැනීමට අවශ්‍ය උපායමාර්ගයක් ලෙස එක් පෙරමුණක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වීමට මේ වනවිටත් සැලසුම් කොට ඇත. පොදු විපක්ෂය ඇතුළු පක්ෂ රාශියක් මෙවර පොහොට්ටුව ලකුණෙන් එක් පෙරමුණක් ලෙස ඡන්දයට ඉදිරිපත් වීමට නියමිතය,

නමුත් ඒ අතර එම පක්ෂයේ නිල නොවන නායක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ ශ්‍රිලනිප වර්තමාන නායක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අනුමැතිය සහිතව කණ්ඩායම් දෙකක් පත්කොට මේ වනවිටත් සාකච්ඡා පවත්වමින් සිටි. ඒ එක කණ්ඩායමක් ලෙස පොදු ලකුණක් යටතේ නැවත මැතිවරණයට ඉදිරිපත් වීමට ඇති හැකියාව සොයා බැලීමටයි.

2011 පැවති පළාත් පාලන මැතිවණයේ ප‍්‍රතිඵලය මෙතනින්

155 views

3 Comments to “ඡන්දයට කැදවා ඇති ප‍්‍රාදේශීය සභා 93න් ගිය මැතිවරණය ප්‍රථිපලය අනුව ශ‍්‍රීලනිප සන්ධානය 78ක් දිනලා.. මෙවර ශ‍්‍රීලනිපය ගෙදර ගියත් තෝ නසී-මග හිටියත් තෝ නසී.. ගියවර පුංචි ඡන්දයේ ප‍්‍රතිඵල මෙන්න..”

  1. ම්යිත්‍රි එක්ක සංධාන ගහන එක තිරිසනෙක් හා එකතු වෙනවා වගෙයි. මට නම් කිසි විශ්වාසයක් නෑ.
    මහින්ද ඇතුලු පිරිස වතුර ඇදලා හවසට කලය බිදගත්තා වගෙ වෙනවා. මතකනෙ පසුගිය මහමැතිවරනයෙදි වුනදෙය.අපරාදෙ අපි පොහොට්ටුවට කොමෙන්ට් දැම්ම.

  2. vishnu says:

    මහින්ද මහත්තය my3 හිපාටුවත් එක්ක චන්දෙ
    ඉල්ලුවොත් අපේ ගෙදර චන්ද 4ක් නෑ.ඒ වගේම
    චන්ද 40ක් 50ක් අනිවාර්යයෙන්ම නවත්වනව

  3. රන්දුණු says:

    ඔන්න දැන් හොඳ වෙලාව තජුඩින්ව වලෙන් එලියට අරන් ගානක්
    හොයා ගන්ඩ.

    ඕං ශ්‍රීං තජුඩින් වර වර!
    වලෙන් නැගිට වර වර!

    ලාභයි,ලාභයි, මලමිණී ලාභයි!

Main News