ඡන්දයට පෙරම ප්‍රතිඵල එයි… ගෝටා උදාරතර රණකාමියෙක් කියමින් TNL නාලිකාව සජිත් පිලට පස් පඩංගුවේ බැණ වදී…
October 2, 2019 at 11:20 am | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව විශ්වාස කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා තරග වදින උපන් බිම රකින කදවුරද, එසේ නොවන්නේ නම් තම සාක්කුව දෙස බලා උපන් බිමට හතුරු වූ රාජ්‍ය නොවන සංවිධාන මූලික කරගත් සජිත් ප්‍රේමදාස මහතාගේ කඳවුරදැයි තීරණය කළ යුතු බව ටී.එන්.එල්. රූපවාහිනිය සිය ප්රවෘත්ති විකාශය අතරතුර වැඩසටහනකදී විකාශය කළේය.
බලයට පත් කිසිදු රාජ්‍ය නායකයෙකුට අවසන් කිරීමට නොහැකි වූ තිස් වසරක සාප කාරී යුද්ධය මහින්ද රාජපක්ෂ රජය අවසන් කළ බව කෘතගුණ දත් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු අමතක නොකරන බවද එහි සඳහන් කළේය.
මෙරට යුද බිය දුරු කළ එකී පාලනයේ ආරක්ෂාව භාරව සිටි ප්‍රබල චරිතය අන් කිසිවකු නොව රණකාමී වීරවරයෙක් වන ගෝඨාභය රාජපක්ෂ බවද නාලිකාව කියා සිටියේය.
පුරවැසිකම ප්‍රශ්නයක් කරගෙන චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණී වියන්ගොඩ උසාවි ගොස් ඇත්තේ එවන් උදාරතර රණකාමී ගොඩ විරුද්ධ වුවද එහි කියා සිටියේ රූපවාහිනිය අයත් වන රනිල් වික්‍රමසිංහ ගෝටාභය රාජපක්ෂට විරුද්දව යයිද එහි තව දුරටත් කියැවිනි.
ටීඑන්එල් නාලිකාව අයත් වන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහෝදරයා වන ශාන් වික්‍රමසිංහ මහතාටයි.
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්..
Gepostet von රත්තරන් අපේක්ෂකයා am Dienstag, 1. Oktober 2019
සාම්ප්‍රදායික යූන්පී ගොඩක් කොටස් මේ සැරේ ගෝටට. මේක හොද ප්රවනතාවක් මොකද ඒකෙන් යූන්පී එකට දේශප්‍රේමී වෙන්න බල කරනවා.
ඕවා රනිලාගේ ගේම්. පොර ගෑනිට වුනත් අයියා දම්මලා මඩ ගහයි පොරගේ තනතුරු නැතිවෙනවානම්.. හැබයි මේ සැරේ රනිලා පැරදුනහම, පාක්ශිකයෝ ඕකව අල්ලන් මරන්නත් බැරි නෑ.. 😀
දිනන් නැති එකනෙ වැඩේ.
රනිල්ගේ අයියා ෂාන් වික්රමසිංහත් පීල්ල මාරු කලා එහෙනං…
TV කියල දෙරණ හා හිරු පමණක් බලපු එවුන් හෙට ඉඳන් TNL බලයි.
TNL??? Adamayi ahuwe…
බොහෝ දෙනෙකුට අමතක වන්නට ඇතැයි සිතන රට දිනවීමේ මානුෂික මෙහෙයුම මහින් ද රාජපක්ෂ මහතාගේ දේශපාලන නායකත්වය යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරා මෙහෙයවීම පිළිබඳව ටී.එන්.එල්. නාලිකාව සිහි කැඳවන ආකාරය මැනවි.
එසේම අර්ජුන් මහේන් ද්රන්ට සහ ගාමිණී වියන් ගොඩ ආදී පුරවැසි බලයට ද අකුණු පහරක් වදී.
යුද්ධය ඇති කෙරුවෙත් දේශපාලුවො. යුද්ධය නැති කෙරුවෙත් දේශපාලුවො. කෙලෙහි ගුණ සලකන්න කියල රටේ අනාගතය උගස් තියල පුද්ගලයාට චන්දය දෙන්නෙ ගොං බූරුවො.
පුද්ගලයාට තමයි ඡන්දේ දෙන්නේ ගොං බූරුවො ! …… උඹ දැං ඔය ඡන්දේ දෙන්ඩ යන්නේ පුග්ලයෙකුට නෙමෙයිද? ……. හැම එකාගෙම ප්‍රතිපත්ති ප්‍රකාශන මාර ලස්සනයි ……. කරන්ඩ පුළුවං එකාවයි තෝර ගන්ඩ ඕනේ ……. උඹලගෙ ඔය බක පණ්ඩිතකම රටම කාබාසිනියා කරලා ඉවරයි !
උගතුන් ම පාර්ලිමේන්තු යවමු යැයි යෝජනා කරපු අය සාපෙල වත් නැති මැට්ටෙක්ව ජනාතිපති කළොත් කොහොමද?
ඔය මරදන්කඩවල වජිරබුද්ධි හිමි කියන්නෙ මුස්ලිම් මිනිහෙක් ය. ඔහු බවුද්ධ භික්ෂුවකගේ නමින් පෙනී සිටිමින් බවුද්ධ විරෝධී අදහස් දක්වන්නේ භික්ෂූන්ට මඩ ගැසීමේ අදහසිනි.