ඡන්දය තියන්න ඒකාබද්දය පනත් සම්මත කරන්න හදනවා.. ඒවට ඉඩ දෙන්නෙ නෑමයි..

August 13, 2018 at 6:26 am | lanka C news
ඡන්දය තියන්න ඒකාබද්දය පනත් සම්මත කරන්න හදනවා.. ඒවට ඉඩ දෙන්නෙ නෑමයි..

බෙලිඅත්ත ප්‍රාද්ශීය ලේකම් කොට්ටාසයේ සිටිනාමළුව උතුර ග්‍රාමසේවා වසමේ ‘වැව් දහසක් ගම් දහසක්’ ව්‍යාපෘතිය කෘශිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

සිටිනාමළුව උතුර ඉලුක්මුල්ල වැව මූලික කොට ගෙන ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය යටතේ වැව සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 45කි.

මෙහිදි උත්සව සභාව අමතමින් කෘශිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවෙ එකාබද්ධ විපක්ශයේ මන්ත්‍රින් පළාත් පාළන මැතිවරනයෙන් පසුව අගමැතිධුරය ලබා ගැනිමට උත්සාහ කොට පසුව එය අසාර්ථක වු විට විපක්ශනායක ධුරය හෝ කෙසේ තම කන්ඩායම වෙත ලබා ගැනිමෙ අරමුනින් පාර්ලිමෙන්තුවෙ කටයුතු වලට බාධා පැනවීම පිළිකුල් සහගත බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා පැවසුවේ ‘මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පළාත් සභා මැතිවරනයත් නව කොට්ඨාශ මිශ්‍ර ක්‍රමයට පවත්වන්න අවශ්‍ය කටයුතු සුදානමි කරමින් ඉදිද්දි අගමැති රනිල් සුලු පක්ශ නායකයින්ව මහින්ද රාජපක්ශ සමග සාකචිචාවකට යවලා තියෙනවා. පැරනි මනාප ක්‍රමයට ජන්දේ තියන්න අවශ්‍ය පනත් සම්මත කරගන්න එකාබද්ධයේ සහායෝගය ගන්න. මේවා තමා නියම ඩීල්.

ඒ උනාට මම වගකිමෙන් කියනවා නිදහස් පක්ශයේ අපි පළාත් සභා මැතිවරනය පැරනි මනාප ක්‍රමයට තියන්න ඉඩ දෙන්නේ නෑ’

– මහේන් රනවීර

9 views
Main News