ඡන්දය තියන්න පෙර ලෝක සෞඛය සංවිදානයෙන් අහන්න මැතිවරණ කොමිසම තීරණය කරයි..

April 12, 2020 at 10:32 pm | lanka C news
ඡන්දය තියන්න පෙර ලෝක සෞඛය සංවිදානයෙන් අහන්න මැතිවරණ කොමිසම තීරණය කරයි..

මහ මැතිවරණය පැවැත්වීමේ නව දිනය ප්‍රකාශයට පත් කිරීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ලබන සතියේ රැස්වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

කොවිඩ්-19 වෛරසය පාලනය කළ හැකි කාල වකවානුව තීරණය කිරීමෙන් පසු මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීමට කොමිසම තීරණය කර තිබේ. බොහෝ දුරට මැයි මස අවසානයේ හෝ ජූලි මාසයේදී මැතිවරණය පැවැත්වීමට කොමිසමේ අවධානය යොමුකර ඇති බවද වාර්තා වෙයි.

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශ කිරීමේ වගකීම කොමිෂන් සභාව සතු බව ජනාධිපතිවරයා මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇත.

– aruna.lk

362 views

66 Comments to “ඡන්දය තියන්න පෙර ලෝක සෞඛය සංවිදානයෙන් අහන්න මැතිවරණ කොමිසම තීරණය කරයි..”

  1. sana says:

    Ask from Maulavi to check with their corona plan

  2. Amarapura says:

    මොන පක්ෂේ තිබ්බත් ලංකාව කියන එක දියුණු වෙන්නෙත් නැහැ දියුණු කරන්නත් බැහැ. අවුරුදු 72 ක්ම සඟ, ආගම්, කුල සහ දේශපාලන පක්ෂ ජල්බරි කාරයන්, මංකොල්ලකාරයන් හොරුන් රට කාලා. අවුරුදු 72 ක් නිදහස ලැබිලත් අවුරුදු 2500ක ඉතිහාසයක් තිබිලත් පසුගිය අවුරුද්දේ කරපු සමීක්ෂණයකින් ඔප්පු වුනා කොළඹ දිස්තික්කයේ පවුල් 25000කට රෙන්න කක්කුස්සි නැහැ කියලා. උන්ට ස්මාර්ට් ෆෝන් wifi නැති නිසා උන්ට මෙතන කොටන්න බැහැ. ඉතින් ඒවා වැඩිය එලියට එන්නේ නැහැ. ඔන්න ඕකයි තත්වය. ICU ඇඳන් වලට වැඩිය දේශපාලකයෝ සින්ගපුරුවේ මවුන්ට් එලිසබෙත් එකේ ප්‍රතිකාර වලට ගිහින් තියෙනවා. ICU ඇඳන් 400ක් පිටරටින් ගන්න යන්නේ ඔය බඩගෝස්තර දේශපාලකයන්ට ගෙන්නන එක ඩියුටි ෆ්‍රී වාහනයක මුදලයි.

    • ටොයිබයියා says:

      උන්ට ස්මාර්ට් ෆෝන් තිබ්බත් සැපට ඉන්න උඹලට වගේ කොට කොට ඉන්ට වෙලා නෑ. බඩගොස්තරේ හොයාගන්ට ඕනැ .

  3. Nimal says:

    සමහර දේශපාලන .යන්ගේ ද්විත්ව පුරවැසිභාවය ඔප්පු කිරීමට අපට හැකියාවක් නැත
    හොඳම දෙය නම් සිදුවිය හැකි උල්ලං for නය කිරීමක් සම්බන්ධයෙන් එම රටවල ඔවුන්ට එරෙහිව නඩු පැවරීමයි
    එවිට ඔවුන් පුරවැසියන් ද නැද්ද යන්න ඔබට පහසුවෙන්ම දැක ගත හැකිය
    නිසි සාක්ෂි නොමැතිව අපි ඔවුන්ට චෝදනා නොකළ යුතුයි!
    මම නීති lawyer යෙක් නොවුනත් මෙය හොඳ විසඳුමක් වනු ඇතැයි මම සිතමි

  4. බය්යා says:

    මෙන්න මැකෝගේ පෞර්ශවය, ප්‍රශ්නයකට මුහුණදෙන්න බැහැ. නායකත්වය දුර්වලයි. තමාට මේ තීරණය නිසා සිදුවන වාසි අවාසි බලනවා. මැදහත් නැහැ. ආත්මාර්ථකාමී. අන්අයගේ බහට කන්දෙනවා. ස්වාධීන නැහැ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ සැබෑ හරස් කඩක්.

  5. CNW Pathirana says:

    Crazy… Why WHO ?? Dont set wrong precedent….

  6. 77 UNP says:

    මේ දේශඅප්‍රිය කාලකන්නිය මේ වෙලාවේ ප්‍රසිධියේ කිව්වට චන්දෙ තියන්න රටින් පිට ආයතනයකින් උපදෙස් ගන්නවා කියල, මූ හැමදාම වැඩකලේ රටට අහිතවත් රටින් පිට ආයතනයකින්, NGO එකකින් උපදෙස් අරන් තමයි.

  7. Aurora says:

    ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවුරුදු 5 කට අත්හිටුවිය යුතුය. ඉන්පසු පුළුවන් ජනමත විචාරණයක් තියල මේ කබල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ආපහු චන්ද තියල පැරණ ක්‍රමෙට යනවද එහෙම නැතිනම් තවත් අවුරුදු 5 කටආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැතිව ඉදිරියට යනවද කියල ජනතා තීරණයක් ගන්න. පාර්ලිමේන්තුව කියන්නේ මහා කාලකන්ණි ආයතනයක්. සියළු වගකීම් ජනාධිපතිගේ ඇඟේ ගහලා මන්ත්‍රීවරු බිස්නස් කරනවා. උන්ට බිස්නස් කරන්න, හොරකම් කරන්න, බලය අයුතු විධියට පාවිච්චි කරන්න අවශ්‍ය ආවරණය ජනාධිපති ලබනොදුන්නොත් විරුද්ධ පක්ෂෙට උඩින් හෝ යටින් සම්බන්ධ වෙනවා. අන්තිමට ජනාධිපති කියන්නේ කාලකන්ණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හිරකාරයෙක්. ඊළඟට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයේදී මේ කාලකන්ණි මනාප ක්‍රමේ නැතිකරලා පක්ෂෙන් ඉවත් වුනොත් මන්ත්‍රීකම නැතිකරලා අතුරු මැතිවරණ තියන්න ඕන.

  8. හෙලයා says:

    යකෝ අහපo තොගෙ ආච්චිගෙන්.. එක එකාගෙන් අහල තීරන ගන්න නම් කොමිසමක් මොකටද?? ඒකනේ දැන් පැහැදිලිද මේ වියවස්තා අටමගල මේ රටට කොහෙත්ම නොගැලපෙන බව.. ජනපති තුමනි විකල්ප වියවස්තාවක් ජනමත් විචාරනයකින් සම්මත කරගෙන රට දියුණුව කරා ගෙනියන්න. පාර්ලිමේන්තු ක්‍රමය අසාර්තකයි..

  9. Wewagadara Appuhamay says:

    WHO has nothing to do with Sri lanka Parliamentary Election ?
    It has to settle by ourselves.
    This where we made mistakes by our ignorant membres in EC?
    Well our nation colonial mentality has remain in their mindset .
    Which called set of policies of closed to UNP’s that line of thinking ……@.

  10. ටොයිබයියා says:

    ලෝක සෞඛ්‍ය සංවිධානය- ඒ කියන්නේ උඹලගේ හම්පුතාලගෙන් අහන්නේ නෙතිව බෑමයි නේද !

Main News