ඡන්දය දාන්න ජනතාව ගමට යති.. පිටකොටුවේ බස් දුම්රිය පිරී යයි.. කොළඹ පාළුවට යයි..

November 15, 2019 at 7:50 pm | lanka C news
ඡන්දය දාන්න ජනතාව ගමට යති.. පිටකොටුවේ බස් දුම්රිය පිරී යයි.. කොළඹ පාළුවට යයි..

හෙට දිනයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කිරීම සඳහා මේ වන විට අති විශාල ජනතාවක් සිය ගම්බිම් බලා යමින් සිටිති.

කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළ සහ කොටුව දුම්රිය ස්ථානය ජනයාගෙන් පිරී ගොස් තිබේ.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අතිරේක බස්රථ විශාල ප්‍රමාණයක් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් යොදා ඇත.

පුද්ගලික බස්රථද සිය ගමන් වාර වැඩි කර ඇති බව මාරගස්ථ මගී ප්‍රවාහන අධිකාරි සඳහන් කරයි.

කොලඹ නගරයේ වෙනදා ඇති ජනාකීර්ණත්වය බොහෝ සෙයින් අඩු වී ගොස් තිබේ.

16,092 Viewers

8 Comments to “ඡන්දය දාන්න ජනතාව ගමට යති.. පිටකොටුවේ බස් දුම්රිය පිරී යයි.. කොළඹ පාළුවට යයි..”

  1. Nekum says:

    ප්‍රවාහණ සේවය අන්තිමයි…

    • Think Tank says:

      Don’t worry, it will be alright under the new Rajapakshe administration to come soon.

    • Mad says:

      ඇඩ්මින්, ඕක ඉතින් ගෝට ට චන්දෙ දෙන්න යන්න කියල දැම්ම නම් බයියො ෆෝම් වෙනවනෙ.ඉරිදට දුක තමා

    • 🌷 අපි නෑ කතිරය හංසයට🌷 says:

      රටගැනම ආලය ඇති දුප්පත් වැසියා
      විපාක විඳවයි හංසයට එදා දුන්න කියා
      තවදුරටත් අපි නෑ කතිරය හංසයට කියා
      එල්ලිල පෙට්ටිවල හිරවී ගම්බිම් බලා ගියා

    • Amda says:

      අපේ කට්ටිය පුලුවන් විදියට අපේ අයට උදව් කරමු මේ වෙලාවෙ

  2. kamal says:

    මානසික ෙරාගින් වන මානසික වෙදදුරන්ට මානසික ෙරාග ගැන පාඩමක්
    මානසික ෙරාග අැති වන්නෙ සමාධියක් ෙනාමැති නිසාය ඒ
    කාමඡන්ද වයාපාද ථිනමිද්ධ උද්දච්ච කුක්කුච්ච හා විචිකිච්චා නිසාය. මෙයින් භයානකම දෙ විචිකිච්චාය ඒ නිසා අනන්තරිය පාප කර්ම පවා සිදුවිය හැක. විචිකිච්චා ඉවර වි ෙසාවාන් වු ගමන් මානසික ෙරාගය ෙහාද වෙ. නමුත් බෙහෙත් වලින් කරන්නෙ කාමච්චන්ද ව්‍යාපාද හා උද්දච්චකුක්කුච්ච හා විචිකිඡාචා වෙනුවට ථිනමිද්ධය වැඩි කරයි මෙ කමල්ගෙ අවබොදය නමුත් ඒකක් තියෙනවා මනුස්‍යත්වය තියෙන්නෙ මට නෙවයි කමල් ෂඩ් අභිඤ්ඤාලාභි නෙවෙයි වෙන්නෙ සිවුපිලියාපත් මිට කිරිබත්ෙගාඩ ඤණානන්ද ෂඩ් අභිඤ්ඤාලාභි හිමි. මානසික ෙරාගයට ඒකම බෙහෙත කයානුපස්සනාව හා පින් කිරිම මිට පාතෙගම ඤාණස්සර නෙවෙයි කමල්

    • සෝබිත සරදම 😳 says:

      කමල් කරන හෑල්ලුව මේ කියවන අපට
      පෙන්වයි මානසික ලෙඩේ ගමේ සැමහට
      කරන සරදම අවස්තාව යොදා අප දහමට
      මෙතැනම නවතීද කරුමයෙ එකම හුස්මට

  3. Gamarala says:

    ජාතික ගමනා ගමන කොමිසම නිදි= සභාපති හොරට පෝමිටි දෙනවා මෙීවා බලන්නේ නැතිව.

Main News