ඡන්දය පැරදුණත් එජාප දීගය අතනොහරින්න ශ්රීලනිපය තීරණය කරයි.. මහින්ද-මෛත්‍රී සාම කතා අවසන්..
November 2, 2017 at 10:52 pm | lanka C news
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්ව කටයුතු කිරීම සලකා බැලීමට නම් වහා ඉටු කල යුතු කොන්දේසි හතක් සහිතව ඒකාබද්ද විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රී පිරිස විසින් ශ්‍රීලනිපයට යවන ලද ලිපියට පක්ෂ මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක ප්‍රතිචාර දක්වයි.
එජාප ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය යන යෝජනාව සම්බන්ධයෙන් ඔහු පවසන්නේ මෙම තීරණය ගනු ලැබුවේ පක්ෂ මධයම කාරක සභාවෙන් බව සදහන් කරයි.
පක්ෂ දෙක එක්ව කටයුතු කරන්නේ රට ගොඩනැගීම සදහා යයිද පවසන ඔහු එජාපය අතහැර ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන ඉගියක් හෝ පල නොකලේය.
මේ තත්වය මත ඒකාබද්දයේ ප්‍රධානතම කොන්දේසිය ඉටු නොවීම මත ශ්රීලනිපය හා ඒකාබද්ද ඉදිරි මැතිවණ සදහා වෙනම කටයුතු කිරීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය.
රතු කොල නිල නොවැ කෑවෙ මසුරංම රට
සිතුමිණ නැත උරුමෙ මතු සිහළය සැමට
පුබුදා ජනාදර “පොහොට්ටුව” මුතු ඇටයට
දෙනු ජන්ද නොබෙදුන රටක් හදනට අපට
පුරඟනන්ගෙ යහනට ගියාට පස්සෙ බිරින්දෑගෙන් සැනසෙන්න බෑ වගේම පරපුරුශ සේවනයට ගිය බිරින්දෑට ස්වකීයපුරුශයා මදියි කියනවනෙ.
කොහොමත් ජනතාවගෙ චන්දෙත් ලැබෙන්නෙ නැති නිසා මේක හොඳා.
හුඇන්පී සොසෙජ් තව රසලු, දරුවන්ටත් අනාගතයක් නැතිවෙන්න යන එකේ යමක් කමක් සොයාගන්න පිලිවෙලක් තියෙන්න එපායැ, හිටන් ලමයෝ
Ithin apita Paaanda
ශ්‍රීලනිපයේ මහ ලේකම්වරයාත්,එජනිසයේ මහ ලේකම්වරයාත් යන දෙදෙනාම නොමේරූ කලලයන් බව දැන් රටම දනී.දෙන්නාම කරන්නේ අනා ගැන්ම හා නා ගැන්මය.ඔවුහු පක්ෂයේ උන්නතිය වෙනුවට ඔවුනගේ පෞද්ගලික සුඛ විහරණය හා නායකයා සතුටු කිරීමට පමණක් කැපවූ පංචස්කන්ධයන් දෙකක් බවට පත්ව ඇත.කිසිදු පලක් නැති පුරසාරම් දොඩවමින් කාලය කා දමන ඔවුන් වැන්නන් රටටද බරකි.මාධ්‍ය හමුවට නොපැමිණ කාලය ගත කලේ නම් ඔවුන් මෙතරම් මන්දබුද්ධිකයින් කියා ජනතාව දැන ගන්නේද නැත.මෙවන් අමනෝඥයින් පිරිවරා පක්ෂය දිනවන්නට වහසි බස් දෙඩීම තරම් අනුවන කමක් තවත් නැත්තේය..
ඡනාධිපති ඔය පුටුවට ආවේ යූ.ඇන්.පී කර පිටින්… ඉතින් යූ.ඇන්.පි හලලා කොහොමද… දැන් මධ්‍යම කාරක සභාව පිටින් යවන්න හදනවා.. මධ්‍යම කාරක සභාවේ තීරණය කියන්නෙත් පක්ෂ නායකයාගේ තීරණේ තමයි… කෝමත් දැන් ශ්‍රී ලංකා එකට අන්තිම ඇණේ ගහලා ඉවරයි… ලස්සන වැඩේ කියන්නේ ඒක කරන්න මුල් වුනෙත් පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක මහත්තයගෙම දුව…