ඡන්දය ලගයි.. පළාත් සභාවක් ගෙඩිය පිටින් මහින්දගේ අලූත් පක්‍ෂයට එක්වෙයි..

October 6, 2016 at 1:20 pm | lanka C news
ඡන්දය ලගයි.. පළාත් සභාවක් ගෙඩිය පිටින් මහින්දගේ අලූත් පක්‍ෂයට එක්වෙයි..

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ඇති පළාත් සභාවක ශ‍්‍රිලනිප මන්ත‍්‍රීන් අති බහුතරයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් ගොඩනැගෙන නව දේශපාලන සන්ධානයට සහාය පල කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ඉදිරි වසරක කාලයක් ඇතුලත පළාත් සභා නිල කාලය අවසන් වන පළාත් සභාවක මඇති ඇමති පිරිසක් විසින් මෙම තීරණය ගෙන ඇති අතර ඒ බව ඒකාබද්ද විපක්‍ෂයේ ඉහලම නායකයෙකට දන්වා ඇති බවද සදහන්.

ශ‍්‍රීලනිපයට ඊළග මැතිවරණයෙන් දිනා ගැනීමට කිසිදු හැකියාවක් නැති බව ගම් මට්ටමේදී ඉතා හොදින් දැනෙන නිසා මෙම තීරනය ගත්තේ යයිද පවසා ඇති එම පිරිස මැතිවරණ ලං වෙද්දී අනෙක් පලාත් සභාද නව බලවේගලය සමග එක්වනු ඇතැයිද සදහන් කර ඇත.

12 views

One Comment to “ඡන්දය ලගයි.. පළාත් සභාවක් ගෙඩිය පිටින් මහින්දගේ අලූත් පක්‍ෂයට එක්වෙයි..”

  1. රන්බණ්ඩා says:

    නාමික සංහිඳියාවක් වපුරලා, රටේ ජනතාවගෙන් බහුතරයකගෙ මොළගෙඩි ටික සූරාගෙන කාලා, කම්බාහොරු රෑනක් හොරු අල්ලන්න ඇවිත් බොලං.
    ඉතිං ගම් මට්ටමේ ජනතාවට දැන්වත් තේරුම් ගියා නම්, කම්බා හොරුන්ට වැඩියෙ මේ රට රැකලා දුන්නු හොරා කොච්චර වටිනවාද කියලා, ඒක මොන තරම් වාසනාවක්ද බොලං….?

Main News