ඡන්දෙට පෙර පාර්ලිමේන්තුව කැදවීම ගැන කතානාය ක තීන්දුව ගනී.. ඡන්දය කල් යයිද..

January 29, 2018 at 12:40 pm | lanka C news
ඡන්දෙට පෙර පාර්ලිමේන්තුව කැදවීම ගැන කතානාය ක තීන්දුව ගනී.. ඡන්දය කල් යයිද..

බැදුම්කර කොමිසමේ වාර්තාව හා බරපතල දුෂණ කොමිසමේ වාර්තාවන් විවාද කිරීම සදමා පලාත් පාලන මැතිවරණයට පෙර පාර්ලිමේන්තුව කැඳවිය යුතු යයි පාර්ශවයන් කිහිපයක් විසින් කර ඇති යෝජනා සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය මහතාගේ අවධානය යොමුව ඇත.

කතානායක මාධ්‍ය අංශය සදහන් කරන්නේ මේ ගැන අවසන් තීරණයක් ගැනීමට හෙට 30 පෙරවරු 10.00ට පාර්ලිමේන්තුවේදී විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැදවා ඇති බවයි.

මේ සදහා මැතිවරණ කොමිසන් සභාවේ සභාපති වරයාට ද ආරාධනා කර ඇත.

මේ අතර පෙබරවාරි 08 වැනිදා පාර්ලිමේන්තුව කැදවිය යුතු යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දන්වා ඇති අතර එසේ වුවහොත් එය මැතිවරණයේ නිහඩ කාල සීමාවේ වන නිසා මැතිවරණව කල් දැමීමට සිදුවනු ඇතැයිද වාර්තා වෙයි.

0 views

7 Comments to “ඡන්දෙට පෙර පාර්ලිමේන්තුව කැදවීම ගැන කතානාය ක තීන්දුව ගනී.. ඡන්දය කල් යයිද..”

  1. rathnapala says:

    ඕකනෙ තොපිට ඕනැ කරන්නෙ. කොහොම හරි චන්දෙ කල්දානනනෙ. ෆයිසරය කොයිතරම් මහන්සි වුනාද දිගට ඇදගෙන යන්න. මුන්ට දේව ශාපය වැදේවා

    • kamalasirikuruwita says:

      මේ ගොයියා පක්ෂේටම , ලොක්කටම කඩේ යන නිසා රනිල්ට් මයිත්‍රී ට උවමනා චන්දෙ කල්දාගන්න නම් මිනිහ අගේට පාර්ලිමේන්තුව කැඳවල සුමාන ගානකට විවාද දික් කරල සුමාන ගානකට චන්දෙ කල් දාන්න වැඩ කරයි . චන්ද කොමාත් රනිල්ගේ මයිත්‍රී ගේ රූකඩයක් නිසා එයාලගේ කැමැත්තට වැඩේ කරලා දෙයි. ඔන්න පොරජාතන්ත්‍රවාදේ සහ ජනතා පරමාධිපත්යේ දැන් තත්වය හා තරම.

  2. Nevile de Alwis(attoney at law) says:

    ජාතික ආණ්ඩුව සම්බන්ධ ගිවිසුම අවසන් වුණේ පසුගිය සැප්තැම්බර් මස 02 වැනි දිනයි.ජාතික ආණ්ඩු ගිවිසුම අවුරුදු දෙකකට සීමාකර තිබුණා. ඒ වසර දෙක අවසන්එ. ජාපය හා ශ්‍රී ලනිපයත් එක්වූ ගිවිසුම අනුව තමයි ඇමැතිවරු ගණන 48 දක්වාත් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු ගණන 45 දක්වාත් වැඩිකර ගත්තේ.
    නමුත් දැන් ඒ ගිවිසුම නැහැ. අලුත් ගිවිසුමක් කතානායකතුමා වෙත ඉදිරිපත් කර නැහැ.? . දැන් පවතින කැබිනට් මණ්ඩලය විසුරවා හෝ වහා අඩු කළ යුතුයි. නැත්නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි.මහජන මුදල් වලින් තමයි කැබිනට් එකට පඩි ගෙවන්නේ .
    චන්දෙ දිනකින් හෝ මේ නිසා කල්දැමීමේ හැකියාවක් නැහැ .කතානායක කරු ජයසූරිය මහතා ජනතාවට වග කිවයුතු වෙනවා නීතියේ රාමුව තුළ .

  3. Dr S. Attigala says:

    මේ හදන්නේ පලාත් පාලන මැතිවරණයට දින කිහිපයකට පෙර පාර්ලිමේන්තුව කැඳවා පාර්ලිමේන්තුවේ කලබලයක් ඇතිකොට ඉන්පසු හදිසි නිතිය දමා ජන්දය නැවත සැලකියයුතු කාලයකට කල්දමගැනීමේ කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙලකට .

  4. ආද මාළු ඉරට්ටෙන් කනවා. says:

    කක්කා නායක ආද මාළු ඉරට්ටෙන් කනවා. චංදෙට කලින් කොමසරිට ඉරටුවෙන් අනියිද? වහෙන් හොරෝ අවවාදයක්

  5. Saradiel says:

    කථා නායක බලාගන ඉන්නේ රනිල් ජනාදිපති කර අගමැති වෙන්න

  6. Nandasoma Suriyaarachchi says:

    පජාත ආණ්ඩුව මොන දහංගැට ගැහුවත්, මැතිවරණ කොමසාරිස් තුමා කිසිම ලෙසකින් මැතිවරණය කල් දැමීමට ඉඩ නොදෙන බව විශ්වාසයි

Main News