ඡන්දෙන් ආණ්ඩුව පැරදුනොත් හමුදාව-පොලිසිය ආණ්ඩුවට විරුද්ද වෙයි..

January 16, 2018 at 11:26 pm | lanka C news
ඡන්දෙන් ආණ්ඩුව පැරදුනොත් හමුදාව-පොලිසිය ආණ්ඩුවට විරුද්ද වෙයි..

පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවණයෙන් ආණ්ඩුව පරාජයට පත් වුවහොත් හමුදාව පොලීසිය පවා ආණ්ඩුව කියන දේ පිලි නොගන්නා තත්වයට පත්වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා පවසයි.

‘ජනවරමක් නැති ආණ්ඩුවකට පවතින්න බෑ. පොලීසිය ඒ ආණ්ඩුව කියන දේ පිලිගන්නෙ නෑ. හමුදාව ඒ ආණ්ඩුව කියන දේ පිලිගන්නෙ නෑ. රාජ්‍ය සේවය ඒ ආණ්ඩුව කියන දේ පිලිගන්නෙ නෑ.

මේ ආණ්ඩුවට දැන් ජනමතයක් නෑ කියල පෙන්වන එකයි පෙබරවාරි 10 කරන්න ඕන. ඒක කරන්න තමයි පොහොට්ටුවට කතිරෙ ගහන්න ඕන’ යයිද ඔහු සදහන් කරයි.

කඩුවෙලදී පැවති ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනරැළියක් අමතමින් ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.

3 views

5 Comments to “ඡන්දෙන් ආණ්ඩුව පැරදුනොත් හමුදාව-පොලිසිය ආණ්ඩුවට විරුද්ද වෙයි..”

  1. රජින්ද says:

    තරහා වෙන්නෙපා. ගණේමුල්ල නගරයේ ඇතැම් පැතිවල පොහොට්ටුවෙන් දාල තියෙන්නේ අමුම කුඩුකාරයෝ ටිකක්. ඇයි මේ වගේ ගොන් වැඩ කරන්නේ කියල තේරෙන්නේ නැහැ.. 🙁

    • siraa says:

      උඹල හිතනවද මහින්ද හරි දේ කරන එකෙක් කියල, උට ඕනේ නම් policy එකක් ගෙන්න තිබුන උගත් විතරක් දෙනව කියල. උන්ට රටක් ඕන නැහැ.

      • somapala says:

        ඇත්තටම මේ ප්‍රවුර්තිය බොරුවක්. බැසිල් රාජපක්ශ මහතා කියා තිබෙනවා උපාධි දාරීන් හා නීතිවිරෝධී වැඩ නොකල අය විතරයි ගත්තේ කියල

  2. siraa says:

    ගොන් ආතල් දෙන්නේ නැතිව ඉන්නවද? බොරු news හැමදාම

Main News