ඡන්ද කල් යන්නේ එජාපයේ වරදින්..- ශ්රීලනිපය නිල වශයෙන් කියයි..
October 30, 2017 at 2:10 pm | lanka C news
දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය කල් යන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා යයි එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් කියා සිටියද සත්‍ය ලෙසම ඡන්දය කල් යන්නේ එක්සත් ජාතික පක්ෂය නිසා බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.
පලාත් පාලන මැතිවරණයේ සීමා නිර්ණය ගැන වැඩුපරාම අභියාචනා ඉදිරිපත් කරනු ලැබුවේ එජාපය විසින් බවත් ඒවා අවසන් වූ පසු තව දුරටත් සීමා නිර්ණ ගැටළු ඇතැයි පැමිණිලි ඉදිරිපත් කරන්නේ එජාපය විසින්ම බවත් ඔහු පෙන්වා දෙයි.
කිසිසේත්ම ශ්රීලනිපය මැතිවණවලට බියෙන් පසු නොවන බවත් සීමා නිර්ණයේ ගැටලු නොතිබුනා නම් පසුගිය වසරේ වුවද මැතිවණය පැවැත්වීමට හැකියාව තිබුණු බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
කෙසේ වෙතත් සියලු දෙනාගෙන් අභියාචනා සලකමින් මේ වන විට සකස් කර ඇති සීමා නිර්ණයටද එක්සත් ජාතික පක්ෂයේ පිරිස් විසින් විරෝධතා දක්වන නිසා මැතිවණය තව දුරටත් කල්යමින් ඇති බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.
දැන් මුන් දෙගොල්ලෝ හැන්ඩ් බෝල් ගගහා ඉන්නවා, අයියෝ සැර් හරිම බෑඩ් කියන්නත් සෑඩ්
හක හක.. සියලු තැන් වලින් හිනා ඕයි
තොපි කාටද යකුණේ බොරු කියන්නෙ?
දෙගොල්ලම බයයි මැතිවරණ තියන්න..!
සිරිසේන බයයි තමන් කළ පව් පලදෙයි කියල…!!
අනික් උන් බයයි තමන්ට හිමි වෙලා තියෙන වරප්‍රසාද නැති වෙයි කියල…!!!
kauda dan me case eka boruwata karagena giya ekata giya viyadam walata gewanne? hire damma nisa una paduwata kauda gewanne?
http://www.dailymirror.lk/article/Karuna-Amman-Vehicle-Misuse-Case-Dismissed-139420.html
මුන් දෙගොල්ලම බින්දුවට පරදවමු