ඡන්ද ගණන් කෙරේ.. උතුර හැර රට පුරාම පොහොට්ටුව ඉදිරියෙන්.. උතුර දෙමල සන්ධානයට..

August 6, 2020 at 10:40 am | lanka C news
ඡන්ද ගණන් කෙරේ.. උතුර හැර රට පුරාම පොහොට්ටුව ඉදිරියෙන්.. උතුර දෙමල සන්ධානයට..

ඊයේ පැවති ඡන්ද විමසීමට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

රටපුරා පිහිටි මධ්‍යස්ථාන 77ක දී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කරන බව මැතිවරණ කොමිසම පැවසීය.

පළමුව තැපැල් ඡන්ද ගණන් කිරීම සිදු කරමින් තිබේ.

ගණන් කිරීමේ මධ්‍යස්ථාන නියෝජිතයන් සදහන් කරන ආකාරයට උතුර පලාත හැර රට පුරා ගණන් කිරීමේ සියලු මධ්‍යස්ථානවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් සිටියි.

උතුරු පළාතේ දෙමළ ජාතික සංධානය ඉදිරියට පැමිණ ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.

730 views
Main News