ඡන්ද දායකයන් ප‍්‍රවාහනය කල බස් රියකට වෙඩි තබයි.. ගල් ගහයි..

November 16, 2019 at 10:40 am | lanka C news
ඡන්ද දායකයන් ප‍්‍රවාහනය කල බස් රියකට වෙඩි තබයි.. ගල් ගහයි..

ඡන්දදායකයන් පිරිසක් පුත්තලමේ සිට සිලාවතුර ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිටි බස් රථයකට කිසියම් පිරිසක් විසින් ගල්ගසා වෙඩි තබා ඇතැයි වාර්තා වෙයි.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ලංගම බස් රථයකට වන අතර මේ සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

සිදුවීමෙන් කිසිවෙකුට අනතුරක් සිදුව නැත.

මේ අතර ඇමති රිෂාද් බදුර්දීන් විසින් පුත්තලම පදිංචි පිරිස් මන්නාරම සිලාවතුරු ප‍්‍රදේශයට ලංගම බස් රථ යොදා ගනිමින් ප්‍රවාහනය කරමින් ඡන්දය භාවිතා කරවීමට කටයුතු කර ඇතැයි දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා වෙත පැමිණිලි කර තිබේ.

 

48,102 Viewers

5 Comments to “ඡන්ද දායකයන් ප‍්‍රවාහනය කල බස් රියකට වෙඩි තබයි.. ගල් ගහයි..”

  1. රටට හිතැති says:

    වෙඩිතියපු අපේ දේශප්‍රෙමින්ට ජයවෙවා

    • Hoo !!! says:

      හොරචන්ද දාන්න ආපු බදුරුඩිං තුමාට ජය වේවා ! උන්ට වෙඩි තැබූ එවුන් බංග වේවා !
      රටට නෙමෙයි පු..ට හිතැති කියලා නම දාගනිං 🤣🤣

  2. Saman says:

    Ithin hodayi new. .

  3. Dilshan says:

    These people been registered twice. This is the plot. They had probably cast their ballot at putlam and then taken back to Mannar to vote again

    • ලක්වැසියා says:

      ඔව් මේ අන්තවාදී හැත්ත චන්ද දෙක දෙක දානව ඇති.
      චන්දෙ දාපු නැති එවුන්ගෙ චන්දත් ඇති තරම් හොරට දානව ඇති.

Main News