ඡන්ද දායකයන් වැරදි පුද්ගලයන් පාර්ලිමේන්තු යවා පසුව පසු තැවෙනවා…

July 7, 2020 at 8:02 am | lanka C news
ඡන්ද දායකයන් වැරදි පුද්ගලයන් පාර්ලිමේන්තු යවා පසුව පසු තැවෙනවා…

රටේ යහ පැවැත්මට සුදුසු නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ පරම වගකීම ඡන්ද දායකයන් සතු වන බැවින් එය වඩාත් නිවැරදි ලෙස පාවිච්චි නොකළහොත් රටට ජාතියට සිදු වන හානිය බරපතල වනු ඇති බව අගමැති පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය.

කෝවිඩ් වසංගතය නිසා රට වැටී ඇති තත්වයෙන් ගොඩ ගැනීම පහසුම කාර්ය භාරයක් නොවන බව කී ඒ මහතා ,යහපත් අරමුණු සහිත පිරිස් එක්ව ක්‍රියා කළ හොත් අපට යළි නැගී සිටිය හැකි යැයි ද සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා එසේ කීවේ මෙවර මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයෙන් තරඟ වදින අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කුරුණෑගල පන්නල – ඇලිවිල සහ මාකඳුර ප්‍රදේශයන්හි පැවැති ජන හමු වල ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි .

එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .

ඉතිහාසය පුරා අප වැටි – වැටී නැගිටින ජාතියක් .රටට නොයෙක් විදියේ හානිකර දේ සිදු වුණා .එවැනි බොහෝ දේ වලට ජනාතව ද වගකිව යුතුයි .හොඳ ආණ්ඩු හදන්නෙත් නරක ආණ්ඩු හදන්නෙත් පොදු ජනතාව .යහපාලන ආණ්ඩුව හැදුනේ ද ඡන්ද දායකයන්ගේ දායකත්වයෙන් .අවසානයේ රට විනාශකාරී තැනට පත් වුණා . ඡන්ද දායකයන් වැරදි පුද්ගලයන් තම නියෝජිතයින් ලෙස පත් කරනවා .පසුව පසු තැවෙනවා .

ඔවුන් ක්‍රියා කරන හැටි දැකල විවේචන කරනවා .මන්ත්‍රී වරුන් 225 එක්ක පාර්ලිමේන්තුව ගිලෙන්න ඕන කියා සමහරු ප්‍රර්ථනා කළා .ඒ තරමට එපා වුණා .එහෙම එපා වෙලා බෑ .හොඳ පාර්ලිමේන්තුවක් හදා ගන්න ඕනෑ .රටකට ප්‍රජාතන්ත්‍රවාදය ඕනෑ .

යමෙකුට මහ ජන නියෝජිතයෙක් වෙන්න තිබිය යුතු ප්‍රධාන සාධකය නම් මානව දයාවයි .මහින්ද රාජපක්‍ෂ චරිතය තුළ එය හොඳින් කැපී පෙනෙනවා . යහපත් ලෙස ක්‍රියාත්මක ව්‍යවස්ථාදායකයක් විධායකයක් හා අධිකරණයක් රටකට ඕනැ .එවැනි පරිසරයක තමයි සාධාරණ යුක්තිගරුක සමාජයක් බිහි වන්නේ .යහපාලන කාලය තුළ මේ සියලු අංශ හානියට පත් වූණා.

මේ මහ මැතිවරණයෙන් විධිමත් ආණ්ඩුවක්පිහිටුවා ගන්න ඉඩ ලැබෙනවා .එහි අගමැති වෙන්නේ තවමත් පොදු ජන හදවත් දිනා සිටින මහින්ද රාජපක්‍ෂ මහත්තය .යහපත් දේශපාලන සංස්කෘතියක් බලාපොරොත්තුවෙන් වැඩ කරන ජනාධිපති ගෝඨාභය මහත්තය සමග එක් වූ විට රටට යහපතක් උදා වනු ඇතැයි ද හෙට්ටිගේ මහතා සඳහන් කළේය .

– Khmedia

81 views

10 Comments to “ඡන්ද දායකයන් වැරදි පුද්ගලයන් පාර්ලිමේන්තු යවා පසුව පසු තැවෙනවා…”

  1. Modaya says:

    This man says that people are responsible for sending unscrupulous individuals to parliament. He forgets the fact that it is political parties who decide their candidature; not the people. Political parties force rogues like him on the people to vote. People are helpless.

    Sr Lanka is a failed country and never ever becomes lawful, prosperous state

    • Independent Buwa says:

      Exactly machan, if possible could you pls make your comment also in Sinhala?

  2. නොදකිං බානට් says:

    යහපත් දේශපාලන සංස්කෘතියක් බලාපොරොත්තු වෙන්නේ මහින්ද රාජප්ෂගෙ වටේ ඉන්න කුඩු කාරයො, කසිප්පු කාරයො, කප්පම් කාරයො එක්ක වෙන්න ඇති මගේ හිතේ. 2015 මිනිස්සු ගෙදර එලෙව්වේ ඇයි කියන එක තාම තේරුම් ගන්න බැරි එක තමා ලොකුම ප්‍රශ්නේ. වල පයයි ගොඩ පයයි තියාගෙන අගමැතිකම කොරන්න එන්න හදන්නේ පින් රැස් කරලා දෙවියාලොකේ යන්න වෙන්න ඇති නේද ?

    • Chinthana says:

      Dear, people have realized that they got the wrong decision in 2015. they understood that they could take lots of service from Mahinda during 2015-2019.

  3. mp says:

    මුළු ලංකාවේම වියත්මගේ 16 ඉන්නේ… දිස්තික්කෙට 2 දැම්මත් 25 වෙන්න ඕන…. අනිත් ඔක්කොම හිටපු කුපාඩියෝම තමයි… එහෙම තියාගෙන කාටද දෙන්නේ….???

  4. පොඩි බයිය says:

    රටට වින කරපු එ.ජා.ප. රජය විසින් වනාන්තර ආරක්ෂාකර ගැනීමට නිකුත්කල 05/2001 චක්‍රලේඛණය, ජනතා හිතවදී රාජපක්ෂ රජය විසින් අහෝසි කිරීමට යෝජනාකර ඇත. බලපත්‍ර නොමැතිව වැලි, පස් ප්‍රවාහනයටද අවසර ලබාදී ඇත. අන්ධ බයියන්ට මේවා නොපෙනීම රටේ කරුමයකි.

  5. nim says:

    බයිලා ගහන්න එපා ඔයි nomination දුන් උන්ට නේ චන්දෙ දෙන්න වෙලා තියෙන්නේ .

  6. දුටුගැමුණු says:

    කුඩ්ඩන් ට, මරයින්ට නොමිනේශන් දීලා , චන්ද දායකයින්ට බනින කාලකන්නි බූරු වෝ !

  7. sena says:

    තවමත් තණකොළ කන එවුන් ඉන්නවා

Main News