ඡන්ද දිනන හැටි මං දන්නවා.. මැතිවරණවලට මං බය නෑ..- ජනපති

February 23, 2017 at 1:20 pm | lanka C news
ඡන්ද දිනන හැටි මං දන්නවා.. මැතිවරණවලට මං බය නෑ..- ජනපති

තමන් මැතිවරණවලට බය නැති බවත් මැතිවරණ තියන හැටි තමන් දන්නා බවත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ පවසා ඇත්තේ ඊයේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති ශ‍්‍රීලනිප ආසන සංවිධායකයින් හමුවේදීය.

මැතිවරණය සදහා පක්‍ෂය සූදානම් කරන්නැයිද සංවිධායකයින්ට දන්වා ඇති ජනාධිපතිවරයා ඉදිරි දින කිහිපයේදී පක්‍ෂයට වැඩ නොකරන ආසන සංවිධායකයින් ඉවත් කරන බවද කීය.

සෙනග පෙන්වීමට රැුස්වීම් තියලා ඡුන්ද දිනන්න කිසිවෙකු හිතන්නේ නම් එය විහිළුවක් බවත් රටේ ජනමතය එසේ තීරණය කරන්න නොහැකි බවද පැවසීය.

132 views
Main News