ඡන්ද ප‍්‍රතිඵලය ජනතාව පෙට්ටියට දැමූ ඒවා තමයි.. පෙට්ටි මාරු කරලත් නෑ.. ජිල්මාට් නෑ.. පාර්ලිමේන්තුවෙන් එලියේ සටන් කරනවා..

August 8, 2020 at 12:00 pm | lanka C news
ඡන්ද ප‍්‍රතිඵලය ජනතාව පෙට්ටියට දැමූ ඒවා තමයි.. පෙට්ටි මාරු කරලත් නෑ.. ජිල්මාට් නෑ.. පාර්ලිමේන්තුවෙන් එලියේ සටන් කරනවා..

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ප‍්‍රතිඵල ලෙස නිකුත් වූයේ ජනතාව විසින් ඡන්ද පෙට්ටියට දැමූ ඡන්ද මිස අන් යමක් නොවන බව තමන් විශ්වාස කරන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

ඡන්ද පෙට්ටි මාරු කිරීමක් හෝ වෙනත් ජිල්මාට් ගැන හෝ කියන තරම් තත්ත්වයට තමන් පත් නොවන බවද ඔහු පැවසීය.

ජනතාව තම දේශපාලන ව්‍යාපාරය ගැන දක්වන කැමැත්ත මෙය බව පිළිගන්නා බවද ඔහු සඳහන් කළේය.

ජවිපෙ නායකයා මේ බව කියා සිටියේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

විපක්ෂයේ කාර්ය ඉටු කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළ පමණක් නොව ඉන් පිටතදී වුවද එය වඩා හොඳින් ඉටු කළ හැකි බවද පැවසූ ඔහු ඒ අනුව තම වගකීම ජනතාව වෙනුවෙන් ඉදිරියේදීද ඉටුකරන බව සඳහන් කළේය.

ජනතාවගේ කැමැත්ත පිළිගන්නා බවත් පීඩාවට අසරණභාවයට පත් ජනතාව වෙනුවෙන් වන තම අරගලය පාර්ලිමේන්තුවට පිටත සිට හෝ කරන්නට සූදානම් බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

4,192 views

41 Comments to “ඡන්ද ප‍්‍රතිඵලය ජනතාව පෙට්ටියට දැමූ ඒවා තමයි.. පෙට්ටි මාරු කරලත් නෑ.. ජිල්මාට් නෑ.. පාර්ලිමේන්තුවෙන් එලියේ සටන් කරනවා..”

  1. ගෝනි බිල්ලෝ says:

    ආයි සැරයක් තරුන බිලී පුජාවකටද වැඩ අල්ලන්නේ

  2. Anagarika says:

    What I can’t believe is how naive the voters in Ratnapura to elect someone convicted and sentenced to gallows! Typical Srilankans!

    • The VOTERS says:

      This is an outbursts or overflow of the fury
      of the people for the last rulers ( U.N.P.ers inclusive of J.V.P.),for damaging the country’s national interests including it’s culture,national security and civilization.

  3. Gini says:

    You guys always talk like you want to serve for the country, but don’t forget your party’s past killings 😡. If you were elected you will fill your own pockets people are not stupid anymore Mr. So take a break.

  4. Makal says:

    ජවිපෙ පැරදිලා නෑ… මේක ජනතාව පෙට්ටියට දාපු ඡන්දයේ ප්‍රතිඵල විතරයි…☝️😁

  5. ඊබ්‍රහීම් සහෝදරයා says:

    ඔහෙල අටවපු රූකඩ මැ/කොමිසම ලවා ජිල් මාට් දම්මලා ඡන්දෙ කල්දාන්න පරණ පාර්ලිමේන්තුව කැන්දන්න ෆුල් ටර්යි එක දානවා අපි දැක්කා.

  6. රනිල් says:

    ජවිපාවුන් බලන්න zoo එකට යන්න වෙන දවස් වැඩි ඈතක නෑ

Main News