ඡන්ද ප‍්‍රතිඵල වෙනස් කලේ නෑ.. ‘ප්ලෑන් A’ වැරදුනා.. ‘ප්ලෑන් B’ ක‍්‍රියාත්මක කලා..- මැකො ගෙන් නිවේදනයක්..

February 17, 2018 at 5:30 pm | lanka C news
ඡන්ද ප‍්‍රතිඵල වෙනස් කලේ නෑ.. ‘ප්ලෑන් A’ වැරදුනා.. ‘ප්ලෑන් B’ ක‍්‍රියාත්මක කලා..- මැකො ගෙන් නිවේදනයක්..

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල නිකුත්කිරීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කරුණු පහැදිලි කරමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

සියළුම සමාජ ජාලා ක්‍රියාකාරීන් වෙත කරුණාවෙනි,

2018.02.10 වන දින පැවැත්වීමට යෙදුනු පළාත් පාලන 340ක ඡන්ද විමසීම අවසන් වීමෙන් අනතුරුව සමාජ ජාලා තුළ පළවී ඇති විවිධ ප්‍රචාර සඳහා නිල වශයෙන් පිළිතුරක් ලබාදීම සුදුසු යැයි හැගුණු හෙයින් මෙලෙස කරුණු සඳහන් කරමි.

මීට ඉහතදී පැවති ඡන්ද විමසීම් සඳහා නිල ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා පරිගණක වැඩසටහන සකස් කිරීම සිදු කරන ලද්දේ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යනාංශය විසින් වන අතර 2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා වන පරිගණක වැඩසටහන සකස් කරන ලද්දේ කැලණිය විශ්ව විද්‍යාලය විසිනි.

කොළඹ විශ්ව විද්‍යාලයේ මීට ඉහතදී ඡන්ද විමසීම් වලදී අප සමඟ පරිගණක වැඩසටහන වෙනුවෙන් කටයුතු කරන ලද ප්‍රධානියෙකු මියයාම, මේ සම්බන්ධයෙන් මෙයට පෙර කටයුතු කර අත්දැකීම් සහිත ප්‍රධානියෙකු ස්ථාන මාරු ලබා යාම, එහි නිලධාරීන් අතුරින් මෙයට පෙර අප හා එක්ව ක්‍රියා කල අනෙක් ප්‍රධානියා පෞද්ගලික හේතු මත මෙම වැඩසටහනට සහභාගී වීම අපහසු බව දැන්වීම නිසා, ඉන් අනතුරුව පරිගණක වැඩසටහන සකස් කිරීමේ කටයුතු කැලණිය විශ්ව විද්‍යාලය වෙත පවරන ලදී.

දිස්ත්‍රික් ප්‍රතිඵල සකස් කිරීමේ මධ්‍යස්ථාන තුළ සිට පද්ධතියට දත්ත ඇතුළත් කිරීමටත් ඉන් අනතුරුව දත්ත පරීක්ෂා කිරීම පමණක් ප්‍රධාන කාර්යාලය මඟින් සිදු කිරීමටත්, අත්ත නිවැරදිව ඇතුළත් කර ඇති බව සනාථ වේ නම්, මාධ්‍ය ආයතන මඟින් වෙන් කර ගන්නා ලද දිගු හරහා ස්වයංක්‍රීයව, එම ප්‍රතිඵල පමණක් එම ආයතන වෙත යොමු කිරීමේ ක්‍රමවේදයක් සකස් කර තිබුණි.

එයට අදාළ පරීක්ෂා කිරීම් හා මුලික පුහුණු කටයුතුද සාර්ථකව අවසන් කරන ලදී.
ඒ ඒ ගම් නියම් ගම් උප නගර වල පිහිටි කොට්ඨාසයන් වල ප්‍රතිඵල අප බලාපොරොත්තු වූවාටත් වඩා කලින් ප.ව. 6.30 සිට ඒ ඒ ප්‍රදේශ වලදී නිකුත් කරන ලදී.

ප්‍රමාදවූ කොළඹ නගරයේ හා තවත් සමහර ප්‍රදේශ කිහිපයක රාත්‍රී 11.30ට පෙර කොට්ඨාස මට්ටමින් සියළු ප්‍රතිඵලදී දී තිබිණි.

අප විශ්වාස කලේ රාත්‍රී 8.00-12.00 අතර එම ප්‍රතිඵල නිකුත් කිරීමටයි. ඒ ඒ සභාවල සමස්ථ ප්‍රතිඵලය 11 වන දින මධ්‍යාහ්නය වන තෙක් ඇදී යනු ඇතැයි අපට හැඟී ගිය බැවින් ඒ බව 2018.02.10වන දින ඡන්ද විමසීම නිසි ලෙස පැවැත්වූ බවට ප්‍රකාශ කිරීම සඳහා පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කලෙමි.

එසේ වුවත් අපගේ ප්‍රමාදය අනපේක්ෂිත තරම් වැඩිවීම කණගාටුවට හේතු වේ.2018.02.10 වන දින රාත්‍රීයේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වේ යැයි හැගුණු හෙයින් කොට්ඨාස මට්ටමින් අපගේ නිල ෆේස් බුක් පිටුවෙහි ප්‍රතිඵල පළ කරන ලද නමුත් රාත්‍රි 10.00 පමණ වන විට එය මුළුමනින්ම නතර කිරීමට සිදුවූයේ මාධ්‍ය විසින් මුදල් ගෙවා ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ගිවිසුම්ගතව සිටියදී අප විසින් කලින්ම නිකුත් කිරීම නිසා මාධ්‍ය වෙතින් එල්ල වූ බරපතල විරෝධය හේතුවෙනි.

කොට්ඨාස මට්ටමින් ප්‍රතිඵල පළකිරීම අපහසු බව ඡන්ද විමසීමට පෙර පැවති මාධ්‍ය සාකච්ඡා වලදී විද්‍යුත් මාධ්‍යවල නියෝජිතයින් ප්‍රකාශ කරන ලද හෙයින් කොට්ඨාස ප්‍රතිඵල ඔවුන් වෙත යොමු නොකරන ලදී.

ඡන්ද විමසීම් දින රාත්‍රියේ දිස්ත්‍රික් ප්‍රතිඵල මධ්‍යස්ථාන මඟින් දත්ත ඇතුළත් කිරීම් වලදී අනපේක්ෂිතව අඩුපාඩු සිදුවූ අතර (උදා ලෙස කොට්ඨාස 12ක් සහිත පළාත් පාලන ආයතනයක කොට්ඨාස 12ක්ම ඇතුළත් කර, ඉන් එකක තැපැල් ඡන්ද ප්‍රතිඵලය ඇතුළත් නොවීම, කොට්ඨාස 12න් 11ක්ම ඇතුළත් කර එකක් පමණක් ඇතුළත් කර නොමැතිවීම) එවැනි තොරතුරු නිවැරදි කිරීම සඳහා නැවත නැවතත් පරීක්ෂාවට ලක් කිරීමටත්, තොරතුරු ආපසු ගෙන්වා ගැනීමට දිස්ත්‍රික්ක වෙත කතා කිරීමට සිදුවීමත් හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කිරීම දැඩි සේ ප්‍රමාදයට ලක්විය.

අපගේ සැලසුම A බිඳ වැටෙද්දී B සැලසුම ක්‍රියාවේ යොදවමින් ප්‍රතිඵල ෆැක්ස් මඟින් ගෙන්වාගෙන පරිගණක ඇසුරෙන් යතුරු ලියා දෘඩ පිටපත් මාධ්‍ය වෙත යොමු කිරීමට සිදු විය. අතින් එවැනි ගණනය කිරීම් සිදු කරන විට හා ප්‍රතිඑල ලේඛන 340ක සකස් කිරීමේදී බහු කොට්ඨාස වල ඇති ගණනය කිරීම් මඟ හැරීම හා තවත් ගණනය කිරීම් කිහිපයක වැරදි සහිතව ප්‍රතිඵල නිකුත් වුයේ ඇති වූ මානුෂික අතපසුවීම් හා මඟහැරීම් හේතුවෙන් බව කණගාටුවෙන් ප්‍රකාශ කරමි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමක සමස්ත ප්‍රතිඵලය යනු ඒ ඒ සභාවල සභික සංඛ්‍යා ප්‍රකාශ කිරීම වන අතර එම නිවේදනය ඒ ඒ දිස්ත්‍රික්කවලදී ඒ ඒ සභාවලට අදාළව තේරීම්භාර නිලධාරී විසින් ප්‍රකාශ කිරීම සමස්ත ප්‍රතිඵලය ප්‍රකාශ කිරීම ලෙස සැලකේ.

එහෙයින් ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණය හෝ පළාත් සභාව පරිදි මැතිවරණ කොමිෂන් සභාව විසින් සමස්ථ ප්‍රතිඵලයක් ප්‍රකාශ කිරීමක් සිදු නොකෙරේ.
මෙම ඡන්ද විමසීමේදී ඒ ඒ පක්ෂවලට අදාළව තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් කිරීමේ හැකියාවක් නැති බව ඡන්ද විමසීමට පෙර සිටම ප්‍රකාශ කරන ලදී.

මක්නිසාද යත් තැපැල් ඡන්ද ඡන්ද ප්‍රතිඵල ඒ ඒ කොට්ඨාසවලටම ඇතුළත් වන බැවින් එහෙයින් වෙනම තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමක් සිදුකර නැත.

එමෙන්ම ප්‍රතිඵල නිකුත් කරන ලද දින රාත්‍රිය සඳහා ප්‍රධාන කාර්යාලයේ ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා නියෝජිතයෙකු පත් කරන ලෙසට කලින් කරන ලද දැනුම් දීම පරිදි දේශපාලන පක්ෂ කිහිපයක් වෙනුවෙන් පත් කරන ලද නියෝජිතයයෝ මෙම කාර්යාලයේ රැදී සිටියහ.

සභා 40කට වඩා තරඟ කරන දේශපාලන පක්ෂ වෙත කරන ලද මෙම දැනුම්දීම අනුව රාත්‍රී කාලය තුළ එක්සත් ජාතික පක්ෂයේ (මහාචාර්ය අශුබෝධ මාරසිංහ), ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ජ්‍යෙෂ්ඨ නීතීඥ චම්පානි පද්මසේකර මහතා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (ජ්‍යෙෂ්ඨ නීතිඥ සාගර කාරියවසම් මහතා සහ හිටපු පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මහතා) නියෝජිතයින් පැමිණ සිටි අතර ජනතා විමුක්ති පෙරමුණෙහි නියෝජිතයින් දුරකථනයෙන් නිරන්තරයෙන් සම්බන්ධ විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි නියෝජිතයන් බොහෝ විට දෙදෙනාමද, කෙටි කාල අන්තරවලදී අවම වශයෙන් එක් අයෙකුද පෙබරවාරි 10වන දින රාත්‍රී 8.00 සිට පෙබරවාරි 11 දින පස්වරු 02.00ද පසුවන තෙක් අඛණ්ඩව මෙහි රැදී සිටි බවද සඳහන් කරනු කැමැත්තෙමි.

එමෙන්ම මැතිවරණ නිරීක්ෂන සංවිධාන වල ප්‍රධානීන් විටින් විට ප්‍රධාන කාර්යාලය වෙත පැමිණි අතර ප්‍රතිඵල සැකසුම් කටයුතු ඔවුන් විසින් නිරීක්ෂණය කරන ලදී.

එහෙයින් ප්‍රතිඵල වෙනස් කිරීමේ තැතක් හෝ චේතනාන්විතව ප්‍රමාද කිරීමක් සිදුවු බවට කෙරෙන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය වේ.

මේ නියෝජිතයින් සියළුම දෙනා කිසිදු බාධාකිරීමකින් තොරව ඉතා සුහදව මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යයන්ට සහාය දෙමින් නිරීක්ෂණ කටයුතුවල නිරත වූ බවද ප්‍රකාශ කල යුතුව තිබේ.

කෙසේ වුවද ඡන්ද විමසීම නිදහස්, සාධාරණ හා විශ්වාසනීය ලෙස පැවැත්වීමට හැකි වූ බව හා ගණන් කිරීම නිවැරදිව සිදුකරන ලද බව අපි නිශ්චිතව ප්‍රකාශ කර සිටිමු.

ඒ පිලිබඳව අපි අතිශයින් සතුටු වෙමු. මේ සඳහා සහාය වූ සැමට ඡන්ද හිමියන්ට, අපේක්ෂකයින්ට, දේශපාලන පක්ෂ/ කණ්ඩායම් නායකයන්ට රජයේ හා රාජ්‍ය ආයතන වල සියළු නිලධාරීන්ට, සිවිල් සංවිධාන වලට, පොලීසිය හා ජනමාධ්‍ය ආයතන වලට අපගේ කෘතඥතාව හිමිවේ.

ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේදී කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලද වාහන ප්‍රමාණවත් නොවීම නිසා මහනුවරද ඡන්ද විමසීම් කාර්යය මණ්ඩලයට අපහසුතා වලට මුහුණ දීමට සිදුවීම පිළිබඳවද මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කර සිටිමි.

මෙම පළකිරීම සිදු කරනු ලබන්නේ අපෙන් සිදුවූ අතපසුවීම් වෙතොත් ඒ පිළිබඳ නිවැරදි කරුවන් වීම සඳහා නොව, අසත්‍ය ප්‍රචාර පැතිරවීම වැලැක් වීම සඳහාය. නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා ඔබ සියළු දෙනාගේ දායකත්වය ඉතා අගේ කොට සලකමු.
ස්තූතියි.

මහින්ද දේශප්‍රිය
මැතිවරණ කොමිෂන් සභාව

75 views

28 Comments to “ඡන්ද ප‍්‍රතිඵල වෙනස් කලේ නෑ.. ‘ප්ලෑන් A’ වැරදුනා.. ‘ප්ලෑන් B’ ක‍්‍රියාත්මක කලා..- මැකො ගෙන් නිවේදනයක්..”

  1. WMFernando says:

    He was acting as an actor and threatening the public/govt officers to show off his powers, but did not concentrate on his duties proper. That was the mistake.

  2. Sajith- STF says:

    මතකද ඔබට මිට පෙර ජන්දයේ ඊට පසුදිනම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රියගේ ආරක්ෂාවට ඔහුගේ නිලකාමරයේ පමණක් රාජකාරියේ යෙදී සිටි STF බටයන් දෙදෙනා ඊට පසුදිනම හදිසි අනතුරකින් මියගිය හැටි . ඉන්පසු ඔහුගේ නිලකාමරයේ පමණක් රැදී සිටිමින් අවසන් ප්‍රතිපල පරිගණක පද්දතියට පොද්ගලිකව ඇතුලත් කළ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක වැඩසටහන වෙනුවෙන් කටයුතු කරන ලද ප්‍රධානියා මියයාම.

    තමයි එදා ජන්දයේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය සමග නිලකාමරයේ පමණක් රැදී සිටිමින් අවසන් ප්‍රතිපල දුටු අය . ඔවුන් අද පරලොව ………..පුදුමයි . එත් ඇත්තයි .

  3. Trumpet says:

    Lot of Excuses for his mistakes. MACO must be FIRED!

    Trumpet

  4. Dr Wasantha Ramanayaka says:

    මහජන මුදලින් නඩත්තුවන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය සම්ප්‍රදාය හා වගකීම හා නිතිය කඩකරමින් මහජනතාව අපහසුවට හා විශ්වාසය කඩවන අයුරින් කටයුතු කොට ජනතාවගේ පරමාධිපත්ය අයිතිවාසිකම හා නිදහසේ නිවැරදිව සැකයෙන් තොරව ජන්ද ප්‍රථිපල බුක්තිවිඳීමේ අයිතිවාසිකම බරපතළ අයුරින් කඩ වන ආකාරයෙන් කටයුතු කර ඇති නිසාත් මහජන මුදල් අති විශාල ප්‍රමාණයක් නිරපරාදේ පරිගණක පද්දතියක් වෙනුවෙන් වැයකොට මහ ජන මුදල් අවබාවිතයක් සිදුකර ඇතිනිසත් වහා තනතුරෙන් ඉවත් විය යුතු මෙන්ම අධිකරණය ඉදිරියට පමුණුවා ජනතාව වෙත සාධාරණයක් ඉටු කර දීමේ වගකීම පවතින් හෝ පත්වන රජයේ අනිවාර්ය කටයුත්තක් වේ.

  5. Kolitha says:

    buuruwek mechcharakal karapu magulakuth naha putu rathkala.anthima dosha sahitha mathiwarana kramayak eliuata damala wade anaagena inne..gon haraka.

  6. ජනක says:

    දැන් මේවගේ ප්‍රශ්න තියෙන අස්සෙද ඊළඟ චන්දය එලෙක්ට්‍රොනික් ක්‍රමයට චන්දය දෙන්න සකස් කරන්න හදන්නේ ?මරුවට තියේවි අපි ඔබන බොත්තම නෙවෙයි මැකොට ඕනා බොත්තම එබෙන්න ප්‍රෝග්‍රෑම් හදාවි .
    සියලු චන්ද දායකයන් වෙත :
    :ඊයේ පත්තරේ තිබුනා ඊළඟ චන්දය ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට තියන්න හදනවා කියල .මේකට කිසිසේත්ම ඉඩ දෙන්න එපා .පැරණි කඩදාසි ක්‍රමය හොඳයි .හොරකරන්න ගියොත් අහුවෙනවා නමුත් කොම්පියුටර් ක්‍රමයට බෝත්තම ඔබලා චන්දෙ දෙන්න ගියොත් මොනවා වේවිද කියන්න බෑ.
    මේවා මේ ආණ්ඩුවේ සහ මොකෝ එකතුවෙලා කරන ගැට .
    ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට චන්දය දීම ප්‍රතික්ෂේප කරමු

  7. මානුෂික හේතූන් මත් මැ.කො. කණගාටු වෙනවා. එතකොට පක්ෂවල නාම යෝජනා අපේක්ෂක ලැයිස්තු ගැන මැ.කො. කොහොම ද සළකා බැලුවේ. මානුෂික හේතූන් ලෙස ද? ලැජ්ජයි. නින්දා සහගතයි.

  8. බබා උක්කුන් says:

    මේ පාර පැවති ක්‍රමය හොදයි. ඒ ඒ චන්ද මධ්‍යස්ථාන වලදීම චන්ද ගණන් කරලා ප්‍රතිපලය ලිඛිතව ඒ ඒ පක්ෂ නියෝජිතයන්ට ලබාදෙනවා. එතකොට කොම්පියුටර් ජිල්මාට් දාන්න බැරිවෙනවා. මේ පවුල් රැකා මොනවා කිව්වත් 2015 ජිල්මාට් පාර දුන්න. ඒ කරේ ඔය දැන් පාර්ලිමේන්තුවේ ඉන්න තවත් පවුල් රැකෙක් එක්ක. නැත්නම් කොහොමද ලක්ෂ 5කට වැඩිය රන්නපොනිල ගන්නේ. අර ගෑනිගේ චන්දත් රන්නපොනිලගේ නමට දා ගත්ත. ගෑනි නඩු දාන්න යනකොට ශේප් කරගත්ත. ඒ නිසා තමයි අර ගෑනි පැරදුනේ. ඒවාට හිලව් වෙන්න තමයි කොළඹ යතුර දුන්නේ.
    අලුත් ගණන් කිරීමේ ක්‍රමය හොදයි. චන්ද මධ්‍යස්තානේදීම ගණන් කරලා ප්‍රතිපල නියෝජිතයන් අතට දෙනවා.
    මුළු ලෝකෙටම හොරකම් උගන්නන, මෙහෙ ඉදගෙන පිටරටවල බැංකු වලින් සල්ලි අදින, ලෝක හොරු ඉන්න රටකට ඉලෙක්ට්‍රොනික් ක්‍රම දැන්ම හදුන්වල දීල වැඩක් නැහැ.

  9. CHANDA says:

    මට නම් මු අමු නිල මැස්සෙක්,, බැටළු හම පොරවා ගත් ගෝරිල්ලෙක්. මුට මෙහෙම චන්දය ගැන සමාව ගන්න කිසිම සධාචාරාත්මක අයිතියක් නැත. මුත් එක්තරා විධියක ජන ඝාතකයෙක්….!

Main News