ඡන්ද ප‍්‍රතිඵල වෙනස් කලේ නෑ.. ‘ප්ලෑන් A’ වැරදුනා.. ‘ප්ලෑන් B’ ක‍්‍රියාත්මක කලා..- මැකො ගෙන් නිවේදනයක්..

February 17, 2018 at 5:30 pm | lanka C news
ඡන්ද ප‍්‍රතිඵල වෙනස් කලේ නෑ.. ‘ප්ලෑන් A’ වැරදුනා.. ‘ප්ලෑන් B’ ක‍්‍රියාත්මක කලා..- මැකො ගෙන් නිවේදනයක්..

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල නිකුත්කිරීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කරුණු පහැදිලි කරමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

සියළුම සමාජ ජාලා ක්‍රියාකාරීන් වෙත කරුණාවෙනි,

2018.02.10 වන දින පැවැත්වීමට යෙදුනු පළාත් පාලන 340ක ඡන්ද විමසීම අවසන් වීමෙන් අනතුරුව සමාජ ජාලා තුළ පළවී ඇති විවිධ ප්‍රචාර සඳහා නිල වශයෙන් පිළිතුරක් ලබාදීම සුදුසු යැයි හැගුණු හෙයින් මෙලෙස කරුණු සඳහන් කරමි.

මීට ඉහතදී පැවති ඡන්ද විමසීම් සඳහා නිල ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා පරිගණක වැඩසටහන සකස් කිරීම සිදු කරන ලද්දේ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යනාංශය විසින් වන අතර 2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා වන පරිගණක වැඩසටහන සකස් කරන ලද්දේ කැලණිය විශ්ව විද්‍යාලය විසිනි.

කොළඹ විශ්ව විද්‍යාලයේ මීට ඉහතදී ඡන්ද විමසීම් වලදී අප සමඟ පරිගණක වැඩසටහන වෙනුවෙන් කටයුතු කරන ලද ප්‍රධානියෙකු මියයාම, මේ සම්බන්ධයෙන් මෙයට පෙර කටයුතු කර අත්දැකීම් සහිත ප්‍රධානියෙකු ස්ථාන මාරු ලබා යාම, එහි නිලධාරීන් අතුරින් මෙයට පෙර අප හා එක්ව ක්‍රියා කල අනෙක් ප්‍රධානියා පෞද්ගලික හේතු මත මෙම වැඩසටහනට සහභාගී වීම අපහසු බව දැන්වීම නිසා, ඉන් අනතුරුව පරිගණක වැඩසටහන සකස් කිරීමේ කටයුතු කැලණිය විශ්ව විද්‍යාලය වෙත පවරන ලදී.

දිස්ත්‍රික් ප්‍රතිඵල සකස් කිරීමේ මධ්‍යස්ථාන තුළ සිට පද්ධතියට දත්ත ඇතුළත් කිරීමටත් ඉන් අනතුරුව දත්ත පරීක්ෂා කිරීම පමණක් ප්‍රධාන කාර්යාලය මඟින් සිදු කිරීමටත්, අත්ත නිවැරදිව ඇතුළත් කර ඇති බව සනාථ වේ නම්, මාධ්‍ය ආයතන මඟින් වෙන් කර ගන්නා ලද දිගු හරහා ස්වයංක්‍රීයව, එම ප්‍රතිඵල පමණක් එම ආයතන වෙත යොමු කිරීමේ ක්‍රමවේදයක් සකස් කර තිබුණි.

එයට අදාළ පරීක්ෂා කිරීම් හා මුලික පුහුණු කටයුතුද සාර්ථකව අවසන් කරන ලදී.
ඒ ඒ ගම් නියම් ගම් උප නගර වල පිහිටි කොට්ඨාසයන් වල ප්‍රතිඵල අප බලාපොරොත්තු වූවාටත් වඩා කලින් ප.ව. 6.30 සිට ඒ ඒ ප්‍රදේශ වලදී නිකුත් කරන ලදී.

ප්‍රමාදවූ කොළඹ නගරයේ හා තවත් සමහර ප්‍රදේශ කිහිපයක රාත්‍රී 11.30ට පෙර කොට්ඨාස මට්ටමින් සියළු ප්‍රතිඵලදී දී තිබිණි.

අප විශ්වාස කලේ රාත්‍රී 8.00-12.00 අතර එම ප්‍රතිඵල නිකුත් කිරීමටයි. ඒ ඒ සභාවල සමස්ථ ප්‍රතිඵලය 11 වන දින මධ්‍යාහ්නය වන තෙක් ඇදී යනු ඇතැයි අපට හැඟී ගිය බැවින් ඒ බව 2018.02.10වන දින ඡන්ද විමසීම නිසි ලෙස පැවැත්වූ බවට ප්‍රකාශ කිරීම සඳහා පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කලෙමි.

එසේ වුවත් අපගේ ප්‍රමාදය අනපේක්ෂිත තරම් වැඩිවීම කණගාටුවට හේතු වේ.2018.02.10 වන දින රාත්‍රීයේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වේ යැයි හැගුණු හෙයින් කොට්ඨාස මට්ටමින් අපගේ නිල ෆේස් බුක් පිටුවෙහි ප්‍රතිඵල පළ කරන ලද නමුත් රාත්‍රි 10.00 පමණ වන විට එය මුළුමනින්ම නතර කිරීමට සිදුවූයේ මාධ්‍ය විසින් මුදල් ගෙවා ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ගිවිසුම්ගතව සිටියදී අප විසින් කලින්ම නිකුත් කිරීම නිසා මාධ්‍ය වෙතින් එල්ල වූ බරපතල විරෝධය හේතුවෙනි.

කොට්ඨාස මට්ටමින් ප්‍රතිඵල පළකිරීම අපහසු බව ඡන්ද විමසීමට පෙර පැවති මාධ්‍ය සාකච්ඡා වලදී විද්‍යුත් මාධ්‍යවල නියෝජිතයින් ප්‍රකාශ කරන ලද හෙයින් කොට්ඨාස ප්‍රතිඵල ඔවුන් වෙත යොමු නොකරන ලදී.

ඡන්ද විමසීම් දින රාත්‍රියේ දිස්ත්‍රික් ප්‍රතිඵල මධ්‍යස්ථාන මඟින් දත්ත ඇතුළත් කිරීම් වලදී අනපේක්ෂිතව අඩුපාඩු සිදුවූ අතර (උදා ලෙස කොට්ඨාස 12ක් සහිත පළාත් පාලන ආයතනයක කොට්ඨාස 12ක්ම ඇතුළත් කර, ඉන් එකක තැපැල් ඡන්ද ප්‍රතිඵලය ඇතුළත් නොවීම, කොට්ඨාස 12න් 11ක්ම ඇතුළත් කර එකක් පමණක් ඇතුළත් කර නොමැතිවීම) එවැනි තොරතුරු නිවැරදි කිරීම සඳහා නැවත නැවතත් පරීක්ෂාවට ලක් කිරීමටත්, තොරතුරු ආපසු ගෙන්වා ගැනීමට දිස්ත්‍රික්ක වෙත කතා කිරීමට සිදුවීමත් හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කිරීම දැඩි සේ ප්‍රමාදයට ලක්විය.

අපගේ සැලසුම A බිඳ වැටෙද්දී B සැලසුම ක්‍රියාවේ යොදවමින් ප්‍රතිඵල ෆැක්ස් මඟින් ගෙන්වාගෙන පරිගණක ඇසුරෙන් යතුරු ලියා දෘඩ පිටපත් මාධ්‍ය වෙත යොමු කිරීමට සිදු විය. අතින් එවැනි ගණනය කිරීම් සිදු කරන විට හා ප්‍රතිඑල ලේඛන 340ක සකස් කිරීමේදී බහු කොට්ඨාස වල ඇති ගණනය කිරීම් මඟ හැරීම හා තවත් ගණනය කිරීම් කිහිපයක වැරදි සහිතව ප්‍රතිඵල නිකුත් වුයේ ඇති වූ මානුෂික අතපසුවීම් හා මඟහැරීම් හේතුවෙන් බව කණගාටුවෙන් ප්‍රකාශ කරමි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමක සමස්ත ප්‍රතිඵලය යනු ඒ ඒ සභාවල සභික සංඛ්‍යා ප්‍රකාශ කිරීම වන අතර එම නිවේදනය ඒ ඒ දිස්ත්‍රික්කවලදී ඒ ඒ සභාවලට අදාළව තේරීම්භාර නිලධාරී විසින් ප්‍රකාශ කිරීම සමස්ත ප්‍රතිඵලය ප්‍රකාශ කිරීම ලෙස සැලකේ.

එහෙයින් ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණය හෝ පළාත් සභාව පරිදි මැතිවරණ කොමිෂන් සභාව විසින් සමස්ථ ප්‍රතිඵලයක් ප්‍රකාශ කිරීමක් සිදු නොකෙරේ.
මෙම ඡන්ද විමසීමේදී ඒ ඒ පක්ෂවලට අදාළව තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් කිරීමේ හැකියාවක් නැති බව ඡන්ද විමසීමට පෙර සිටම ප්‍රකාශ කරන ලදී.

මක්නිසාද යත් තැපැල් ඡන්ද ඡන්ද ප්‍රතිඵල ඒ ඒ කොට්ඨාසවලටම ඇතුළත් වන බැවින් එහෙයින් වෙනම තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමක් සිදුකර නැත.

එමෙන්ම ප්‍රතිඵල නිකුත් කරන ලද දින රාත්‍රිය සඳහා ප්‍රධාන කාර්යාලයේ ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා නියෝජිතයෙකු පත් කරන ලෙසට කලින් කරන ලද දැනුම් දීම පරිදි දේශපාලන පක්ෂ කිහිපයක් වෙනුවෙන් පත් කරන ලද නියෝජිතයයෝ මෙම කාර්යාලයේ රැදී සිටියහ.

සභා 40කට වඩා තරඟ කරන දේශපාලන පක්ෂ වෙත කරන ලද මෙම දැනුම්දීම අනුව රාත්‍රී කාලය තුළ එක්සත් ජාතික පක්ෂයේ (මහාචාර්ය අශුබෝධ මාරසිංහ), ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ජ්‍යෙෂ්ඨ නීතීඥ චම්පානි පද්මසේකර මහතා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (ජ්‍යෙෂ්ඨ නීතිඥ සාගර කාරියවසම් මහතා සහ හිටපු පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මහතා) නියෝජිතයින් පැමිණ සිටි අතර ජනතා විමුක්ති පෙරමුණෙහි නියෝජිතයින් දුරකථනයෙන් නිරන්තරයෙන් සම්බන්ධ විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි නියෝජිතයන් බොහෝ විට දෙදෙනාමද, කෙටි කාල අන්තරවලදී අවම වශයෙන් එක් අයෙකුද පෙබරවාරි 10වන දින රාත්‍රී 8.00 සිට පෙබරවාරි 11 දින පස්වරු 02.00ද පසුවන තෙක් අඛණ්ඩව මෙහි රැදී සිටි බවද සඳහන් කරනු කැමැත්තෙමි.

එමෙන්ම මැතිවරණ නිරීක්ෂන සංවිධාන වල ප්‍රධානීන් විටින් විට ප්‍රධාන කාර්යාලය වෙත පැමිණි අතර ප්‍රතිඵල සැකසුම් කටයුතු ඔවුන් විසින් නිරීක්ෂණය කරන ලදී.

එහෙයින් ප්‍රතිඵල වෙනස් කිරීමේ තැතක් හෝ චේතනාන්විතව ප්‍රමාද කිරීමක් සිදුවු බවට කෙරෙන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය වේ.

මේ නියෝජිතයින් සියළුම දෙනා කිසිදු බාධාකිරීමකින් තොරව ඉතා සුහදව මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යයන්ට සහාය දෙමින් නිරීක්ෂණ කටයුතුවල නිරත වූ බවද ප්‍රකාශ කල යුතුව තිබේ.

කෙසේ වුවද ඡන්ද විමසීම නිදහස්, සාධාරණ හා විශ්වාසනීය ලෙස පැවැත්වීමට හැකි වූ බව හා ගණන් කිරීම නිවැරදිව සිදුකරන ලද බව අපි නිශ්චිතව ප්‍රකාශ කර සිටිමු.

ඒ පිලිබඳව අපි අතිශයින් සතුටු වෙමු. මේ සඳහා සහාය වූ සැමට ඡන්ද හිමියන්ට, අපේක්ෂකයින්ට, දේශපාලන පක්ෂ/ කණ්ඩායම් නායකයන්ට රජයේ හා රාජ්‍ය ආයතන වල සියළු නිලධාරීන්ට, සිවිල් සංවිධාන වලට, පොලීසිය හා ජනමාධ්‍ය ආයතන වලට අපගේ කෘතඥතාව හිමිවේ.

ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේදී කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලද වාහන ප්‍රමාණවත් නොවීම නිසා මහනුවරද ඡන්ද විමසීම් කාර්යය මණ්ඩලයට අපහසුතා වලට මුහුණ දීමට සිදුවීම පිළිබඳවද මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කර සිටිමි.

මෙම පළකිරීම සිදු කරනු ලබන්නේ අපෙන් සිදුවූ අතපසුවීම් වෙතොත් ඒ පිළිබඳ නිවැරදි කරුවන් වීම සඳහා නොව, අසත්‍ය ප්‍රචාර පැතිරවීම වැලැක් වීම සඳහාය. නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා ඔබ සියළු දෙනාගේ දායකත්වය ඉතා අගේ කොට සලකමු.
ස්තූතියි.

මහින්ද දේශප්‍රිය
මැතිවරණ කොමිෂන් සභාව

141 views

28 Comments to “ඡන්ද ප‍්‍රතිඵල වෙනස් කලේ නෑ.. ‘ප්ලෑන් A’ වැරදුනා.. ‘ප්ලෑන් B’ ක‍්‍රියාත්මක කලා..- මැකො ගෙන් නිවේදනයක්..”

  1. Amda says:

    He can explain his excuses to the FCID in the near future.

    • Dubba says:

      True, this is one of the biggest culprits in “Yamapalanaya” to be taken to the courts

    • ගූ. විජයරත්න says:

      මැකොත් අම්බලන්ගොඩ ..මාත් ඒ කිට්ටුව.
      අපේ කට්ටියම මැකෝවත් නාවලා අපිත් කක්කි නාගෙන එදා ආවෙ. ඒත් අවුලක් නෑ. මැකෝ කන බොන මිනිහා….අපිත් ගානට සෙට් වෙන්න දන්නවා…ඒ නිසා ලබන සැරෙත් ඕක අපිට තමා හම්බවෙන්නෙ.

    • Gayantha says:

      Uba wage gonek ! Chande hariyata thiwuna nisane yako ape mahinda mahaththaya dinne. Uba wage Unp karayanta chanda paradina kota thamai chande wairadi kiyanne. Jathakai warada

      • Amda says:

        Gayantha,
        This is about the delay of results. Read the article first.
        and I’m a bit wiser to be a UNPer

    • ඔය විශ්වවිද්‍යාලවල ඉන්න එකෙකුටවත් හරියම්ම වැඩක් කරන්නට බැරි මෝඩ පණ්ඩිතයෝ. උන්ට ඕනෑ තනතුරු සහ උසස්වීම්. හැකියාවක් තියෙන එකෙක් හැදීගෙන එනකොට ඌ වැදුගේම මරාදැමීම මුන්ගේ සිරිතයි. විශේෂයෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ ආචරියෝ තමයි ජනාධිපති වරනයෙදී උඩදාගෙන සිරිසේනට වැඩකළ උන්. Computer unit එකේ ……රත්නත් එකෙක්. මුන් දෙන ප්‍රතිපලත් සැකයි.

  2. gamage says:

    oya kavda kiala api dannava sunanda deshapriage malli ne

  3. Dubba says:

    It should be investigated how the three main characters in Colombo university involved in the great system they created for election results were missing in action for this election. (One dead, One transferred, and one refused to work due to personal reasons)
    Also they offered the job to Kalaniya university. Before offering the job did they have the confirmation from Colombo that they could not offer services and did they evaluate the capability of the Kalaniya system.

    • bleo says:

      Any system which depends 100% on specific individual/s is bound to fail. There must be redundancy. After using the system so many times why wewn’t enough people trained to take over? On the other hand, if they are trying a completely new system did they do enough trial runs to ensure the success of the process? In the end it is

    • bleo says:

      Indeed ! This must be investigated for any wrongdoings. This is a colossal failure at the least. It is no point only telling us why it failed. Manager must manage ! They should have rehearsed the system enough to ensure the success of the operation. They obviously have not. This failure did not happen due to an act of god. If it did, it would have been excusable. This is completely human error of not putting together a well rehearsed, fool proof
      system. Manager, in this case, ‘mako’ is responsible and is obviously incompetent. He should resign if he has even an iota of dignity. No excuses.

      • ගූ. විජයරත්න says:

        මේ..ඔවට එන්න එපා හරිද ඩෝ.

        මට සොෆ්ටෙයා ඉන්ජිනියරින් උගන්නන්න උඹ කවුද. ලංකාවෙ සොෆ්ටෙයා කිව්වොත් මම තමයි. මම හැදුවෙ ෆූල්පෲෆ් සිස්ටෙම් එකක් තමයි…මම දිවයින පත්තරේටත් කිව්වෙ..දැක්කෙ නැද්ද? මමනෙ යකෝ ෆූල්…ඉතින් මගෙ සිස්ටම් එක ෆූල්පෲෆ්! මම කැලනියටම සොෆ්ටෙයා කීයක් හදලා (හදන්න හදලා) තියෙනවද.

        මල පයිනවා ඩෝ. බස්සනවා මගෙ ගෝලයො රොත්තම පාරට. උන් ඔක්කොම මගෙ ටෝක් වලට ෆුල් සරෙන්ඩර් (මෝඩ රැල )

  4. Nimal says:

    “Talk is indirectly proportional to work” Best example is him

  5. Chan says:

    Me yakage kaivaruva vitarai vada ba mice vilson kenek

  6. Nandasoma Suriyaarachchi says:

    ගම්පහ නම් වෙනද වගේ නෙවෙයි, පටන් ගත්තු තැන පටන් අවසානය දක්වාම කිසිම පිළිවෙලක් නැහැ. වෙනත් මැතිවරණ වලදී සියලුම ඡන්ද ස්ථානාධිපති වරුන් උදෑසන එකම වෙලාවක සියනෑ විද්‍යා පීඨයට හෝ වෙනත් මධ්‍යස්ථානයකට කැඳවල, පත්වීම් ලිපි භාර දීල, පෙට්ටි ඇතුලු ලිපි ද්‍රව්‍ය ලබා දීල පෙව 9.00 – 10.00 අතර මධ්‍යස්ථාන කරා පිටත්ව යවනව.
    මේ සැරේ උදේ 9.00 ඉඳල 11.00 විතර වෙනතුරු වේලාවන් ලබා දී තිබුණත් 11.00ට නියමිත ස්ථානාධිපතිවරු එනකොටත් 9.00ට නියමිතව සිටි අයත් පිටත් වෙලා නැහැ. අවශ්‍ය ද්‍රව්‍ය නිසි වේලාවට නිකුත් කිරීමේ මධ්‍යස්ථාන වලට නොලැබීම, පිළිවෙලක් ඇතුව පෝලිම් සකස් නොකිරීම වැනි අඩුපාඩු බොහොමයක් මෙම තත්වයට හේතු විය.

    මධ්‍යස්ථානවලට ගිය පසු ජර්නලය ඇතුලු අත්‍යවශ්‍ය ලිපි ද්‍රව්‍ය අඩංගු නොවීම, ගණන් කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය සහ උපදෙස් නොතිබීම නිසා දැඩි අපහසුතාවයනට පත්වීමට ඔවුනට සිදුවිය.

    ගණන් කිරීමේ ක්‍රියා පිළිවෙල පිළිබඳව ස්ථාන්ධිපති වරුන් සතුව ප්‍රමාණවත් අවබෝධයක් නොතිබීමද එම කටයුතු ප්‍රමාද වීමට හේතු විය. ප්‍රතිඵල මධ්‍යස්ථාන මට්ටමින් නිකුත් කිරීමේදී ද නිසි ක්‍රියා මාර්ගය අනුගමනය වූයේද යන්න සැක සහිතය. කෙසේ වුවද එම හේතුවෙන් ප්‍රතිඵල වෙනස් කිරීමක් හෝ “පරිගණක ජිල්මාට්” කිරීමට අවස්ථාවක් නොලැබෙන්නේ, ප්‍රතිඵල නියෝජිතයන් වෙත නිකුත් වී තිබීම හේතුවෙනි.

    ප්‍රතිඵල භාර ගැනීමේ මධ්‍යස්ථාන වලත් දැඩි තදබදයක් නිර්මාණය වී තිබුණේ ප්‍රතිඵල ලේඛණ නිසි පරිදි නොලැබීම නිසා විය හැකිය.

    ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේදීද, වෙනත් මැතිවරණ මෙන් ආසන මට්ටමින් එක් එක් පක්ෂ හා කණඩායම් ලබා ගත් ඡන්ද සංඛ්‍යා පළමු අදියරේත්, පත්වූ අපේක්ෂක සංඛ්‍යා දෙවන අදියරේත් ප්‍රකාශ කිරීමට පියවර ගත්තේ නම් පළමු අදියරේ ප්‍රතිඵල උදෑසන වන විට නිකුත් කොට අවසන් කිරීමටත්, දෙවන අදියර 11 දින මධ්‍යහනය වන විට අවසන් කිරීමටත් හැකි වීමට ඉඩ තිබිණි. (ගණණය කිරීම් සඳහා ගතවන කාලය තුළ පළමු ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකිවීම හේතුවෙන් ). සමස්ත කාර්යය එක විට අවසන් වුවත්, ප්‍රතිඵල නිරතුරුවම නිකුත් වන නිසා ප්‍රමාදයක් නොදැනෙනු ඇත.

  7. Love nature says:

    හොරෙන් කිතුලට නැගපු මිනිහා ගහේ අයිතිකාරයාට හසුවූ විට කිව්වේ තණකොළ ටිකක් කපාගන්න කිතුලට නැඟි බවය. ඒ ඇසූ කල කේන්තිය ඉස්මුරුත්තාවට ගිය ගහේ අයිතිකාරයා පෙරළා ඇසුවේ ”කිතුල් ගහේ කොහෙද යකෝ තණකොළ?” කියාය.

  8. Manjula says:

    Sunanda deshapiya ge sahodarayeki

  9. තණකොළ තිබුනේ නැහැ සර් says:

    තණකොළ තිබුනේ නැහැ සර් .මම me ගහෙන් බහින්නේ නැතුව අනික් ගහෙන් බැස්සා. යකෝ මැකෝ හරකා බඩගින්නේ බලං හිට් වග දන්නවාද?හැකර්ලා වට කරන පාකර් ලා කෙලින්න හැදුවේ.මකොත් හරියට අකමැති වගේ තමයි.

  10. NAK says:

    Who needs excuses. There are questions that he needs to answer. There was plenty of time to get a system prepared and tested. No one with some experience would know that a new system can not be tested on the actual event but it has to be tested on mock situations.
    Actually the plan B was he closed the office and went home.

Main News