TNA ඡන්ද පලුවක් කඩන්න ශිවාජිලිංගම් ජනාධිපතිවරණයට.. අවාසිය එජාපයටයි.. විනය පරීක්ෂණ කැදවයි..
October 8, 2019 at 1:20 pm | lanka C news
මෙවර පැවත්වෙන ජනාධිපතිවරනය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ ටෙලෝ පක්ෂ සාමාජිකයෙකු වූ උතුරු පලාත් සභාවේ හිටපු මන්ත්රී එම්.කේ.සිවාජිලිංගම්ට එරෙහිව විනය පරික්ෂණයක් සිදු කිරීමට බලාපොරොත්තුවන බවට ටෙලෝ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්රී සෙල්වම් අඩෙයික්කලනාදන් කියා සිටියි.
මන්ත්රීවරයා මේ බව කියා සිටියේ එම්.කේ.සිවාජිලිංගම් මහතා විසින් ජනාධිපතිවරනය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසින් ඇප මුදල් තැන්පත් කිරීම සම්බන්ධයෙන් විමසීමේදීය.
එහිදී සෙල්වම් අඩෙයික්කලනාදන් මහතා වැඩි දුරටත් කියා සිටියේ ටෙලෝ සංවිධානය පක්ෂයක් ලෙසින් මෙවර ජනාධිපතිවරනයට කිසිවෙකුත් ඉදිරිපත් නොවන බවට තීරණයක් ගත් අවස්ථාවක එම තීරණයන්ට එපිටින් ගොස් ජනාධිපතිවරණයට ඇපමුදල් තැන්පත් කිරීම පක්ෂයේ විනය කඩකිරීමක් බැවින් ඒ පිළිබඳව පරික්ෂණයක් සිදු කිරීමට නියමිත බවටත් එහිදී වැරදී කරුවෙකු වුවහොත් සිවාජිලිංගම් මහතා පක්ෂයෙන් නෙරපා දැමීමටද පියවර ගන්නා බවටයි.
තමන් පක්ෂයේ විනය කඩකිරීමක් සිදු නොකළ බවටත් තමන් පක්ෂය වෙනුවෙන් පෙනී නොසිට ස්වාධීන අපෙක්ෂකයෙකු ලෙසින් ජනාධිපතිවරනය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ බවටය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
පෙනෙනවා නේද බොලව් රටට විනකටිපු උන් එක එකා මකබෑවෙන හැටි?
ශිවාජිලිංගම් වැනි LTTE හිතවාදී ජාතිවදියෙකුට ජනාධිපතිවරණයට තරග වැදීමට ඉඩ දීමට තරම් අපේ රටේ දේශපාලනය බංකොලොත් වෙලාද ? ලැජ්ජයි
සිවාජිලින්ගම් පොහොට්ටු හිතවාදියෙක්. ගෝටා වෙනුවෙන් සජියගෙ චන්ද කඩන්න ඉදිරිපත් වුනේ. පහු ගිය ටිකේ මිනිහා කරපු කොටි සැමරුම් වලින් කලේ පොහොට්ටුවට සටන් පාඨ හදල දෙන එක. වාසුගෙ මස්සිනා විග්නෙශ්වරන් වගේම මෙයත් පොහොට්ටු රහස් නියෝජිතයෙක්
Sivajilingam is Wigneswaran’s man. TNA has not done anything for the Tamils only safeguarding the UNP. He is free to contest. That is democracy.
ශිවාජිලිංගම් ඉල්ලන්නේ කාගෙ චන්ද කඩන්නද?
ltte
All Mahaveer brotherens living in Eelam land must come and vote for our own Sivaji Lingam.
Shanmugam from Oslo.
2010ත් ඉල්ලලා 10,000ක් විතර ගත්තා.
සිවාජිලින්ගම්ට ජයවේවා! ඔබ අපට දෙවියෙකි!