ඡන්ද රැස්‌වීමක LTTE ගීත ගයති..

January 15, 2018 at 5:30 pm | lanka C news
ඡන්ද රැස්‌වීමක LTTE ගීත ගයති..

ඡන්ද අපේක්‍ෂකයන් පිරිසක්‌ විසින් යාපනයේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයකදී එල්.ටී.ටී.ඊ. ගීත කීපයක්‌ වාදනය කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් මේ වන විට යාපනය පුරා දැඩි නොසන්සුන් තත්ත්වයක්‌ හටගෙන තිබේ.

විමුක්‌ති කොටි වැනි වදන් පළාත් පාලන මැතිවරණයේදී යොදා නොගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්‌වරයා උපදෙස්‌ දී තිබියදී යාපනයේ එවැනි තත්ත්වයක්‌ ඇති වීම සම්බන්ධයෙන් යාපනයේ දේශපාලනඥයන් කීපදෙනෙකුම මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා මධ්‍යස්‌ථාන වෙත පැමිණිලි කොට තිබේ.

එම පැමිණිලි පිළිබඳව තොරතුරු මෙතෙක්‌ වාර්තා වී නොමැති නමුත් පොලිස්‌ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක්‌ විසින් මේ පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.

මෙම රැස්‌වීම සඳහා පැමිණ සිටි තරුණයන්ගේ ජංගම දුරකථනවල ප්‍රභාකරන්ගේ ඡායාරූප තිබූ බවත්, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ගීත වාදනය වන අවස්‌ථාවේදී එම තරුණයන් ජංගම දුරකථන ඔසවමින් සිටි බවත් සිද්ධිය සියෑසින් දුටුවෝ පවසති.

මේ නිසා මෙය අත්වැරදීමක්‌ නොව හිතාමතාම හා සැලසුම් සහගතව සිදුකරන ලද්දක්‌ බව යාපනයේ ජනතාව කියා සිටිති.

– Divaina

36 views

4 Comments to “ඡන්ද රැස්‌වීමක LTTE ගීත ගයති..”

  1. Kolitha says:

    Kata kata kata……hitangey….hutangey…sandidiyaawa…….

  2. Saradiel says:

    යමපාලන සහජීවනය රෙද්ද පල්ලෙන් බේරේ

  3. This is not strange because the gang of MS, CBK, RW, etc are always prepared to promote the separatists of north and east and with the help of them only they could survive. Therefore, no action will definitely be taken against these thugs by Police or any other authority.

  4. Upali says:

    මේකට හොදම කමෙන්ට් එක තමයි මේ පුවතට පහලින් ඇති පුවතේ උතුරු ආන්ඩුකාරය කියල තියන දේ. “මයිත්‍රී පාලනය තමයි රටේ වසනාවන්තම කාලය” , ඔවු ඒක ඇත්ත ඒ වාසනා වන්ත වෙලා තියෙන්නෙ කොටි හිතවාදීන්ට. යුද කාලෙ උන්ට විරුද්දව බොක්කෙන්ම සටන් කරල රට රකින්න කැප උනු වීරයින් නම් මේ කලය එතුමාලට අවාසනවන්ත ලෙස තමයි හිතන්නේ.

Main News