ඡන්ද විමසීමට පෙරම ගම්මන්පිල විශ්වාස භංගයෙන් ජයගනී…

July 19, 2021 at 3:00 pm | lanka C news
ඡන්ද විමසීමට පෙරම ගම්මන්පිල විශ්වාස භංගයෙන් ජයගනී…

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද සහ හෙට දෙදින තුළ පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබේ.

එම විශ්වාසභංගය සම්බන්ධයෙන් ඡන්ද විමසීම හෙට පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි.

ඉන්ධන මිල වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්දයෙන් චෝදනා එල්ල කරමින් මෙම විශ්වාසභංගයට ගම්මන්පිල මහතාට එරෙහිව එල්ල කර තිබේ.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී දැනුම්දී ඇත්තේ සියලුම මැති ඇමතිවරුන් විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා ඡන්දය ලබා දිය යුතු බවයි.

එමෙන්ම මෙම දෙදින තුළ සියලුම මැති ඇමතිවරුන් කොළඹ රැඳී සිටිය යුතු බව ද දැනුම් දී තිබේ.

74,636 views

13 Comments to “ඡන්ද විමසීමට පෙරම ගම්මන්පිල විශ්වාස භංගයෙන් ජයගනී…”

  1. කළුතර says:

    ඒ කියන්නෙ බැසිල් සමග පොහොට්ටු ලේකම් පරාදය් …

  2. Darshana abayakoon says:

    අනිවාර්යෙනම 69 ලක්ෂයක් ජනතාවට ඉන්ධන මිල් ප්‍රශ්නයක් නෑ. ඔක ප්‍රශ්නයක් කරගෙන තියෙන්නෙ 3%නේ කුහක හැත්ත. උන් නම් රටට සාපයක්. දෙන ගානට පෙට්‍රල් ගහ ගන් නැතුව බොරු ප්‍රශ්න ඇති කරනවා..

    • Sirisoma says:

      This must be and has to be your personal opinion. I.e Fuel price is not an issue for majority of our people.

    • ජවිපාව says:

      කැට හොල්ලන්න හිඟන හැත්තට මොන පැට්‍රල්ද ඉරිසියාවට කෑගාන්නෙ

  3. බන්ගොයියා says:

    69 ලක්ෂයෙ ගව පට්ටියට වැඩි මිලට දුන්නට කමක් නෑ. අපිට අඩුවට දෙන්න. මොකද, ලෝක වෙලඳ පලේ ඉන්ධන මිල අඩු උනා කියල අපිට අඩුවට දුන්නෙත් නෑනෙ.

    • 31ලක්ෂයේ ප්‍රබුද්ධිමතුන් says:

      නැව ගිලුනත් බෑන් චූන්. අනේ අපට අඩුවට කන්න දුවන්න ඕනෙ.. රට සංවර්ධිත තත්ත්වයට ගේන්න ණය අඩුකරගන්න අවු. 5ක ප්ලෑන් එකක් වත් අපිට එපා.. ණය ආපහු ගෙවපල්ලා සංවර්ධනය කරපල්ලා.. හැබැයි ණයට අරං හරි අපිට අඩුවට කන්න දුවන්න දීපල්ලා.. 2015 ඉඳන් අපි අඩුවට පෙට්‍රල් ගැහුවෙත් ණයට.. ඉතින් රටට මුකුත් උනේ නෑ නොවැ.

    • Nimal says:

      මූ හරි මුගෙ ආණ්ඩුව කාලේ හදපු මිල සූත්‍රය ට ඉන්න දුන්න නං මුන්ට හරි අපිට මේ ගානට දෙන්න

    • ටොංගොයියා says:

      පැට්‍රල් ගහන්න සල්ලි නැත්තං බස් එකේ පලයං. අඩුවට දෙන්න ලංකාවෙ තෙල් ලිඳක් නෑ.

  4. සනත් ඉතාලිය says:

    කොහොම උනත් ඉන්ධන සදහ යම් සූත්‍රයක් භාවිතාකල යුතුයි. සලාකයක් වගේ. සෑම ලියාපදින්චි වාහනයකටම මසකට රජයටත් පාරිබෝගිකයටහ් පාඩු නොවන විදියට. සලාකයෙන් පිට වැඩිබදු අයකර ඉහල මිලකට අලෙවිකල යුතුයි .එවිට අනවශ්‍ය පපාරිභෝජනය ඉබේම සීමා වෙනව. එවිට ඉන්දන සදහා වැයකරන විදේශ සන්චිත පවා ඉතුරුවෙනව. ඒ වගේම අඩුවෙන් පාවිචිචිකරන කෙනාට එයින් වාසියකුත් ලැබෙනව. ප්‍රවහන ධීවර කටයුතු වලට උපරිම සහන දිය යුතුයි

  5. සනත් ඉතාලිය says:

    කොහොම උනත් ඉන්ධන සදහ යම් සූත්‍රයක් භාවිතාකල යුතුයි. සලාකයක් වගේ. සෑම ලියාපදින්චි වාහනයකටම මසකට රජයටත් පාරිබෝගිකයටහ් පාඩු නොවන විදියට. සලාකයෙන් පිට වැඩිබදු අයකර ඉහල මිලකට අලෙවිකල යුතුයි .එවිට අනවශ්‍ය පපාරිභෝජනය ඉබේම සීමා වෙනව. එවිට ඉන්දන සදහා වැයකරන විදේශ සන්චිත පවා ඉතුරුවෙනව. ඒ වගේම අඩුවෙන් පාවිචිචිකරන කෙනාට එයින් වාසියකුත් ලැබෙනව. ප්‍රවහන ධීවර කටයුතු වලට උපරිම සහන දිය යුතුයි මොකද මේ රටේ පරිබෝජනය කරන ඉන්දන වලින් 70% පරිබෝජනය කරන්නෙ 15% වැනි පිරිසක්

  6. කොරෝනා පනතට 2/3 says:

    සබරිගේ කොරෝනා පනත් කෙටුම්පතට 2/3 ගන්න සජිත් සහ සබරි සහ බැසිල් ගහපු ගැටේ..

  7. පුත්තලම් පුට්ටු බුරුවා says:

    ගම්මන්පිල දිනාවි අහිංසක මිනිසුන් කවුද දිනවන්නේ???????……!!!!!!

  8. ජනජය වාසනා says:

    ගම්මන්පිල මහත්තයා මහජනතාව දිනාගෙන ඉවරයි! විපක්ෂෙ මහන්සි වෙලා එතුමාට නොමිළේ ඇඩ්වටීස්මන්ට් එක කරල දුන්නට ඉස්තූති.

Leave a Comment

Main News