ඡන්දය නොතියන්නමයි හිත.. ඇමති ෆයිසර් සීමා නිර්ණ කමිටු වාර්තාව පිලි නොගනී..

January 2, 2017 at 6:48 pm | lanka C news
ඡන්දය නොතියන්නමයි හිත.. ඇමති ෆයිසර් සීමා නිර්ණ කමිටු වාර්තාව පිලි නොගනී..

සීමා නිර්ණය අභියාචනා කමිටු අවසන් වාර්තාවට එහි සභාකයින් දෙදෙනෙකු අත්සන් කර නැති බව පවසමින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා එම වාර්තාව ප්‍රතික්ෂේප කර ඇත.

ඇමතිවරයා පවසන්නේ එම කමිටුවේ සන්ධාන සාමාජික සාලිය මැතිව් හා එජාප සාමාජික එස්. මිස්බා අවසන් වාර්තාවට අත්සන් තබා නැතිවීම නිසා ප්‍රතික්ෂේප කල බවයි.

අදාල සාමාජිකයින් දෙදෙනා පවසන්නේ අවසන් වාර්තාව තමන්ට නොලැබුනු බවත් එය කියවා බැලීමකින් තොරව අත්සන් තැබිය නොහැති බවය.

එම කමිටු වාර්තාවට කමිටු සාමාජිකයින් බහුතරය අත්සන් කර ඇති නිසා එය වලංගු වාර්තාවක් යයි කමිටු සභාපති අශෝක පීරිස් මහතා පෙන්වා දෙයි.

මේ අතර කමිටු සභාපති අශෝක පීරිස් මහතා සති අන්ත පුවත්පතකට පවසා ඇත්තේ කමිටු වාර්තාව හැකි තාක් ප‍්‍රමාද කරන ලෙස ඇමති ෆයිසර් මුස්තාපා හා එජාප නියෝජිතයින් දිගින් දිගටම තමනට කියූ බවයි.

 

37 views
Main News