ඡන්දෙට අවාසියි කියා බැදුම්කර වාර්තාව හංගන්නැයි එජාපය මැකොට දන්වයි..

January 7, 2018 at 9:20 am | lanka C news
ඡන්දෙට අවාසියි කියා බැදුම්කර වාර්තාව හංගන්නැයි එජාපය මැකොට දන්වයි..

මහ බැංකු බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කල ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මෙම මැතිවරණ කාලයේදී ප‍්‍රසිද්ධියට පත් කිරීම වලකාලන්නැයි එක්සත් ජාතික පක්‍ෂය විසින් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටීමට සූදානම් වෙයි.

එම පක්‍ෂ පක්‍ෂ මන්ත‍්‍රීවරුන් පිරිසක් මැතිවරණ කොමිසමට දැන්වීමට සූදානම් වන්නේ මෙමවාර්තාව මැතිවරණ කාලයේදී ප‍්‍රසිද්ධ වුවහොත් එම තම පක්‍ෂයේ මැතිවරණ ප‍්‍රචාරණයට බාධාවක් බවයි.

මේ සම්බන්දයෙන් සාකච්චා කිරීමට මැතිවරණ කොමිසමෙන් එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් පිරිසක් වේලාවද ඉල්ලා ඇති අතර පාර්ලිමේන්තු රවි කරුණානායක මහතාද එම මන්ත‍්‍රී පිරිස අතර වෙතැයි වාර්තා වෙයි.

මෙම වාර්තාව ප‍්‍රසිද්දියට පත් කරන්නැයි දැනටමත් පාර්ශවයන් කිහිපයක් විසින් ඉල්ලීම් කර ඇති අතර පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙසද ඉල්ලීම් ගණනාවක් කර ඇත.

43 views

6 Comments to “ඡන්දෙට අවාසියි කියා බැදුම්කර වාර්තාව හංගන්නැයි එජාපය මැකොට දන්වයි..”

  1. Mahasona says:

    Long Live Yahapalanaya!

  2. buruputha says:

    Kalakanni yahapalanaya makabewewa. Ai thopi bayada horakama elivrnavata. Ko thope ara thorathuru danaganeeme panatha.

  3. Jonaa'S Brother says:

    ඇයි බයද? පන්පෝරිය කොහෝමද, මිස්ටෙර් ක්ලීන් දැන් ක්ලීනර් වෙලා

  4. හෙලයකා says:

    එතකොට තොරතුරු දැන ගැනීමේ පනත මේකට අදාල නැද්ද?

  5. Nimali says:

    Me wage ewun thamai ape ratata nagala yana nayakayo.Abuddassa kale.

Main News