ඡන්දෙ දිනා තුන්මාසෙන් බැදුම්කර මගඩිය.. අපි ආවෙ හොරකං කරන්නද..- ඡන්දය ළගයි.. ජනාධිපති එජාපය ගලඋඩ සටනට කැදවයි..
November 8, 2017 at 10:09 pm | lanka C news
මහ බැංකුවේ සිදුව ඇති මුල්‍ය අක්රමිකතාවය සම්බන්දයෙන් සෙවීම සදහා පත් කරන ලද බැදුම්කර ජනාධිපති කොමිසම සම්බන්ධයෙන් ආණ්ඩුවේම පිරිසක් තමනට චෝදනා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ආණ්ඩුවේම පිරිසක් විවිධ මාධ්‍ය අල්ලාගෙන විශාල වහයෙන් මුදල් යොදවමින් තමනට මඩ ගසමින් සිටින බවද ඔහු සදහන් කරයි.
සෝභිත හිමියන් අද ජීවත්ව සිටියේ නම් බැදුම්කර කොමිසම පත් කිරීම ගැන තමනට උපහාර පුදන බවත් ජනාධිපතිවරයා කියා සිටියේ අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පිලිරුවක් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ ඉදිකිරිමේ උත්සවයක් අමතමිනි.
‘අපි තිබුන ආණ්ඩුව වෙනස් කලේ මොනවටද.. අපේ අරමුණ කුමක්ද.. අපි ආවෙ සාක්කු පුරව ගන්නද.. අපි ආවෙ හොරකං කරන්නද.. මං ජනාධිපති කොමිසමක් පත් කලේ ආණ්ඩුවෙ මැති ඇමතිවරුන් ඉලක්ක කරල නොවෙයි.
ජනවාරි මාසෙ 08 වැනිද ඡන්දෙන් ජයග්‍රහණය කරල මහ බැංකු සිද්ධිය සිද්ද වුනේ ආණ්ඩුව හදල මාස තුනකින්. මේ විනාශය කලා. මේකට වගකිව යුත්තො වගකියන්න ඕන’ යයිද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.
වීඩියෝව මෙතනින්
මගෙ හිනාව නවත්තගන්න විදිහක් කියන්නකො