ඡන්දේ දීල පත් කල මේ ආණ්ඩුව වෙන්දේසි කොම්පැණියක් වගේ… දැන් ඇති.. අලුත් පිරිසක් රට බාර ගන්න සැරසෙන්න..- ඇල්ලේ හිමි

January 12, 2021 at 3:22 am | lanka C news
ඡන්දේ දීල පත් කල මේ ආණ්ඩුව වෙන්දේසි කොම්පැණියක් වගේ… දැන් ඇති.. අලුත් පිරිසක් රට බාර ගන්න සැරසෙන්න..- ඇල්ලේ හිමි

ඡන්දෙ දීලා පත්කරගත්තේ වෙන්දේසි කොම්පැනියක් යයි දැන් සිතෙන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ‘කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය’ පිහිටුවීමේ උත්සවය අමතමිනි.

කොළඹ පැවති උත්සවය අමතමින් උන්වහන්සේ කියා සිටියේ තමන්ද ඡන්දෙ දීලා පත් කර ගත්තේ වෙන්දේසි කොම්පැනියක් යයි දැන් සිතෙන බවත් මේ ආණ්ඩුව ඝන්ටාරය වත් නොගසා වෙන්දේසිය සිදුකරමින් ඇති බවත්ය.

මේ රටේ එක බිම් අඟලක් හෝ විකිණීමට ආණ්ඩුවට අයිතියක් නැති බවත් උන්වහන්සේ ආණ්ඩුවට අනතුරු අගවමින් කියා සිටියහ.

දැන් මේ සියලු දෙනා රට පාලනය කලා ඇති බවත් අලුත් පිරිසක් මේ රට භාර ගැනීමට සූදානම් විය යුතු බවත් උන් වහන්සේ තව දුරටත් පැවසූහ.

57,988 views

54 Comments to “ඡන්දේ දීල පත් කල මේ ආණ්ඩුව වෙන්දේසි කොම්පැණියක් වගේ… දැන් ඇති.. අලුත් පිරිසක් රට බාර ගන්න සැරසෙන්න..- ඇල්ලේ හිමි”

  1. kamal says:

    අලුත් පිරිස; සජිත්,පාඪලි,රනිල්, මංගල,අනුර අනේ හුකේ……..

  2. Jagath Hettiarachchi says:

    ඇයි උබ දුන්නෙ?
    දානෙ කාලා සැතපිලා හවසට බාවනාවක් කරගන්නෙ නැතුව රෙද්ද උස්සගෙන ගියා දෙන්ඩ.
    දුන්නහම ඔහොම තමා.

  3. රත්න අප්පුහාමි says:

    R ප්‍රේමදාසට දුන්න හේත්තුව සජිත් ප්‍රේමදාසටත් දෙන්න වගේ ලෑස්තිය ….

    • අනුර says:

      මතකද යුද සෙනෙවියන් ආදාහනය දවසේ මිනිසුන් ඉගැන්වූ පාඩම. දැන් මෙයා මොන නාඩගමක්ද නටන්න ලෑස්ති වෙන්නෙ?

  4. dev says:

    langa picucp wenna honda naa. api laba gatte suddangen nidahasa.
    anduwa business karanne honda widiyata. ayojanya gana hamuduru danneth naa

  5. 1948 සිට මේ දක්වා අප රට පාලනය කරපු හැම පාලකයෙක් ම රටට කරපු දේ රට විකුණපු එක විතරයි මුන් එකෙකුටවත් රට හදන්ඩ කිසිම ප්‍රතිපත්තියක් තිබුනේ නෑ මුන් කවදත් ප්‍රතිපත්තියකට වැඩ කරන්නෙත් නෑ මුන්ට ඕනේ රට විකුනන් කන්න තම තමන්ගේ පරම්පරාව හදාගන්න රටට ආදරේ ක් එකෙක් වත් රටට බිහි වුණේ නෑ ඩී එස් සේනානායක ඉඳන් ගෝඨාභය රාජපක්ෂ වෙනකන් රට පාලනය කරපු නපුංසක පාලකයෝ රට විනාශ කරා අවුරුදු පහක් විපක්ෂයේ ඉඳගෙන කරන එකාට බැන බැන ඊට පස්සේ ආණ්ඩුවක් පිහිට ගෙන ඊට පස්සේ විපක්ෂ කරන බැන උන් කරේ මේකයි මුන් කරේ මේකයි දෙගොල්ලම බැන බැන අවුරුදු හැත්තෑ ගණනක් රට පාලනය කරා මොනවද මුන් අපේ රටට කරේ කාලකන්නි
    ජාතිවාදය කෝකටත් තෛලය උනා තොපි හැදි ගෑවිලා යන්න ඕන උපදින මතු සංසාරෙක මේ වගේ කාලකන්නි රටක නැවත උපදින්නට වාසනාව නො ලැබේවා කටාර් වල අපි

  6. ක්‍රිමිනල් says:

    දැන් මේ රට බේරගන්න වෙලා තියෙන්නෙ “රට බේරගන්න ” ,”ඉන්න රටක් නෑ” කියලා බලේට ආපූ එවුන්ගෙනුයි , හැම ලබ්බකටම එහෙයි කියන මීහරක් බෛයන්ගෙනුයි.
    ඇල්ලේ හාමුදුරුවෝ වදාරන්නේ මොකක්ද ? වරායේ නැගෙණහිර පර්‍යන්තය පිටරටකට දෙන්න එපා කියලා ! දැන් තුත්තිරි බෛයො කියහල්ලේ මේ ඉල්ලීම හරිද ?වැරදිද ? ලිද ලග ගෑණූ වගේ ඇත්ත කතාකරන එකාගේ ජාතකේ හොයන්නැතුව , කියන කතාව මොකක්ද කියලා ඇස් ඇරලා බලපල්ලා , හමුදා මූලස්ථාණේ චීනෙට සින්නක්කරේට දුන්න උන්දැලැට අනිත් දේවල් සිම්පල් ,පාණ්ඩුවටම හරියන මෝඩ වහල්ලු රැල.තුහ්

  7. ඇයි ලොකු තැන අර හම්බන්තොට වරාය විකුනනවෙලාවේ මොකුත් සද්දයක් දැම්මේ නැත්තේ. දැන් මේ කොලබ වරාය අවුරුදු පහකට බදු දෙන්ට යනකොට ද ඇහැරුනේ. අනේ හුකේ. ඔවු ඉතින් ඔබ වහන්සේ ඒ කාලේ රණසිංහ ප්‍රේමදාසගේ ඩීල් කාරයනේ. මතකද දවසක් දා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදී දෙබිඩි කතා කියන්ට ඇවිත් පොඩිහමුදුරුවන්ට බයේ පැනලා දුවපුහැටි. ඒ මහා ප්‍රේමදාසට කඩේ යන්නට ගිහින්නේ. දැන් ඉතින් මේ සෙට්වෙන්නේ උගේ පුතාවන මෝඩ වහන්සේට කඩේ යන්නට නේද.

    • සුනිල් says:

      අනේ පල මෝඩ ආලපාලුව. හිගන ඔටුවො, කොලඹ වරායෙ වටිනවයි කියල ඉතිරිවෙලා තියෙන්නෙ ඔය ගැඹුරු ජැටිය විතරයි. හැම දේටම උම්බෑ කියන්නෙපා ගෝටාබයව චන්දෙ දුන්න කියල. මෝඩ වහලෙක් වෙන්නෙ නැතිව හරි දේට හරියි කියපං. හාමුදුරුවො උඹල එක්කනෙ ඉන්නෙ තාමත්.

  8. niru says:

    These people should stop getting involved in politics and let Gota do what is right for the country.
    We have too many cooks and owners of this government.

    • Critic says:

      You’re absolutely correct! This monk’s all statements depends on rumours.Why he can’t go straight to the president and inquire about this matter if he elected this Govt?

  9. sundari says:

    මෙයාට වරය ඇ මති කම දෙන්න.

  10. ප්ලැකනිල් says:

    ඇල්ලෙට වරාය ,මුත්තෙට්ටුවට සෞක්‍ය ,මැදගොඩට විදේශ ඇමතිකම් දීලා බලමුද සතියකට

Main News