ජංගම දුරකතන විශාල ලෙස මිල වැඩිවෙනවා.. දුරකතන හිග වෙනවා..- Apple ශ‍්‍රී ලංකාවේ බලයලත් බෙදුම්කරු

September 12, 2021 at 12:02 am | lanka C news
ජංගම දුරකතන විශාල ලෙස මිල වැඩිවෙනවා.. දුරකතන හිග වෙනවා..- Apple ශ‍්‍රී ලංකාවේ බලයලත් බෙදුම්කරු

ඉදිරියේ දී අඩු මිලට ජංගම දුරකථන කිසිසේත්ම මිලට ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි මෙරටට ඇපල් ජංගම දුරකථන නිල ලත් බෙදාහරින්නා වන GENXT ආයතනය ප්‍රධානී රජීව් ගුණරත්න මහතා සඳහන් කරයි.

පනවා ඇති නව සීමාවන් හේතුවෙන් වෙළඳපොලේ ජංගම දුරකථන ඉතා හිඟ වනු ඇති බවත් ඒ හරහා මිල විශාල වශයෙන් ඉහල යනු ඇති බවත් ඔහු කියා සිටී.

එමෙන්ම මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු පමණක් ඉතිරිවී කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් බිඳවැටෙනු ඇති බවද ඔහු පැවසීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

98,711 views

19 Comments to “ජංගම දුරකතන විශාල ලෙස මිල වැඩිවෙනවා.. දුරකතන හිග වෙනවා..- Apple ශ‍්‍රී ලංකාවේ බලයලත් බෙදුම්කරු”

  1. NuwanJ says:

    මෙ රටෙ පොන් වසරකට විතර අනයන සිමා වුනාට ඔය තරම් ගැටලුවක් නැ. මි නිස්සු සතිපතා පොන් ගන්නෙ නැ මේ වෙන විට හැම කෙනාම අතේ මෙව තියනව ඇරත් පසුගිය මාස 7 ඇතුලත අවු 2කට තරම් මෙව ගෙන්නනඅය ගෙනත් ඉදිරියෙදි තවත් ඩොලර් නැතිවෙයි කියලා.
    මෙ නිසා තමයි අනයන වියදම අඩ කරන්න මහබැංකුව මේක කලේ.
    සාධාරන වෙලදාමක් වෙනවනම් ගෙනාපු මිලට යම් ලාබයක් එක්කරල මිල වැඩිවෙන්නෙ කොහොමද
    උබල ගසා කැවොත් හැර

  2. සුදු මහත්තයා says:

    බොහෝ අය වැරදි විදියට අර්ථ නිරූපණය කරන ඒත් සත්‍ය
    ———-
    LC එකක් විවෘත කිර්මේදි එහි සම්පූර්ණ වටිනාකම අදාල බැංකුවේ තැන්පත් කල යුතු බවට මහ බැංකුව විසින් පනවන ලද නව නීතිය නිසා භාණ්ඩ වල මිලට හා අදාල භාණ්ඩ සැපයුමට සිදු වන බලපෑම් බොහෝ අය වැරදි විදියට අර්ථ නිරූපණය කරන බැව් පෙනේ .
    ඒත් සත්‍ය බලපෑම ඊට වඩා වෙනස් .
    බොහෝ අය කතා කරන ජංගම දුරකථන ගැන කතා කරමු .
    ජංගම දුරකථන කොරියාවෙන් ආනයනය කරන බවත් ඒවා LC එකක් විවෘත කල පසු නැව් මාර්ගයෙන් ලංකාවට පැමිණීමට මාසයක් ගතවන බවත්,මීට පෙර LC එකක් විවෘත කිරීමේදි පලමුව එහි වටිනාකමින් 25% අදාල බැංකුවේ තැන්පත් කල යුතු බවත් උපකල්පනය කරමු .
    ඒ අනුව යම් මාසයක 1 වැනිදා රුපියල් ලක්ශ 10 ක දුරකථන ( ලක්ශයක් වටිනා දුරකථන 10) ආනයනය සදහා LC එකක් විවෘත කරන්නේ නම් එදි ලක්ශ 2.5 තැන්පත් කල යුතු අතර ඉතිරිය දුරකථන වරායට පැමිණි දින එනම් මාසය අන්තිම දින ගෙවිය යුතුවේ .
    එහෙත් නව නීතිය අනුව ලක්ශ 10 ම LC විවෘත කල දිනයේම අදාල බැංකුවේ තැන්පත් කල යුතුවේ
    මින් ආනයනය කරුට වන බලපෑම වනුයේ අමතරව රුපියල් ලක්ශ 7.5 ක් පොලී රහිතව මාසයක් බැංකුවේ තැන්පත් කිරීමයි.එනම් එම මුදලට මාසයක් පොලිය අහිමි වීමයි. දුරකතනයක ආයාත වටිනාකම රුපියල් 100000 වන නිසා නව නීතිය අනුව ඒ වෙනුවෙන් බැංකුවේ රුපියල් 75,000 මාසයක් හිරකර තිබූ නිසා ඊට අදාල පොලිය අහිමි වනු ඇත. බැංකුවක වාර්ෂික තැන්පත් පොලී අනුපාතය 5% නම් ඒ අනුව එම මාසය තුල ඔහුට අහිමිවන පොලිය රුපියල් 312.50 කි ඒ අනුව ආනයනික වියදම රුපියල් 100,000 ක් වූ දුරකථනයක මිල නව නීතිය නිසා වැඩි විය යුත්තේ රුපියල් 312.50 කින් පමණි .
    නව නීතිය නිසා ජංගම දුරකථන හිගයක් ලංකාවේ ඇති වන්නේ නම් එසේ වන්නේ මාසයක් මුදල් හිරකර තැබීමට නොහැකි ආනයන කරුවන් පමණක් දුරකථන ආනයනය කොට ඇත්නම් පමණි .
    (උපුටා ගැනීමක්)

  3. ගෞම් ඊයාරාජ් says:

    සුද්දගේ ඇපල් ෆෝන් අපිට එපා යකො , ස.තො.ස දාලා අපි ලෝකල් ෆෝන් අඩු මිලට විකුනනවා. හැබැයි ඉතින් බේබිලා එව්වා පාවිච්චි කරාට අවුලක් නෑ .

  4. sujith karunarathna says:

    එල් සී මුදල මාසයක්ද බැරි නම් අහවල් මගුලකටද බිස්නස් කරන්නේ බිස්නස් කාරයෙක් කියන්නේ ඉන්වෙස්මන්ට් එක දරාගන්න පුළුවන් වෙන්න ඕනේ..

  5. nizar thuwan says:

    dan kattiya ithagena inne rajaya desiya dewal gana thiyen kakkumata anayanaya sima karanawa kiyala bambuwa hunge arbudaya ududuwala galawenna minisunta wada denawa thamath mhun kethumathiya adai kiyan gonnu adu na comment dakkama

Main News