ජගත් කුමාර ඉල්ලා අස්වෙයි.. ජනපතිට ලිපිය යවයි.. ගාමිණි ලොකුගේ-සරත් වීරසේකර කුපාඩි වැඩ කරන බව කියයි..
September 17, 2021 at 10:02 pm | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පාදුක්ක ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ඔහු සඳහන් කරන්නේ තමන් එම ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බවයි.
මේ සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ගාමිණී ලොකුගේ සහ සරත් වීරසේකර යන අමාත්වරුන් එක්ව සැලසුම් සහගතව තමනට පහර දෙන බවයි.
පාදුක්ක පොලිස් ස්ථානාධිපති ධුරයට ඇමති ලොකුගේට හිතවත් අයෙක් පත් කර තමනට කෙණෙහිලිකම් කල බවත් ඔහු චෝදනා කරයි.
කුපාඩි වැඩ කරන්න එපා යයි තමන් එම ඇමතිවරුනට පැවසූ බවත් මන්ත්‍රීවරයා පැවසීය.
ඇතිව තිබෙන තත්වය මත තම ජීවිතය ආරක්ෂා කර ගැනීමට සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් අස් වන බව ද ඔහු පැවසීය.
කියලවත් කරගන්නබැරි වැඩක් — ලොකුගේටත් කියන්න අපිට පවූ නොදි ඉ්ලලා අස්වෙන්න කිියල- හරක් දෙන්නෙක් Parliament එකෙන් අඩු වෙනව