ජනගගක් සමග පැමිණ ජනපති මැදුර, අගමැති මැදුර ඇතුළු මුළු කොළඹම වටලනවා..- රතන හිමියෝ ජනපතිට අනතුරු අගවති..

October 3, 2018 at 3:00 pm | lanka C news
ජනගගක් සමග පැමිණ ජනපති මැදුර, අගමැති මැදුර ඇතුළු මුළු කොළඹම වටලනවා..- රතන හිමියෝ ජනපතිට අනතුරු අගවති..

ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර වන නිදහස් වෙළෙඳ ගිවිසුම හකුලා නොගන්නේ නම් ලක්ෂ සංඛ්‍යාත ජනතාවත් සමගින් පැමිණ ජනාධිපති මන්දිරය, අරලියගහ මංදිරය ඇතුළු මුළු කොළඹම වටලන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

මෙම ගිවිසුම වහා හකුලා ගන්නැයි බලකරමින් සංවිධාන ගණනාවක එකමුතුවෙන් සකස් කෙරුණු පෙත්සමක් ජනාධිපතිවරයාට භාර දීමට ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දීමට පැමිණි අවස්ථාවේදී රතන හිමියෝ මේ බව පැවසූහ.

මෙම අනතුරු ඇගවීම ජනාධිපතිවරයාට දන්වන්නැයි ජනාධිපති ලේකම්වරයාට පැවසූ බවත් රතන හිමියෝ කීහ.

අදාල පෙත්සමට සංවිධාන 300කට අධික ප‍්‍රමාණයක් අත්සන් තබා ඇති බවද උන් වහන්සේ කියා සිටියහ.

162 views