ජනතාවට ක්රෝටන් කොල, කොස් කොල කන්න වෙන කතාව ඇත්තයි.. නොකියන කතාව මේකයි.. – මහින්ද
January 14, 2017 at 3:50 pm | lanka C news
අද වන විට ආණ්ඩුව ජනතාවට ක්රෝටන් කොල කොස් කොළ කවන්න හදන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සහලින් ස්වයංපෝෂිතව තිබූ රට නව රජයේ වැඩපිලිවෙල නිසා කෘෂිකාර්මික වැඩපිළිවෙළ විනාශ වී ඇතැයිද රාජපක්ෂ මහතා කීය.
නව රජය පැමිණි පසු අක්කර ලක්ෂ 4ක කුඹුරු වගාව අත්හැර දැමූ බවත් එහි ප්රතිඵලය ලෙස ජනතාවට ක්රෝටන් කොළ කන්නට සූදානම් වන ලෙස කෘෂිකර්මය භාර ඉහලහ නිලධාරියකු පවසා ඇතැයිද ඒ මහතා පැවසීය.