ජනතාවට නොමිලේ කෑම දෙන්න හමුදාවෙන් වැඩපිලිවෙලක්…

July 3, 2022 at 7:10 pm | lanka C news
ජනතාවට නොමිලේ කෑම දෙන්න හමුදාවෙන් වැඩපිලිවෙලක්…

අනාගතයේ රටට ආහාර හිගයක් ඇති නොවන අන්දමට යුධ හමුදා සෙබලුන් යොදවා මෙරට පුරන් ඉඩම් අස්වැද්දවීමේ වැඩ සටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්යේ පලාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දඹුළු හල්මිලෑව ප්‍රදේශයේ කුඹුරු අක්කර 5ක ප්‍රමාණයක මුං කවුපි වැනි බෝග වගාකිරිම යුධහමුදාවේ සෙබලුන් යොදාගෙන සිදුකිරිම අද දින ආරම්භ කරන ලදි.

මෙසේ වගා අරඹන ලද්දේ මෙම යල කන්නයේ අස්වැද්දවීම නොකර අතහැර ඇති අතර ඒවා වන අතර යාන්ත්‍රික පාබල රේජිමෙන්තු මධ්‍යෂ්ථනයේ සේනා විධායක බ්‍රෙගේඩියර් අබේසිංහ මහතාගේ සංවිධානය හා මග පෙන්වීම ඇතිව මෙම කටයුත්ත සිදුකරණු ලබයි.

මෙම පුරන් කුඹුරු අස්වැද්ද වීමේ වැඩ සටහනට ශ්‍රි ලංකා යුධහමුදාවේ නියෙජ්‍ය මාන්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් චන්න වීරසූරිය මහත හා යාන්ත්‍රික පාබල රෙජිමෙන්තු බලසේනාධිපති මෙජර් බාලසූරිය මහත්මා ඇතුළු පිරිසක් ද සමග හමුදා සෙබලුන් රැසක් හා දඹුළුහල්මිලෑව ගොවිසංවිධානයේ නිලධාරින් ඇතූළු ගොවි මහත්වරුන් පිරිසක්ද සම්බන්ධ විය.

මෙම අස්වද්ධන ගොවි බිමිවල අස්වැන්න ඒම ගම්මානයේ ජනතාව අතර හා ආහාර හිගයකදි රටේ ජනතාව අතරේ නොමිලේ ලබාදිමේ අරමුණ ඇතිව සිදුකරණ බවත් රටක ආරක්ෂාව හැම පැත්තෙන්ම රකින්න යුධහමුදාව නිරතුරුව කැපවෙන අතර රට සාගයකින් මුදවන්න සිදුකරණු ලබන වැඩසටහන් අතර මෙම පුරන් කුඹුරු ඇස්වැද්දීම සිදුකරන බවත් හමුදාව සදහන් කරයි.

ශ්‍රි ලංකා යුධහමුදාපති තුමාගේ පුර්ණ මගෙ පන්විම හා අධික්ෂණය යටතේ ක්‍රියාත්මක කෘෂිවගා සංග්‍රාමයට සමගාමිව යාන්ත්‍රික පාබල රේජිමෙන්තු මධ්‍යෂ්ථනයේ සේනා විධායක බ්‍රිගේඩියර් අබේසිංහ මහතාගේ සංවිධානය ඇතිව සිදුකරණු ලබන මෙම පුරන් කුඹුරු අස්වැද්ද වීමේ වැඩ සටහනට ශ්‍රි ලංකා යුධහමුදාවේ නියෙජ්‍ය මාන්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් චන්න වීරසූරිය මහත හා යාන්ත්‍රික පාබල රෙජිමෙන්තු බලසේනාධිපති බ්‍රිගේඩියර් බාලසූරිය මහත්මා ඇතුළු පිරිසක් ද සමග හමුදා සෙබලුන් රැසක් හා දඹුළුහල්මිලෑව ගොවිසංවිධානයේ නිලධාරින් ඇතූළු ගොවි මහත්වරුන් පිරිසක්ද සම්බන්ධ විය

– මහින්ද උදයසිරි දඹුල්ල

28,421 views

11 Comments to “ජනතාවට නොමිලේ කෑම දෙන්න හමුදාවෙන් වැඩපිලිවෙලක්…”

  1. July 07 says:

    යක්ෂ අක්ෂය ජූලි 09 රටම කලූ ජූලියක් කරන්නට සූදානම් කර ඇති කුමණ්ත්‍රණයේ උගුලට අසු නොවෙමු.

  2. Roy says:

    This is a good move. This can’t be limited to 5 acres some where in the island.
    Also, no need to give any thing to free to the nation at large.
    The word “FREE” alone opens holes for huge corruptions at every level in the process.

    Do this in the whole country. I suggested this an year ago.

    • Angoda Silva says:

      මේ වගේ විශාල හමුදාවක් තියාගෙන නඩත්තු කරද්දී සාගත එන එක පුදුමයක් යැ.
      ඕගොල්ලන් අපිට කෑම හදන්න ඕනේ නෑ.ඕගොල්ලෝ තමන්ට අවශ්‍ය කෑම ටික හදාගන්නකෝ අපි ගැන වද නොවී.. අපේ පාත්තරෙ තියෙන දංකුඩේ කන්න එන්නේ නැතිව.
      අර රාජ්‍යසේවකයන් වගේම මේ හමුදාවත් රටට බරක්. දෙකෙන්ම බාගයක් විතර පෙන්ෂන් යවලා වී වගාවට යොදා ගත්තා නම් හොඳා.

  3. අජිත් says:

    ගොඩක් හොඳයි.

  4. SKF says:

    ජනතාව සාගතයෙන් ආරක්ෂා කරනවට ජෙප්පෝ කැමති නෑ.

  5. අපි අවදියෙන් says:

    හමුදාවේ මහත්වරුනි පරිස්සම් වන්න බලෙන් පැටලී රණ්ඩු කිරීමට කුණුහරුප කියමින් එන ගැහැණු හා මිනිසුන්ගෙන් ඔවුන් සංවිධානාත්මකව යොමු කරන අය. ***මෙන්න මේ කතාව අහන්න***
    අද කළු උස ගෑනියෙක් පුංචි ළමයින් තුන්දෙනෙකු සමග ගල්කිස්ස IOC පිරවුම් හලට ඇවිල්ලා එතන රැස් වෙලා ඉන්න මිනිස්සු උසිගන්වන්න හැදුවා නමුත් මිනිස්සු කිසිවෙකුත් කලබල උනේ නෑ ඉන් පසු ඇය ගුවන් හමුදාවේ නිලධාරීන්ට බැන්නා නමුත් ඔවුන් ඇය සමග කතාවට ගියේ නෑ පසුව තවත් ප්‍රදේශවාසී කාන්තාවක් මේ ගැනියට බැන්නා කරුණාකර අපිට තෙල් ගහගන්න ඉඩ දීලා ඵලයන් මේක කඩාකප්පල් නොකර.පසුව ඇය මම යනවා මගේ වාහනය ට කියා පිටත් උනා .නමුත් ඇය ට වාහනයක් තිබුණේ නෑ ප්‍රධාන පාරෙන් මිටර් 150 ඈතින් තිබෙන ශාන්ත සිල්වෙස්ටර් පල්ලිය හරහා ඇය අතුරුදන් උනා පල්ලියේ දේව මෙහෙය ඉවරවි සෙනග අස්සේ ඇය නොපෙනී ගියා.මෙය ජවිපෙ විසින් කරන ලද්දක් බාව පැහැදිළියි.කාදිනල් මේකේ කෙරවලක ඉන්නවා

  6. පොඩි එකා says:

    හමුදාව නෙවෙයි, ඔව්වා අස්වද්දන්ඩ අර සෙඩ් පෝලිමේ අරක් ගෙන ඉන්න ඩිස්ටි ඩිඩිං වීල් කාරයො දාපියව්.

    ඇඟපත හොල්ලන්නෙ නැතුව පුල් රයිස් කන්ඩ බලාගෙන තෙල් ඇදලා විකුනන හොර හැත්ත

  7. නානසාර says:

    ආමි එකටත් ඉදිරියේදී නොමිලේම කෑමක් තියෙනවා – ගුටි කෑම

    • නුවන් අයියා says:

      ඔව් අපි දන්නවා ආණුරයිය කිව්වා වතාවක් ප්‍රසිද්ධියේම අපිට ත් ඔත්තුසේවයක් හමුදාවක් ඉන්නවා කියලා.කොරල බලපන් පර හැත්ත කෑම දීලා බලපන්

  8. අපි අවදියෙන් says:

    අද කළු උස ගෑනියෙක් පුංචි ළමයින් තුන්දෙනෙකු සමග ගල්කිස්ස IOC පිරවුම් හලට ඇවිල්ලා එතන රැස් වෙලා ඉන්න මිනිස්සු උසිගන්වන්න හැදුවා නමුත් මිනිස්සු කිසිවෙකුත් කලබල උනේ නෑ ඉන් පසු ඇය ගුවන් හමුදාවේ නිලධාරීන්ට නෝසරුප් වචනයෙන් බැන්නා නමුත් ඔවුන් ඇය සමග කතාවට ගියේ නෑ පසුව තවත් ප්‍රදේශවාසී කාන්තාවක් මේ ගැනියට බැන්නා කරුණාකර අපිට තෙල් ගහගන්න ඉඩ දීලා ඵලයන් මේක කඩාකප්පල් නොකරකියා.පසුව ඇය මම යනවා මගේ වාහනය ට කියා පිටත් උනා .නමුත් ඇය ට වාහනයක් තිබුණේ නෑ ප්‍රධාන ගාලු පාරෙන් මිටර් 150 ඈතින් තිබෙන ශාන්ත සිල්වෙස්ටර් පල්ලිය වත්තෙන් ඇය අතුරුදන් උනා පල්ලියේ දේව මෙහෙය ඉවරවි සෙනග අස්සේ ඇය නොපෙනී ගියා වාහනයක නැගී පෙනගියා විය හැකියි .මෙය ජවිපෙ විසින් කරන ලද්දක් බව පැහැදිළියි.කාදිනල් මේකේ කෙරවලක ඉන්නවා

Main News