ජනතාවට පටි තද කරන්නැයි කියන ගමන් ආණ්ඩුවෙන් ක්‍රිකට් පිටියක් හදනවානම් ඒක අතිශයින්ම වැරදියි..
May 20, 2020 at 3:50 pm | lanka C news
පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
යාපනයේ චෙම්මිනි හී දී මිය ගිය කොටි සැමරුමක් සංවිධානය කරලා තිබුණා. ඒ සඳහා සහභාගි වුණු බෙදුම්වාදි නායකයින් ආපසු හරවා යැවීමට පොලිසිය කටයුතු කලේ නිරෝධායන රෙගුලාසි කඩ වෙනවායි කියමින්. ඔවුන්ට දඬුවම විධියට කිව්වේ දින 14ක් නිරෝධායනයට ලක් කරනවා කියලයි. නිරෝධායනයට බය නැති නිසා ශිවාජිලිංගම් කියන බෙදුම්වාදියා පොලිස් නියෝග නොතකා කොටි සැමරුම සිදු කළා. නිරෝධායන නීති යටතේ කොටි සමරන්න දෙන්න බෑ කියන්නේ කොවිඩ් 19 නොතිබුණා නම් කොටි සමරන්න පුළුවන් කියන එක ද? අපි කියන්නේ කොවිඩ් 19 තිබුනත් නැතත් කොටි සැමරුම් තියන්න ඉඩදෙන්න බෑ කියලයි. කොන්ද පණ නැති ඊනියා යහපාලණ ආණ්ඩුව යටතේ සිදුවුනා වෙන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් සිටියදී මහින්ද රාජපක්ෂ අගමැතිතුමා සිටියදී ඒදේ සිද්ධවෙන්න දෙන්න බෑ.
කොටි කියන්නේ ජාති භේදයකින් තොරව අපේ ආදරණියන් අපෙන් උදුරා ගත්තු මිනීමරු සංවිධානයක්. අපේ ආදරණීයන්ට අත් පා ඇස් කන් අහිමි කරපු ත්‍රස්තවාදි සංවිධානයක්. ඒ නිසා අදටත් කොටි සංවිධානය ලංකාවේ තහනම් සංවිධානයක්. බෙදුම්වාදයට උඩ ගෙඩි දෙනවා කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157(උ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්.
ඕනෑම කෙනෙකුට යුද්ධයෙන් මිය ගිය සිය ඥාතියා සමරලා ආගමික කටයුතු කරන්න පුළුවන්. ඒකට බාධාවක් නෑ. නමුත් ත්‍රස්තවාදින් සාමුහිකව සමරන්න දෙන්න බෑ. ඒක තරුණ පරම්පරාවට ත්රස්තවාදයට යොමු වීමට දිරි දීමක්. එහෙම උනොත් අප්‍රේල් මාසයේ 21වන දා සහරාන්ගේ කණ්ඩායමක් ඇවිත් සහරාන් සැමරුමක් කරන්නත් ඉඩ තියෙනවා. 2001 සැප්තැම්බර් 11 දින අල් කයිඩා ප්‍රහාරයක් එල්ල වුණු ඇමරිකාවේ ග්‍රවුන්ඩ් සීරෝ වල ඒ් ත්‍රස්තවාදින් සමරන්න ඉඩ දෙනවා ද? ලෝකයේ කිසිම රටක් ත්රස්තවාදයට අනුබල නොදියයුතුයි කියන ප්‍රතිපත්තියේ ඉදිමින් ත්රස්තවාදීන් සැමරීමට ඉඩ දෙන්නේ නෑ. ත්රස්තවාදයට එරෙහි ලෝක ප්‍රතිපත්තියට අපිත් අනුගත විය යුතුයි.
මිය ගිය අයගේ නම් හෙලි කරන්න
ලෝකයේ අන් රටවලට සාපේක්ෂව කොවිඩ්19 රෝගින් ගණන අඩුවීම පිළිබඳවත් මරණ සංඛ්‍යාව අතිශයින්ම අඩුවීම පිළිබඳවත් කොවිඩ්19 මරණ හරහා දේශපාලනය කරන්න සිටි විපක්ෂය කෝපයට පත් වෙලා ආණ්ඩුව කියන්නේ බොරු ගණන් යැයි ප්‍රකාශ කරනවා. එහෙම කියූ දේශපාලකයින් අතර ලක්ෂමන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, පා ච රණවක සහ මුජිබර් රහුමාන් ඉන්නවා. අපි ඔවුන්ට අභියෝග කරනවා. කොවිඩ්19 රෝගින් ගණන බොරු නම් කොවිඩ්19 වැළැඳී ඇතත් ආණ්ඩුව විසින් ගණනය සඳහා අදාළ කර නොගත් අයගේ නම් ලැයිස්තුව ඉදිරිපත් කරන්න. කොවිඩ්19 වැළඳී මිය ගිය ඒත් ප්‍රසිද්ධ නොකළ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව ඉදිරිපත් කරන්න. එහෙම කරන්න බැරි නම් ජනතාවට බොරු කියා නොමග යැවීමට වෙර දැරීම පිළිබඳ සමාව ගන්න.
ලොක්කන්ටත් සොක්කන්ටත් එකම නීතිය
අද අපේ රටේ ජනතාව අතර ප්‍රබල සාකච්ඡාවකට පාදක වෙලා තියෙනවා මේ රටේ ලොක්කන්ට එක නීතියකුත් සොක්කන්ට තව නීතියක් කියලා. මොකද පහුගිය කාලේ කොවිඩ් 19 වසංගතයෙන් කිසිවෙකු මිය නොගොස් තිබියදී කොවිඩ් 19 වසංගතයෙන් පුද්ගලයන් මිය ගිය බවට සමාජ මාධ්‍ය ජාලාවල බොරු ප්‍රචාර කළ පුද්ගලයින්ව අත්අඩංගුවට ගෙන ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්නට අපේ බලධාරීන් කටයුතු කළා. හැබැයි එවැනිම බොරු ප්‍රකාශ කරපු හිටපු ඇමතිවරුන්ට හිටපු මන්ත්‍රීවරුන්ට කිසිම හානියක් සිදු වුණේ නෑ. ඔවුන්ව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමක් සිදු වුණේ නැ. ඒ නිසා ජනතාව අද ප්‍රශ්න කරනවා ලොක්කන්ට එක නීතියකුත් සොක්කන්ට තව නීතියකුත් ක්‍රියාත්මක වෙනවද කියලා. අපි විශ්වාස කරන්නේ ආණ්ඩු පක්ෂය වේවා, විපක්ෂය වේවා, සාමාන්‍ය ජනතාව වේවා, දේශපාලකයා වේවා කවුරුත් නීතිය ඉදිරියේ සමාන විය යුතුයි.අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12/1 වගන්තියෙන් කියන්නෙ නීතිය ඉදිරියේ හැමෝම සමානයි කියලා. ජනාධිපතිතුමා විතරයි පොඩ්ඩක් උඩින් තියල තියෙන්නේ මුත්තිය දීලා. එහෙම නම් මේ රටේ ජනතාව අවුල් වියවුලට තල්ලු කිරීමට ජනතාව නොමඟ යැවීමට බොරු වපුරන විපක්ෂයේ නායකයින්ට රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියලා අපි තදින්ම ප්‍රකාශ කර සිටීනවා.
ප්‍රශ්න හා පිළිතුරු
ප්රශ්නය : මැතිවරණය පැවැත්වීම දැන් අධිකරණය දක්වාම ගිහින් තියෙනවා. මේ ගැන ඔබතුමන් මොකද හිතන්නේ ?
පිළිතුරු : පරණ පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතුව මැතිවරණයක් තිබුනොත් තමන්ට ගෙදර යන්න වෙනවාය කියලා බයෙන් ඉන්න අය තමයි අධිකරණයට ගිහිල්ලා තියෙන්නෙ. ඒ අය ජනතාව ඉස්සරහට යන්න බයයි. ඡන්ද එපෝ කියලා අධිකරණයට ගිය අය තමයි පුංචි ඡන්දය අවුරුදු දෙකහමාරකින් කල් දැම්මේ. පළාත් සභා මැතිවරණය දින නියමයක් තොරව කල් දැම්මේ. මේ අය කවදාවත් වෙලාවට ඡන්දෙ තියලා නෑ. මේ ආණ්ඩුව විතරක් නෙවෙයි ජේ ආර් ජයවර්ධන මහත්තයා බලයට පත්වුණ ගමන් කිව්වේ මම මැතිවරණ සිතියම අවුරුදු දහයකට අකුලනවා කියලා. ඒකට කියන්නේ ජනතා භීතිකාව. ඉතින් ඒ ජනතා භීතිකාවෙන් පෙළෙන පක්ෂයක් බලය තියෙන කාලෙ පාර්ලිමේන්තු බලය පාවිච්චි කරලා මැතිවරණ කල් දැම්මා. ඊනියා ජනමත විචාර තියලා මැතිවරණ කල් දැම්මා. බලය නැති නිසා අධිකරණයේ පිහිටෙන් හරි ජනතාව ඉදිරියට නොයා ඉන්න පුළුවන්ද කියල තමයි මේ උත්සාහ කරන්නේ.
ප්රශ්නය : හෝමාගම ක්‍රිකට් පිටියක් හදන්න කටයුතු කරනවා නේද ? දැන් මේවා ඔබතුමන්ලා අනුමත කරනවද ? ඇත්තටම මේවා මේ වෙලාවේ අවශ්‍ය ද ?
පිළිතුරු : ඇත්තටම මේ පැහැදිලි නොවීම තමයි මෙතන තියෙන ප්රශ්නය. මීට වසර හතරකට කලින් ජාත්‍යන්තර ක්‍රිකට් සභාව නැත්නම් ICC ආයතනය ශ්‍රී ලංකාවට වෙන් කලා ඩොලර් මිලියන 30ක් අලුත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හදන්න. ඒ සල්ලි ලැබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් සභාවෙන්. ඒ සල්ලි ලැබෙන්නේ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට. ඒ සල්ලි වලින් ජනතාවට සහන දෙන්නවත් කොවිඩ් 19 මර්ධනය කරන්න අවශ්‍ය උපකරණ මිලදී ගන්නවත් නැත්තං ආර්ථිකය යළි පණ ගැන්වීමට වත් යොදාගන්න බැ. ජාත්‍යන්තරය ක්‍රිකට් සභාව සල්ලි දෙන්නෙ ක්‍රිකට් ක්‍රීඩාංගණය හදන්න සහ ක්‍රිකට් දියුණු කරන්න පමණයි. එතැන ලංකා ආණ්ඩුවේ සල්ලි සතයක්වත් නැ. ඒ සල්ලි අපි පාවිච්චි නොකළොත් වෙන රටකට දෙනවා ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හදාගන්න. සම්පූර්ණ වියදම දරන්නේ ICC ආයතනය. ඒ වගේම ශ්‍රී ලංකා ආණ්ඩුව මුදල් යොදවන්නේ නැ. ඒ දෙන මුදල කොවිඩ් 19 මර්දන කටයුතු වලට භාවිතා කරන්නත් බැහැ.
මේ වෙලාවේ කොවිඩ් 19 වසංගත තත්වය නිසා ඒක මර්දනය සඳහා ජනතාවට පටි තද කර ගෙන අරමුදල් දෙන්න කියද්දි ආණ්ඩුවේ සල්ලි යොදවලා ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හදන්න යනවනම් ඒක අතිශයින්ම වැරදියි. එහෙම කරනවා නම් ඒක වැරදියි කියන තැන අපිත් ඉන්නවා. නමුත් මෙතන එහෙම දෙයක් නෑ.
– අරවින්ද අතුකෝරල
සම්පූර්ණ වියදම දරන්නේ ICC ආයතනය. ඒ වගේම ශ්‍රී ලංකා ආණ්ඩුව මුදල් යොදවන්නේ නැ. ඒ දෙන මුදල කොවිඩ් 19 මර්දන කටයුතු වලට භාවිතා කරන්නත් බැහැ.
Its Clear……….
හෝමාගම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් තමන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පිළිගෙන තිබෙනවා. ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ ඒ සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරන බවයි.
කෙසේ වෙතත් ඊයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර තිබුණේ අදාල ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් සඳහා මුදල් ලබාදීම තබා එවැනි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් හෝ එම ආයතනය දැනුවත්ව නොමැති බවයි.
yakoo hadanna salli dunne nathiwata …nadaththu karanda wenne apita ….wena paladayi deyakata yodaganda puluwan idama lankawe idamak…… meeke staff ..ee wagema unta padi gewanne lankawe ape…salli..eekayi awula…..munta hori hari kamak naa nikan denawanam…thuh nodakin mun……..dan oya oone tharam ground thiyenne ..awuruddakata 1 match ekakwath nathuwa…..
මොකෙන් හැදුවත් ලංකාවට cricket grounds තව ඕනෙම නැහැ. පාසල් පද්ධතිය නගා සිටුවන්න ඔය සල්ලි වලින්, දෙන්න බැරිනම් ඒවාට ඕනේම නැහැ ඕකත්.
Onna eththa. nodanna ayata denaganna sarala vidihatama liyala thiyenawa. Arjuna, Mahela, Akila Wiraj weni kerumanta meka honda pilithurak.
මේ මිනිස්සු කියන දේවල් අන්ධානුභක්තියෙන් පිලිගන්න එපා බං , 95% බොරුව තියෙන්නේ ඔය හැම dial එකේම 🤣🤣🤣
මණ්ඩලේ කචල් පටන් අරගෙන.මෙයා එතකොට ආණ්ඩුවේ නෙවේ විපක්ෂයෙද ?
තෙත් කලාපයේ ක්‍රීඩාංගන සහ තට්ටු උස ගොඩනැගිලි ඉදිකරමින්, වියලි කලාපයේ කෘෂිකාර්මික කටයුතු කිරීම ලංකාවේ පාලකයන්ගේ ප්‍රතිපත්තිය වේ.
එමගින් පිටරට ගොවියන්ගේ නිෂ්පාදන ලංකාවට ආනයනය කර කොමිස් ගැසීමටත්, අධික ලාබයක් ලැබීමටත් පුලුවන.
සුද්දාගේ ආර්ථික විද්‍යාව, සීඅයිඑම්ඒ, ඒඒටී ගණකාධිකාරින් බිහිකරන්නේ රටේ ගොවියන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමට නොව පිටරට ගොවියන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමටය.
තෙත් කලාපය කොන්ක්‍රීට්වලින් වසා දැමීම බන්දුල ගුණ්වර්ධන ඇතුලු දේශීයත්වයේ සලු පොරවාගත් ඊනියා දේශප්‍රේමීන්ගේ කොමිස් ව්‍යාපාරයකි.
සුද්දෝ තෙත් කලාපයේ ක්‍රීඩා පිටි හදන්න දෙන්නේ ඇයි?
oya deshadrohiyaa bandula naakiyaawa vahaama ratin pituvahal korannai kiyanna kotalawala mahaththayo.
අනිත් එවුන් මොනා හරි කලොත් “ඊනියා ” උඹලා කලොත් “ප්රජාතන්ත්රවාදී”. අපින් නොදන්නා සත් ගුණවත් අවංක පිවිතුරු හෙළු උරුමය. ජනධිපතිවරණයට කලින් අර මැටි මාධව යව බොරුවට එලෙව්වා මුස්ලිම් චන්ද ගන්න, දැන් ආයෙමත් පත් කරලා අගේට . ඉතින් මෙව්වා දැක දැක සමහරක් මුන්ට කතිරේ ගහනවනේ. 2018 හිටං ට කෙල උනාට පස්සේ වැඩිය ව්‍යවස්ථා විග්රහ වලට යන්නේ නැහැ, බළලාට වගේ පස්සේ වහ ගන්න බැරි උනොත්.
බන්දුලත් ඇනකොන්ඩා..ගම්මන්පිලත් ඇනකොන්ඩා.
හෝමාගම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් තමන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පිළිගෙන තිබෙනවා. ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ ඒ සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරන බවයි.
කෙසේ වෙතත් ඊයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශ කර තිබුණේ අදාල ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් සඳහා මුදල් ලබාදීම තබා එවැනි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් හෝ එම ආයතනය දැනුවත්ව නොමැති බවයි.
Yes. We should go ahead with this ground. Cricketers know only to play cricket grounds. They do not know the “taste” of it. Only the politicians and the Cricket Board know the real taste.
oya ithin mythreepala mahaththayata lanu deela dina 52n grdera guya andu heduwaned? oya kiyana ewath ewage da danne ne..
Really speaking at this point there is no hurry for a cricket as the former captains explained the situation. No point of wasting time and money by taking closed decisions without considering the facts. We lost our way and still going to do the same mr. Think again and open your eyes.
Whatever the decision taken by our gota sir or appachchi should not be questioned.
They can decide on making any number of cricket grounds at any cost. We are here to serve you and your families.
Jaya wewa sir.
උඹ කියනවානම් හා.
The number of International cricket stadiums that the leading cricket playing nations have are as follows.
India_ 44, England_ 20, Australia _ 18,
New Zealand _16, Pakistan_16, West
Indies_ 15, South Africa _ 12,Sri Lanka
_9, Bangladash_ 8 and Zimbabwe_ 4.
මෙතුමා මෙවාගෙ කථාකියන්න දක්ෂයානෙ 2500න් මාසයක් කන්න පුලුවන් කිව්වෙත් මෙයානෙ ගෙබිකටා කියන්නෙ නිකමටද