ජනතාවට බාධා නොවන්න විදුලි අර්බුදය කළමනාකරණය කරන්න ජනපති කියයි..

January 10, 2022 at 4:40 pm | lanka C news
ජනතාවට බාධා නොවන්න විදුලි අර්බුදය කළමනාකරණය කරන්න ජනපති කියයි..

ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

විදුලි කප්පාදුවක් පිළිබඳව පැනනැගී ඇති තත්ත්වය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සමග අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

ගල්අඟුරු සහ පොසිල ඉන්ධන භාවිතයෙන් විදුලි උත්පාදනයේ දී පැනනැගී ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ.

ශ්‍රී ලංකාව සතු ගල්අඟුරු සංචිත විදුලි අර්බුදයකට ඉඩ නොදී කළමනාකරණය කරගැනීමට ප්‍රමාණවත් වේ. ඉන්ධන භාවිතයෙන් කෙරෙන විදුලි උත්පාදනය කළමනාකරණය කිරීමෙන් විදුලි කප්පාදුවකට යෑමෙන් වැළකිය හැකි බව ද නිලධාරීහු පවසති.

පවතින තත්ත්වය කළමනාකරණය කරගනිමින් ජන ජීවිතය පවත්වා ගෙන යාමට සියලු පියවර ගෙන ඇතැයි ද විදුලිබල හා බලශක්ති අමාත්‍යවරු සඳහන් කළහ.

අමාත්‍ය ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු විදුලිබල, බලශක්ති අමාත්‍යාංශවල ලේකම්වරු සහ අදාළ රේඛීය ආයතනවල ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

19,490 views

19 Comments to “ජනතාවට බාධා නොවන්න විදුලි අර්බුදය කළමනාකරණය කරන්න ජනපති කියයි..”

  1. Banda says:

    Gotoo thoo ochcharama modhadha. Oya hama රෙද්දක් ma karanne ganja dumiya..thota sasha,thoge,rajayata,kelinnema oya maithriyage henchaoyo parayo

  2. Saleem says:

    උපදෙස් බයිලව තමා මේ මිනිහට දැං ඉතුරු වෙලා තියෙන්නේ. මේක හරියට ඕන කරන තුනපහ කලමනා ටික අරං නොදී මිනිහෙක් ගෑණිට උයන්න උපදෙස් දෙනව වගේ විහිළුවක්

  3. Ranjan Joseph says:

    Why did the government wait till this happens .

  4. ස්වෙෙරීතවය ස්ථාපිතකිරීමට නොහැකිනම්, වහාම රට චිනයට බාරදිපං පරයා,.! says:

    ගෝටාබයෝ.. බබාහුකුං නවතාපං ජඩයා,..!
    පහත්ගනයේ පාවාදෙන්නකු දේශද්‍රා්හියකු වංචනිකයකු නොවී වාහම ලබාදුන් දැවැන්ත ඡනවරම වහාම ක්‍රීයාත්මක කර ආක්‍රමිකයා සතුරා ඉන්දියානුවන් වහාම මාත්‍රෘෘභූමියන් පන්න්නා දමනු,.! 69 ලකෂයේ ඡනවරමට වංචා නොකර ඡාතිකආරක්කෂාව රාඡ්‍යපාළනය ස්වෙෙරීතවය ස්ථාපිතකිරීමට නොහැකිනම්, වහාම රට චිනයට බාරදිපං පරයා,.!

  5. lakmal says:

    pirimiyek nam security nathuwa paare awidapan..puluwannam paare awidapan

  6. 0.00069 BIYYO says:

    උපදෙස් බයිලව තමා මේ මිනිහට දැං ඉතුරු වෙලා තියෙන්නේ. මේක හරියට ඕන කරන තුනපහ කලමනා ටික අරං නොදී මිනිහෙක් ගෑණිට උයන්න උපදෙස් දෙනව වගේ විහිළුවක්
    ඔන්න බලපල්ලා අපේ ස අපට කිසිම බාධාවක් නොවෙන්න ලයිට් කපලා පෙන්නන හැටි.

    ස තමයි හොඳටම කපලා තියෙන්නෙ

  7. nimal says:

    Keranne kiyanne kiyala apitath kiyanne puluwan.. mokada keranne tiyene plan eka Plan A, Plan B wage monawada tiyenne…

    Nikan katin bathala hitalawala wadak nane…. keranne bari bawa penewane… karunakala dala yanne oka…

Leave a Comment

Main News