ජනතාවට, රටට සෙත් පතා ජනපති පොළොන්නරුව සෝමාවතී පුදබිමේ…

May 31, 2020 at 2:14 am | lanka C news
ජනතාවට, රටට සෙත් පතා ජනපති පොළොන්නරුව සෝමාවතී පුදබිමේ…

ජනතාවට සහ රටට සෙත් පතා පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී විහාර පුද බිමේ (30) පැවති ආගමික වතාවත්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක් විය.

සෝමාවතී පුදබිමට පැමිණි ජනාධිපතිතුමා රාජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

සෝමාවති සෑ රදුන් වෙත සිදු කෙරුණු කප්රුක් පූජාවට ද ජනාධිපතිතුමා සහභාගී විය.

සෝමාවති පුදබිම බොහෝ අවස්ථාවල ගංවතුර තත්වයන්ට ලක් වෙයි. සෝමාවති රජමහා විහාරාධිපති ස්වාමින් වහන්සේගේ ඉල්ලීම පරිදි, එවැනි ආපදා තත්ත්වයකදී සහය විය හැකි ආකාරයෙන් ගුවන් හමුදාව ඉදිකළ “හෙලිකොප්ටර් යානාංගනය” ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත කෙරිණ. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා ද ඊට එක් විය.

– ජනාධිපති මාධ්‍ය අංශය

2,040 Viewers

2 Comments to “ජනතාවට, රටට සෙත් පතා ජනපති පොළොන්නරුව සෝමාවතී පුදබිමේ…”

  1. ලයනල් දොලපිහිල්ල says:

    සාධු! සාධු!! සාධු!!! ඔබ තුමාට තෙරුවන් සරණයි.
    සියලු දෙවිපිහිටයි!

  2. nimalsiri says:

    ratata koranna godaak deval thiyenakota moo newatha newathath hora val thattayange sohonwalata vandinnata
    gihin.ane mewage janaadhipathiyek wena kisima rataka netha.