ජනතාවට රටට සෙත් පතා පොලොන්නරුවේදී පිරිත් සජ්ජායනා.. ජනපතිත් එයි.. ඉදිරියේදී රට පුරාම..

December 26, 2016 at 12:40 pm | lanka C news
ජනතාවට රටට සෙත් පතා පොලොන්නරුවේදී පිරිත් සජ්ජායනා.. ජනපතිත් එයි.. ඉදිරියේදී රට පුරාම..

නියගය හමාර කර මහ වැසි වසින්නැයි රටටත්, ජනතාවටත් සෙත් පතමින් පොලොන්නරුවේ පරාක‍්‍රම සමුද්‍රය අසලදී භික්ෂූන් වහන්සේලා පනස්නමකගේ සහභාගීත්වයෙන් පිරිත් සජ්ජායනයක් පැවැත්වින.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රජයේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් එම අවස්ථවට එක්වයි.

ඉදිරියේදී රට පුරා තවත් බොහෝ ස්ථානයන්හි මෙසේ ආශාර්වාද පුජා පැවැත්වීමට නියමිතය.

11 views

13 Comments to “ජනතාවට රටට සෙත් පතා පොලොන්නරුවේදී පිරිත් සජ්ජායනා.. ජනපතිත් එයි.. ඉදිරියේදී රට පුරාම..”

  1. GMC says:

    Mara biya danilada manda

    • nilu says:

      Methreepala sirisena ratata-jathiyata-agamata yam akatayuthtak kara athnam pamanak, ohuta sapa wewaa!

    • nilu says:

      Meithreepala sirisena janapathi ratata-jathiyata-agamata yamkisi akatayuthtak kara athnam pamanak, ohuta saapa wewaa! (If and only if).

  2. Desapremiya says:

    2017 Janawari 27 ta mechchara baysda. Maruwa enawo.

    • asaranaya says:

      ජනවාරි 27 දාම පාන්සකූලය දීලා අපි සෙත් පිරිත් කියන්නම්

      • OLU says:

        යහපාලන ආණ්ඩුව ඉවත්කළ දාට රටේ අපල සියල්ල දුරුවේ …කල යුත්තේ සිරිසේන – රෙජීමය නෙරපා දැමීමයි

  3. Champa says:

    කවුරු කලත්, කොතන කලත්, බෞද්ධයෙක් විදියට හැම බෞද්ධ වැඩ සටහනකටම මම සහයෝගය දෙනවා. ඉස්සර වගේ පිරිත් දේශනා රටේ ඇහෙන්නේ නැති එක ලොකු අඩුපාඩුවක්.

    ජනාධිපතිතුමාව මම මේ වගේ බෞද්ධ වැඩ සටහනක දැක්කමද මන්දා.

    රනිල් හෙවත් ආණ්ඩුවේ දෙවනියා ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට මේ රටේ තියෙන තැන නැති කරන්න හදන වෙලාවක, ක්‍රිස්තියානි ආගම මේ රටේ ප්‍රධාන ආගම විදියට ලෝකයාට පෙන්නන්න අසාර්ථක උත්සයක යෙදෙන වෙලාවක, ස්වර්ගයට යන්න bulb එල්ලපු රොකට් හදන වෙලාවක, පිරිත් නවත්තන්න කියලා සමහරු පොලීසි වල පැමිණි දාන වෙලාවක, රාජ්‍ය නායකයා විදියට ජනාධිපතිතුමා බෞද්ධ වැඩ සටහනක් මගින් රටට සෙත්පතන්න ඉදිරිපත් වීම අගය කරනවා.

    විසාලා නුවර නියඟයක්, සාගතයක් සහ බෝවෙන රෝගයකින් පීඩා විදපු වෙලාවේ මුළු නුවර පුරාම සතුන්ගේ සහ මිනිස්සුන්ගේ මිනී වලින් අපවිත්‍ර වෙලා තිබුණු වෙලාවක, බුදු හාමුදුරුවෝ විසාලා නුවරට වැඩම කලහම විදුලි කොටලා අහස ගුගුරලා මහා වැස්සක් වැහලා මුළු නුවරම පිරිසිදු වුනා කියලා පොත පතේ තියෙනවා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ පාත්තරේට මල් සහ වතුර දාගෙන, නූල් පන්දුවක් අරගෙන මුළු නුවර පුරාම සැරිසරමින් රතන සූත්‍රය කියලා තියෙනවා. පිරිත් නූල පාවිච්චි කරලා තියෙන්නේ තැන තැන ලෙඩින් වැටිලා හිටපු මිනිස්සුන්ට පිරිත් නූල අල්ලගන්න දීලා පිරිතේ බලයට සම්බන්ධ කරගන්න කියල කියනවා. මම හිතන්නේ පිරිත් වල ආරම්භය ඇතිවෙලා තියෙන්නේ එහෙම. විද්‍යාව පැත්තෙන් ගත්තත් ශබ්දයේ බලයක් තියෙනවා තියෙන එක, එකම රිද්මයකට සෑහෙන වෙලාවක් කටින් ශබ්දයක් නිකුත් කරන කොට ඒකෙන් වායුවේ තියෙන තරංග වලට බලපෑමක් වෙනවා කියන එක ඔප්පු වෙලා තියෙනවා.

    පිරිතෙන් ලෙඩ රෝග වගේම මානසික සහනයත් ලැබෙනවා. මේ ගැන පර්යේෂණ ලිපියක් තියෙනවා කොළොඹ විශ්ව විද්‍යාලයේ Dr. Chandana Jayaratne කරපු. මේ තමයි link එක.

    http://www.methsaviya.org/Documents/Research_Papers/Pirith%20&%20Science%20-7th%20UN%20Vesak%20Day%20Conf.-Thiland%202010.pdf

    • JOY says:

      රටට සෙත් පතා පිරිත් …….Great work
      ….රනිල්ට සිරිසේනට සෙත්පතා දකුණු ඉන්දියාවේ තිරුපතිට පුජා මුදල් ….කාලි යක්ෂනිට බිලි පුජා
      අබුදස්ස කාලේ ලබුත් තිත්තලු රාලේ
      ….

      • සේපාලිකා රනතුංග says:

        උඩින් පෙන්නන්නෙ රටට සෙත් පැතීම.
        නමුත් යටින් තියෙන්නෙ ජනවාරි 26 වෙනිදාට නියමිත සෙනසුරු මාරුවට තියෙන භය.
        මතකද, මීට ඉස්සෙල්ලත් ලොක්කා ජනපති මන්දිරය ජනතා සතුකරන බව පවසමින් තමන්ට 
        ඇති අපලයකින් මිදීමට ජනපති මන්දිරය බැලීමට දස ලක්ෂයකට වැඩි පිරිසකට ඉඩ දුන්නා? මේවට රැවටෙන්ට තරම් මෝඩ මිනිස්සු ඉන්න රටේ, 2015  ජනවාරි සිදුවූ වගේ පෙරලි අරුමයක් 
        නොවේ.

        • Champa says:

          දේශපාලනය ආගමට ගාවා ගන්න මිනිස්සු තමයි මෝඩ මිනිස්සු.

          තමන්ගේ දේශපාලනය ආගමටත් ගාවා ගන්නේ දේශපාලකයන් සහ පටු දේශපාලනය කර පින්නාගත් මිනිස්සු. මම නම් දේශපාලනයට කිසි සම්බන්ධකමක් නැහැ. දේශපාලකයන්ගෙන් මට ඇති වැඩකුත් නැහැ කියලා මම ඕනේ තරම් කියලා තියෙනවා. ඒ නිසා ආගමික වැඩ සටහනක් විවේචනය කරලා කාටවත් මගේ පක්ෂපාතිත්වය පෙන්වන්න උවමනාවක් නැහැ.

          රටට සෙත් පතා පිරිත් කියන එකේ තියෙන වැරැද්ද මොකක්ද? රටේ රාජ්‍ය නායකයා ඒක කරන එකද වැරැද්ද? වෙන කවුරු හරි කළා නම් කමක් නැත්ද?

          බෞද්ධ වැඩ සටහනක් විවේචනය කරන්න පුළුවන් අබෞද්ධයන්ට විතරයි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා තවදුරටත් බෞද්ධයන්ට වලංගු නැත්ද?

          ජනාධිපතිට සෙනසුරු අපලයක් තියෙනවාද කියලා නම් මම දන්නේ නැහැ. හැබැයි එහෙම තියෙනවා කියල පිළිගන්න අය, ජනාධිපති එදාට මැරියන් කියලා කියන්න තමන්ට අයිතියක් තියෙනවා කියලා හිතන අය, ඇයි හිතන්නේ නැත්තේ, ජනාධිපතිටත් අයිතියක් තියෙනවා කියලා ඒ අපලෙන් මිදෙන්න කටයුතු කරන්න?

          දේශපාලකයන්ගේ පෞද්ගලික ජීවිත මට නම් අදාළ නැහැ. මම comment කරන්නේ දේශපාලනයට අදාළ භූමිකා ගැන විතරයි. අපලයක් වෙනුවෙන් කරන දේවල් මට අදාළ නැහැ. හැබැයි ජනාධිපතිතුමා රට පුරා පිරිත් සජ්ජායනයා කරන්න ගත්ත පියවර නම් මම ඉහලින්ම අගය කරනවා. මගේ ප්‍රතිපත්ති දේශපාලනයට යට කරන්න මට කිසිම උවමනාවක් නැහැ.

          පහුගිය කාලේ ජනාධිපතිතුමා බෞද්ධාගම වෙනුවෙන් කිසි දෙයක් කරන්නේ නැහැ කියලා මම තදබල විදියට විවේචනය කරලා තියෙනවා. රටේ ඉහලම මන්දිරෙන් පිරිත් ඇහෙන්නේ නැති නිසා රටම අඳුරේ ගිලිලා කියලා මම කිව්වා. දැන් මුළු රට පුරාම පිරිත් ඇහෙන්න යනකොට, මම ඒකෙ හොඳ කියන එක වරදක් හෝ මෝඩ කමක් වෙන්නේ කොහොමද?

          දේශපාලකයෝ මිනිස්සුන්ට දාලා තියෙන පාට කන්නාඩි ගලවලා, මිනිස්සු තමන්ගේ බුද්ධියෙන් කරුණු අවබෝධ කරගන්න පටන් ගන්නේ කවදද?

  4. Mahesh says:

    Pau deiyane. Ara Indiawe gihilla karapuwagen wedak wela nethiwada, ayeth budu guna mathak wela thiyenne?

  5. Nisanka says:

    මෙතුමාට ඉතිං මහින්ද රාජපක්ෂ බැන බැන හරි කියන්න තියෙන්නේ මහින්ද යුගයේ ආරම්භ කල දේවල් හා කල කි දෑ දේවල් විතරයි. මොකද රටේ ජනාධිපති හැටියට මෛත්‍රීපාල සිරිසේන හැම තැනම ෆේල් …
    අන්තිමට යූ ඇන් පී වැඩ බැරි දාසලා ටික මේකටත් හේතුව මහින්ද කියලා කොහෙන් හරි ගලපාවි. කොහොමද යහපාලනේ…

  6. Audit Superintendent says:

    All these activities prove that so much powerful executive president
    of SL is dead scared of Mr. Vijitha Rohana’s predictions.

Main News