ජනතාව වෛරසයෙන් මිය යමින් සිටින්නේ එන්නත්කරණය නොකල නිසා…

May 27, 2021 at 6:28 am | lanka C news
ජනතාව වෛරසයෙන් මිය යමින් සිටින්නේ එන්නත්කරණය නොකල නිසා…

මෙරට ජනතාව කොරෝනා වෛරසයට ගොදුරු වී මිය යමින් සිටින්නේ එන්නත්කරනය ප්‍රමාද වූ නිසා යැයි සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කළේය.

අද වන විට ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් මිලියන 2 කට වත් එන්නත්කරණය සිදු කර නැති බවත් කලාපයේ ඉතාම අඩුවෙන් එන්නත් කර ඇත්තේ ලංකාවේ බවත් ඔහු පැවසීය.

එන්නත් මාත්‍රාවන් මිලියන ගණනක් ලැබෙන බව කීවද නිල ලෙස ඇණවුම් කර ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් බවද ඔහු සඳහන් කරයි.

පෞද්ගලික අංශයට එන්නත් ආනයනයට අවසර නැති නිසා සම්පූර්ණ වගකීම පැවරී ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

14,642 views

25 Comments to “ජනතාව වෛරසයෙන් මිය යමින් සිටින්නේ එන්නත්කරණය නොකල නිසා…”

  1. Maha sinhale says:

    කොරෝනා වෛරසය පාලනය සදහා හදුන්වා දී ඇති එන්නත්වල ඌරු තෙල් ඇතැයි යන සැකයක් මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවල පැතිර යමින් තිබේ.

    මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාව වැනි රටවල ජනතාවට මෙම එන්නත් ලබාදීමට මත්තෙන් ඒ සඳහා හලාල් සහතිකය අවශ්‍ය බවට ප්‍රකාශ කර ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

  2. Gorilla says:

    ඔහේලගේ දේශපාලනේ නම් ජරාම මුඩුක්කු එකක්. හැබැයි මේ කතාවනම් 100% ඇත්ත, පෞද්ගලික අංශයට ඔක ගෙන්නන්න නොදුන්න එකම ඇති ගොන්කම පෙන්වන්න.

Main News