ජනතාව අතර කොරෝනා පැතිරීමක් නෑ.. හෙට වුවත් රට සාමාන්‍ය තත්වයට ගෙන ආ හැකියි..- සෞඛ්‍ය ඇමතිනි

April 22, 2020 at 3:00 pm | lanka C news
ජනතාව අතර කොරෝනා පැතිරීමක් නෑ.. හෙට වුවත් රට සාමාන්‍ය තත්වයට ගෙන ආ හැකියි..- සෞඛ්‍ය ඇමතිනි

කොරෝනා වෛරසය මෙරට ජනතාව අතර ව්‍යාප්ත වෙන තත්ත්වයක් නැති බවත් මහජනතාව අතර බෝවීමක් සිදුවන්නේ නැති බවත් සෞඛ්‍ය ඇමතිනිය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

එනිසා හෙට වුවද රට සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට හැකියාව ඇති බවත් ඇය පැවසුවාය.

අද වන විට රෝගීන් හමුවන්නේ නිරෝධායන මධ්‍යස්ථාන ඇතුළු සහ ආරක්ෂණ පද්ධතිය ඇතුළතින් පමණක් බවත් ඇය සඳහන් කරයි.

එනිසා රටේ ආර්ථිකය ගැන සිතා දැනට මෙම සීමාවන් ලිහිල් කිරීම් සිදුකර ඇති බවද ඇය සඳහන් කළාය.

ලොව දියුණුම රාජ්‍යයන්ට වසංගතය පාලනය කරන්න බැරිව අසීරු තත්වයක සිටියදී ශ්‍රී ලංකාව රටක් ලෙස ඉතා අමාරුවෙන් ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මෙය සාර්ථකව මර්දනය කරමින් සිටින බවද ඇය පැවසීය.

සෞඛ්‍ය ඇමැතිවරිය මෙම අදහස් පල කරන ලද්දේ හෝමාගම මූලික රෝහලේදී මාධ්‍ය අමතමිනි.

597 views

37 Comments to “ජනතාව අතර කොරෝනා පැතිරීමක් නෑ.. හෙට වුවත් රට සාමාන්‍ය තත්වයට ගෙන ආ හැකියි..- සෞඛ්‍ය ඇමතිනි”

  1. sena says:

    ඇයි කොරොනා ඔබතුමිය පොද්ගලිකව හාදුරනවාද

  2. Lakmal says:

    Mental women , I think former minister Rajitha has more capacity

  3. Abba says:

    Too early to talk like this

  4. උදාර says:

    ඔව් මැඩම්,
    කොරෝනා පැතිරෙන්නේ වඳුරන් අතරෙ නේද..?

Main News